Wednesday, October 19, 2016

සිහිනෙන් දිව ගෑ සුවඳක් මෙන් !


"මචං උඹට මතකද මීට අවුරුදු 25කට විතර කලින් උඹයි, නංගියි, තව යාලුවෝ සෙට් එකකුයි උඹලගේ යෞවන සමිතියේ කොන්සර්ට් එකක නැටුවා"

ගිය ජූලි අගෝස්තු නිවාඩුවේදිත් පොඩි වෙලාවකට හරි කියලා පරන යාලුවන්ව බලන්න කියලා සමරේවයි (සමරසිරි) මෛත්‍රීවයි බලන්න ගිය වෙලාවේ සමරේ ඇහුවා

"අඩේ ඔව් ඇත්තෙන්ම අවුරුදු 26ක්. එතකොට මට අවුරුදු 17යි නංගිට 14යි, ඒ මචං උපාලි කුමාරවංශ අයියගේ මූලිකත්වයෙන් හදපු ශෂිකලා රසික හවුල යෞවන සමාජයේ"

"උඹලා නැටුවේ කපිරිඤ්ඥා නැටුමක් මතක හැටියට ආජු තපර ලායිලා සින්දුවට"

"මටත් සින්දුව නැටුම මතක නෑ බන් ඒත් අපි මාර ජොලියක් ගත්තා කියලා නම් මතකයි. මම, නංගි, නංගිගේ හොඳම යාලුවා හිමාලි, උඩහමුල්ලේ අෂාන්, ශාලාව පාරේ බුද්ධිකා, තරංග අනිත් හිටපු උන් මතක නෑ බන්"

"උඹලා අපේ පැත්තට ආපු ආලුතනේ ඒකෙන් පස්සේ තමයි අපි උඹලා එක්ක යාලුවෙන්න ට්‍රයි කලේ"

"බලහන් අවුරුදු 26කට එහා මතකය තාමත් කොයි තරම් සුන්දරද?, උඹට ස්තූතියි බන් ඒ සිහිනෙන් විඳපු සුවඳක් වගේ මතක් කරන කරන වාරයක් පාසා සුවඳ හමන අතීතේ සිදුවීමක් මතක් කලාට"

නිවාඩු ඉවර වෙලා අබුඩාබි ආවේ අගෝස්තු 7 වෙනිදා. අගෝස්තු 9 වෙනිදා SLQS-UAE එකෙන් මේල් එකක් එනවා මෙන්න මධ්‍ය ගිම්හාන සුහද හමුව සැප්තැම්බර් 23 පැවැත්වෙනවය, ඒකේ පර්ෆොර්ම් කරන්න කැමති අය ඉදිරිපත් වෙන්නය කියලා.

අර කිව්ව සිහිනෙන් දිව ගෑ සුවඳේ මතකය රැඳිලා ඉන්න අතරෙම නදීශාගෙනුත් අහලා බලලා ඒ ගමන්ම එක සැරේට මතකෙට ආව කට්ටියක් එකතු කරගෙන වට්ස් ඇප් ගෲප් එකක් හැදුවා - SLQS-GTG-Dance

"කස්ටිය මොකෝ කියන්නේ? සමන් අයියා, ඩිලංක ඇතුලු ඕගනයිසින් ටීම් එකේ ආරාධනාව පිලිගෙන අපි වෙනස්ම දෙයක් කරමුද?"

"ම් ම් ම් වෙනස් දෙයක් කිව්වේ?"

"අපි ගෲප් කපිරිඤ්ඥා ඩාන්ස් එකක් කරමුද?, මෙහේ කිසිම ගෙට් ටු ගෙදර් එකක එහෙම එකක් මම දැක්කේ නෑ. මොකෝ කියන්නේ?"

ඔන්න ඉතින් පටන් ගත්තා කට්ටියගේ බැරි බැරියාව.

