Monday, August 29, 2016

අනුන්ගේ ලියුම් හොරෙන් කියවන්නෝ !


ඉස්සර ගෙදර ඉන්න කාලේ අපේ අම්මගේ හරිම කැත පුරුද්දක් තිබ්බා. කාට ලියුමක් ආවත් කිසි හෙවිල්ලක් බැලිල්ලක් නෑ එයා කඩලා කියෝනවා.

අනිත් අය තදබල විරෝධයක් දක්වපු බවක් මතක නෑ - මම නම් ගේම ඉල්ලුවා.

"කවුරු එවනවද මොනව තියනවද කවුද දන්නේ" වගේ ලාචෝර් හේතු දැක්වුවාට මම නම් කියලම හිටියේ අනුන්ගේ ලියුම් කියෝන එක මානසික රෝගයක් කියලා.

අවුරුදු 13-14 යෞවන කාලේත් දහම් පාසලේ මම යාලුවෙලා හිටපු ගෑනු ළමයට වෙන එකක්  "මේ ලියුමඅන්න අරයට දෙන්න මල්ලීකියලා දුන්නු වෙලාවකත් තරහින් උනත් ඒ ලියුම කඩලා මොනවද ලියලා තියෙන්නේ කියලා නොකියවපු එකෙක් විදිහට මට සදාචාරාත්මක අයිතියක් තිබුනා කියලා මම විස්වාස කලා ඒ විදිහට කතා කරන්න.

පහුගිය ටිකේ මම පාවිච්චි කරපු HTC ෆෝන් එකේ සිංහල පේන්නේ නැතුවායින් නදීෂාගේ ෆෝන් එක ඉල්ලගෙන යාලුවෝ සිංහලෙන් ලියපු පෝස්ට් කියෙව්වේ.

ඒ වෙලාවක වුනත් ෆෝන් එකේ නොකියවපු මෙසේජ් තිබ්බත් කියවමින් ඉන්න වෙලාවක මම නාඳුනන නදීෂාගේ මිතුරෙක් මෙසේජ් එකක් එව්වත් "මෙන්න ඔයාට මෙසේජ් ආවා" කියලා ෆෝන් එක දෙන්නේ හැම දෙනාටම තමන්ගේම කියලා පුද්ගලිකත්වයක් තියෙන්න ඕන කියලා මම තදින්ම විස්වාස කරන නිසා.

කෙනෙක් කැමැත්තෙන් "මේ බලහන් මේ ලියුමේ තියෙන දෙවල්, මේ මෙසේජ් එකේ තියෙන දේවල්" වගේ පෙන්වන එක වෙනම දෙයක්. එහෙම කරනවා නම් කරන්නේ එහෙම කරන එකෙන් කිසි කෙනෙක්ට හානියක් නොවේ කියලා විස්වාසනම්නේහ්.

ෆෝන් එකකට සොෆ්ට්වෙයාර් එකක් දාන්න, නොදන්න සෙටින්ග්ස් මොනව හරි හදන්න මොකක් හෝ හේතුවකට, ඒ නැතත් ලඟම විස්වාසදායි කෙනෙක් කියල කෙනෙක්ට ෆෝන් එකක් දෙන්නේ විස්වාසයක් ඇතුව.

අර පහුගිය ටිකේ එහෙම ෆෝන් හදන්න දුන්නු කෙනෙක් ෆෝන් එකේ තිබුනු වීඩියෝ අන්තර්ජාලෙට මුදා හැරලා ඒ මිනිස්සුන්ගේ ජීවිත අන්ත අසරන තත්වෙකට පත් කලා මතකයි නේහ්.

හැබැයි ඒ සිදුවීමට විරෝධය දක්වපු ඊනියා නෝනලා මහත්වරු අතරෙත් ඇති මේ වගේ අනුන්ගේ ෆෝන් එකක් අතට ලැබුනාම අනුන්ගේ මෙසේජ් කියවන ජාතියේ උන්.

විස්වාසයක් ඇතුව කෙනෙක් තමන්ගේ අතට දුන් ලියුමක හෝ ෆෝන් එකක ඇති දෙයක් හොරෙන් කියවන ජාතියෙ අසීලාචාර කෙනෙක්ට ලබා දෙන්න ඕන දඬුවම මොකද්ද??

