රළු සුමුදු පෙති !
මලක පෙත්තක් ඇති
සැඩ සුලඟේ හැපි හැපී
වේදනා විඳ විඳ
ආදරයේ වේදනාවත්
සතුටක්යැ කියන!
අනෙක් පස හැරී
කාටවත් නොපෙනෙන්න
කඳුළු පිස දමන,
යලිත් ඉදිරිය බලා
සිනා මුව පෙන්වන!
මලක පෙත්තක් ඇති
බඹර තුඩු ඇනී ඇනී
සියොලඟම රිදුම් දෙන අතර
වේදනාවෙන් තොර
ආදරයක් නැතැයි
කොඳුරන !
ලොවම නිදිගත් පැයේ
රහසින් ඉකිබිඳින!
මලක පෙත්තක් ඇති
දුක් කඳුලු වේදනා
මලක් නම් උරුම යැයි සිතන!
හෙට මිලිනවන බව දැන
අද ඇතිතරම් හිනාවෙන්
ලොවට සුවඳ දෙන !
Photo by Evan Kirby on Unsplash
අපූරුයි දුකා. කාලෙකින් ලස්සන නිර්මාණයක්.
ReplyDeleteජයවේවා!!!
තැන්කූ දුමී . . !
Deleteඔයාගේ කවි නිසඳැස් නම් අහලකටවත් එන්න අපිට ලියන්න බෑ ඉතින් :D
ඒ්ක ලස්සනයි අයියණ්ඩි.
ReplyDeleteතැන්කූ දිනිතියෝ !
Deleteඊයෙ රෑ ඉදල මැදපෙරදිග සක්රිය වෙලා... චියර්ස්
ReplyDeleteඅපා එහෙමත් එකක්ද?
Deleteතව කවුද බන් ලිව්වේ
හෙ හෙ හේ
+++++++වැටක් ගැහුවා
ReplyDeleteතැන්කූ ආ
Deleteපදපෙලේ kaleidoscope රූප රටා බොහෝ සුන්දරයි
ReplyDeleteවචනේ තේරුම ගූගල් කරලා හොයා ගත්තා ඩීන් අයියා . . !
Deleteසන්තෝසයි ඒ විදිහට මේක දැක්ක එක !
:)
Deleteසුමුදු මල් පෙත්තක් වෙති
ReplyDeleteරුදුරු කටුවකින් රැකවරණය යදින
රළු නමුත් ඒ මල් පෙති
බෙදයි සුවඳ ලොබ නැතුවම ලොවට
ආදරය සුන්දර වරදකි.
ReplyDeleteවිචාරක දියණිය