"සින්දුවක් නම් කියමු"

"නටන්න බෑ මිනිස්සු හිනා වෙයි අයියෝ මොන ගොන් පාර්ට් එකක්ද කියලා"

"දැන් වයසයි ඕයි - මහත වැඩී නටන්න බෑ"

"හරි අයියා මීට කලින් වෙඩිමේදි නැටුවා මිසක් නටලා නෑ, ඒත් කරනවනම් කරමු" කියලා කෝල් එකක් දීලා කිව්වේ පුබුදු මල්ලී විතරයි.

මම සාමාන්‍යයෙන් දෙයක් කරන්න ඕන කියලා හිතුවොත්, ඒක කරන්න බෑ කියලා කොයි තරම් සාධනීය හේතු තිබ්බත්, එක සැරයක් වත් උත්සාහ නොකර අතෑරලා දාන්න ලෑස්ති කෙනෙක් නෙමේ.

කොහොමත් පිලිතුරු වල යටිපෙල කියෙව්වාම තේරුනු දේ තමා කට්ටිය කැමතී ඒත් අනිත් මිනිස්සුන්ගේ ප්‍රතිචාර වලට බය නිසා අකමැතී කියන දේ.

ගෲප් එකේ කට්ටියගේ නෙගටිව් කොමෙන්ට් ගැන හිත හිත බ්ලොග් පෝස්ට් එකක් ලිව්වා - සතුට මිසක දුක මොකටද !

//මේඛලා ගමගේ ගේ අහන් ඉන්න අහගෙන ඉන්න ගීතයේ "සතුට මිසක දුක මොකටද" කොටස හැමදාම මගේ හිත කොහේදෝ ලෝකෙක අතරමං කරනවා කියා මට සිතේ.

දෑසින් ලෝකය දකින්නට වරම් නොලද ඇය "සතුට මිසක දුක මොකටද" කියා අසන වාරයක් වාරයක් පසා මගේ හිත මගෙන් පිලිතුරක් නැති ප්‍රශ්නයක් අසයි.

කිසියම්ම වූ ශාරීරික අඩුපාඩුවක් සමඟ ලෝකයට පා තැබූ අය සියල්ලෝමත් ඒ අඩුපාඩු අමතක කොට ජීවිතයේ ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ගතකරන්න උත්සාහ කරද්දී . . . කිසිම අඩුපාඩුවක් නොමැතිව ලෝකයට බිහිවූ බොහොමයක් දෙනා නැති ප්‍රශ්න සාදාගෙන ජීවිතයෙන් සතුට බැහැර කරන්න උත්සාහ කරන්නේ ඇයි.//

රටේ ලෝකේ කටවල් වලට බයේ කිසිකෙනෙක්ට හානියක් නැතත් තමන්ට සතුට ලැබෙන දේවල් කරන්න බයවෙන මිනිස්සු ගැන හිතලා මම එහෙම ලිව්වා.

"මේකත් කියවලා බලහල්ලා" කියලා බ්ලොග් පෝස්ට් එකේ ලින්ක් එක ගෲප් එකේ ශෙයා කලාට පස්සේ ඒක කියෙව්වා නොකියෙව්වාද මන්දා, කීප දෙනෙක්ට තියාශා නංගී බලකරපු නිසාද මන්දා ඔන්න කට්ටිය සෙට් වුනා වැඩේට. ඒක කෙටියෙන් සරලව කියනවා නම් මෙහෙමයි

“සමන් අයියා, ඩිලන්ක ඇතුලු සංවිධායක මණ්ඩලයේ ආරාධනාව පිලිගෙන අපි වෙනස්ම දෙයක් කලෙමු. කොරින් අල්මේදාගේ "පෘතුගීසි අපිට කියල දුන්නු තාලේ" ගීතයට කපිරිඤ්ඥා නැටුමක් නැටුවෙමු. ගීත් ප්‍රසාදි සහ නදීෂා නැටුම සකස් කලෝය. බෙනඩික් ලවා ගවුම් මස්සවාගෙන, රිෂානි ලංකාවෙන් ගෙනා මල් ගෑනු ළමෝ කොන්ඩේ ගසා සැරසී සිටියෝය. සුභාෂ්-නදීෂා, පුබුදු-උදේශිණී, සමීර-රශිනි, ශාකීර්-රිෂානි, ලලිත්-ශෂිකලා එසේ නැටූ කන්ඩායම වේ”

මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.