අම්මා, තාත්තා, සහෝදරයෝ, මිතුරෝ, නෙමේ දෙයියාන්නාසේ උනත් - ඒ සම්බන්ධය මුලු හිතින්ම අයින් කරන එක තමයි හොඳම දඬුවම කියලා මම හිතන්නේ.

18 comments:

  1. කතාව ඇත්ත...
    සහමුලින් ම එකඟ වෙමි!

    ReplyDelete
  2. මම නම් ලියුම නොබලාම අරූගේ හොම්බට දෙකක් අනිනවා යකෝ මගේ කෙල්ලට දෙන්න කියල මගේ අතටම ලියුම දෙනකොට. හැක්. මාත් විශ්වාසය කියනෙක උඩිම්ම අගේ කරන එකෙක්. වම් අත නොදැන වැඩ කරන්න මගේ දකුණු අතට පුලුවන්

    ReplyDelete
  3. සහමුලින් ම එකඟ වෙමි!

    ReplyDelete
  4. වැඩේ නම් වැරදියි තමයි. ඒත් ළඟම කෙනෙක්ව ජීවිතයෙන් අයින් කරන්න තරම් ලොකු වැරැද්දක් නෙමේ. මේවා මනුස්සයන් හදාගත යුතු වැරදි.

    ReplyDelete
  5. ඉස්සර මම ජයංගනී නංගිට වෙද විදුහලේ ඉද්දි යවන ලියුම් "අරලගංවිල " පොස්ට් ඔෆිස් එකෙන් උස්සනවා. ඒක කරන්නේ අපේ සුවඳරත්න අය්යා.. එයා ඒ පොස්ට් ඔෆිස් එකේ හිටියේ. එහෙම උස්සන ලියුම් එයා අපේ තාත්තට දෙනවලු. මෙන්න ලින්ක් එක http://helmalu.blogspot.com.au/2016/04/blog-post_24.html කියවන්න.

    ReplyDelete
  6. දඩුවම කුමක්වුවත් වැඩේ වැරදිය. දුකා කියනවා වගේම මේක මානසික රෝගයක් කියලා මටත් හිතෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
  7. ඇත්තම කතාවක් එකග වෙනවා එකෙන්ම.
    http://ranwanmakara.blogspot.com/

    ReplyDelete
  8. 100% එකඟ වෙමි...:) but can we do that forget everything bcoz of one thing ?

    ReplyDelete
  9. මගේ නම් බල්ලවත් ඔය අනුන්ගෙ ඒවා හොයන්නෙ නෑ ඕන්..
    ඉතින් ඉතින් මොනාද ලේටස්ට්..

    ReplyDelete
  10. ඇත්ත ඇත්ත... එකඟ වෙනවා...

    ReplyDelete
  11. අනුන්ගේ ලියුම් නොකැඩිය යුතුයි කියලා ඉතා දැඩි තීන්දුවක් සීටිම අනවශ්‍යයි.......ඒ ඒ අවස්ථාව අනුව ඒ දේ තීරණය කිරීමයි යුතු...

    පුරුද්දක් වශයෙන් ඇහිල්ලක් බැලිල්ලක් නැතුව අනෙකාගේ එවාට හොට දැමිම නම් කල යුතු නෑ තමයි.....

    ඔය කොච්චර බණ කිව්වත්, අපේ 2500 සංස්කෘතියක් හෙබි අභිමානවත් හෙලයා ගොසිප් වලට පට්ට ආසයි.....

    දැන් මේ වගේ පොස්ට් එකක් කියවලා උනත්, කරන්නේ ඒ ලීක් උන වීඩියෝව මොකක්ද කියලා හොදන එකයි...

    ReplyDelete
  12. අනුන්ගේ පෞද්ගලික දේ දිහා ඇහැක් ඇර නොබලමි, හැබැයි යමක් මගෙන් හංගන්න වීශේෂ උත්සහයක් ගන්නා බව තේරුනොත් නම් ඉතින් නොබලම බෑනේ, ස්වයං ආරක්ෂාවට තර්ජනයක් වෙන්නත් පුළුවන්නේ, මම හිතන්නේ ඒක අයිතිවාසිකමක් වෙන්නැති.

    මම අසා ඇති විදිහට ළමයෙකුට අවුරුදු 16 වන තුරු නිත්‍යානුකූල දෙමාපියන්ට / භාරකරුවන්ට අයිතියක් සහ යුතුකමක් තියනවා ඒ ළමයාගේ පෞද්ගලික දේ ගැන සොයා බලන්න.

    ReplyDelete
  13. මානසික රෝගයක් ද කියලනං දන්නෙ නෑ. ඒත් සදාචාරය අතිං නම් හොඳ වැඩක් නෙවේ. අපේ අම්මත් හෝල්සේල් ගෙදරට එන ඔක්කොම ලියුං කැඩුවා

    ReplyDelete
  14. දඬුවම නම දන්නෙ නෑ දුකා. නමුත් මම උඹට සහතික වෙනවා මම හෝ අපේ පවුලේ කෙනෙක් කවදාවත් නොකරන වැඩක් කියලා ඕක.

    මම මුලින්ම ඕක ඉගෙනගත්තේ තාත්තගෙන්. අනුන්ට ආපු පියුමක් දිනපොතක් තියා, තව කෙනෙක් කියවන පත්තරේට පොතට වත් එබිලා හෝ නො එබී කියවන එක මහම අශීලාචාර වැඩක් හැටියට තමයි තාත්තා දැක්කේ.

    ඒකට එයා කතාවකුත් කියා දුන්නා. මෙන්න මෙහෙම.

    ඔන්න එක ධනවත් නමුත් බුද්ධිමත් ව්‍යාපාරිකයෙකුට හිටියලු ඔය ජරා පුරුද්ද තියෙන සේවකයෙක්. දවසක් ව්‍යාපාරිකයා මොනවද ලියුමක් ලිය ලියා ඉන්නකොට සේවකයා කොස්සක් කාමරේ අතු ගගා ඉඳලා. ව්‍යාපාරිකයට තේරුණාලු අරූ කොස්ස අරගෙන පු‍ටුව පිටිපස්සෙ බොරුවට අතු ගගා ලියුම කියවන බව. ව්‍යාපාරිකයා ලිව්වලු මෙහෙම...
    ...ඉතින් වැඩි විස්තර මම පස්සෙ කියන්නම්, මොකද මේ වෙලාවෙ මගෙ පිටිපස්සෙ හිටගෙන ඉන්න බූරුවෙක් මේ ලියුම කියවනවා කියලා. සේවකයා එකපාරටම කිව්වලු සර් මට බූරුවා කිව්වා කියලා. එතකොට ව්‍යාපාරිකයා කිව්වලු මම එහෙම කිව්වෙ නෑ. අනික මගෙ ලියුම හොරෙන් කියවන එකෙකුට මිසක් වෙන කෙනෙකුට මම බූරුවා කියන්නෙ නෑ කියලා.

    ඔය දෙබස ඔය විදිය්ට ඉස්සරහට යනවා. උඹම හිතාගනිංකො. නමුත් සේවකයා ඉගෙන ගන්නවා පාඩමක්.

    දුකා අපරාදේ කියන්න බෑ අපේ ඉන්දියන් සහෝදර සහෝදරියන්ට ඔය පුරුද්ද ලස්සනට පිහිටලා තියෙනවා. අඩුම ගානේ ඒක නරක පුරුද්දක් හැටියටවත් සැලකෙන්නෙක් නෑ ඉන්දියාවෙ මම දන්න විදියට. ඇත්තෙන්ම මට තේරෙන විදියට. උඹට කියන්න, සමහර @#$පුතාලා අපේ ඊ මේල් එක පිටිපස්සෙ ඉඳං කියවලා අමාරු වචන වල තේරුමත් අහනව කියයංකො

    ReplyDelete
    Replies
    1. And my comment is longer than your post. LOL

      Delete
  15. ඔය දේ සාපෙක්ශයි නේද දුකා ? අම්මගෙන් ඇහුවා නම් එයාටත් මේ කතාව ගැන කියන්න වෙන හේතු හුඟක් තියෙන්න පුලුවන්.
    දුකාගේ දරුවෝ කවදහරි දවසක බ්ලොග් එකක් ලිව්වොත් දුකා ගැනත් මීට වඩා දේවල් ලියන්න පුලුවන්.

    ReplyDelete

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

මේ ලිපිත් කියවල බලන්න

Related Posts with Thumbnails