ඇත්තෙන්ම මොන ගොන් පාර්ට් එකක් ද කියලා හිතෙන්නත් පුලුවන්. ඒත් අවුරුදු 26කට කලින් ගොන් පාර්ට් කියලා මිනිස්සු කියන ජාතියේ දෙයක් කරලා මතක් වෙන මතක් වෙන සැරේට සිහිනෙන් දිව ගෑ සුවඳක් වගේ දැනෙන සුන්දර මතකයක් එකතු කරපු ජීවිත අත්දැකීමක් මේකෙනුත් ලැබෙයි කියලා මම නම් විස්වාස කරනවා.

මේ ඉන්නේ අපි 4 දෙනා ඩාන්ස් එකට රෙඩි වෙලා ඉන්න වෙලාවේ (නදීෂා ඒ විදිහේ ගවුමක් ඊෂාටත් මැහුවා)

සමහර විට බැරිවෙලාවත් තව අවුරුදු 26ක් ඉස්සරහට ජීවත් උනොත් මේ අත්දැකීම් දෙකේම මතකය දත් නැති කටෙන් තලු මර මර රසවිඳින්න පුලුවන් වෙයි !

තව දෙයක්, වීඩියෝ එක බලනවානම් අයියෝ ඩේටා කියලා හිතන්නේ නැතුව නැටුම ඉවර උනාට පස්සේ How they made this Dance කොටස අනිවාර්යෙන් බලන්න. දක්ෂ ඡායාරූප සහ කැමරා ශිල්පී මොහාන් දිලිප් මල්ලී වීඩියෝ එක හදලා තියෙනවා බලන අයට බඩ අල්ලන් හිනා වෙන්න පුලුවන් විදිහට !

කාංචනා නංගීයි ගයාන් මල්ලියි රෙකෝඩ් කරපු වීඩියෝ එක ෆේස් බුක් එකේ ශෙයා කරද්දී හැමෝටම වගේ නම් ගම් ඇතුව ස්තූති කරපු නිසා මේ පෝස්ට් එකේදි පොදුවේ "අපේ මේ පිස්සු වැඩේට සහයෝගය දුන්නු හැමෝටම ගොඩාක් ස්තූතියි" කියලා විතරක් කියනන්ම් !

මේ ඉන්නේ ඉතින් ඩාන්සින් පාට්නර් ඇන්ඩ් ලයිෆ් පාට්නර් 

Tuesday, October 11, 2016

ඉතින් අවසරයි !


ප්‍රිය සබඳ
වසර ගනනක් යොදුන් ගනනක්
තුටින් එක මඟ 
එකට ආ බව සැබවි
ඉදිරියටද එකම දිශානතියට 
යා යුතු වුව
එක මඟ එකට යන්නට 
නොරිසි වෙනවා වන්නට පුලුවන
පැවසිය නොහැකි හෙලිකල නොහැකි 
හේතු බොහොමයක් 
තිබෙනවා වන්නට පුලුවන
අතරමඟ හමුවූ 
තවත් ළබැඳියන් සමඟ
නවමු හැඟුමින් වෙන මඟක 
යන්නට සිතුවාට කම්නැත
අත අත නෑර සිටිය යුතුමයැයි
නියමයන් නැති බව දනිමි
සදාකාලික නොවූ ලෝකේ
සදාකාලික කිසිවක් 
නොමැති බවත් දනිමි
එනමුඳු 
මිහිරි යටගියාවේ නාමයෙන් වත්
හද දොර කවුලු 
සෙමෙන් වසා යනවානම් යෙහෙකි ....!



එක්සත් අරාබි එමීරයේ ශ්‍රී ලාංකික ප්‍රමාණ සමීක්ෂකයින්ගේ සංගමයේ (SLQS-UAE) 2016 මධ්ය ගිම්හාන සුහද හමුව වෙනුවෙන් නිර්මිත සමරු කලාපය වෙනුවෙන් ලියූ නිසඳැස

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails