Thursday, April 25, 2013
මම සතුටින්ද?
මට සතුටින් ඉන්න ඕනම නම් ඕන කරන දේවල් මට තියෙනවා. ඒත් මම සතුටින්ද?
ඇත්තෙන්ම මටම ශුවර් නෑ වගේ.
මම වැඩිය කැමති සතුටින් ඉන්නද? එහෙම නැතිනම් මම සතුටින් ඉන්නවා කියලා අනෙක් අයට පෙන්නන්නද?
මට ශුවර් නෑ වගේ.
මම වැඩිය සතුටක් ලබන්නේ මට සතුටු වෙන්න පුලුවන් දේවල් විඳලා සතුටු වෙලාද එහෙම නැතිනම් අනෙක් අයට ලබන්න බැරි දේවල් මට ලබා ගන්න පුලුවන් කියලා අනෙක් අයට දැන ගන්න සලස්වලා ඒකට ඒ අය ඉරිසියා කරනවා කියලා හිතලද?
මට තාමත් ශුවර් නෑ වගේ.
මෙහෙම කියමු.
ගෙවල් දොරවල් ගැන හිතමු. මට සාලෙයි කෑම කාමරෙයි එකට එකට තියෙන, කාමර දෙකයි කුස්සියයි ටොයිලට් එකයි වැරැන්ඩා එකකුයි තියෙන තනි තට්ටුවේ පොඩි ගෙයෙක තිබ්බ නම් හොඳටම සතුටින් ඉන්නවා. ඇයි අතුගාන්න, හෝදන්න, අස් පස් කරන්න ලේසියි.
ඒත් මට ඇයි තට්ටු දෙකේ ගෙයක්ම ඕන උනේ? ටීවී රූම්, වෙනම කෑම කාමර, පැන්ට්‍රි, ටොයිලට් දෙක තුනක්.
පිස්සුද මන්දා.
නෑ මට ඕන උනේ උඹලට වඩා ලොකු ගෙයක් මට තියෙනවා කියලා හිතින් ස්වයංවින්දනයක යෙදෙලා ආතල් ගන්න. එහෙමත් නැති නම් අඩේ මූට ලොකු ගෙයක් තියෙනවනේ කියලා අනෙක් උන් ඉරිසියා කරයි කියලා හිතලා ආතල් එකක් ගන්න.
යාන වාහන ගැන හිතුවොත් . .
කාර් එකක් අරගෙන හම්බකරන තුට්ටු දෙක පෙට්රෝල් වලට, සර්විස් වලට යට කරනවට වඩා සෙනග එක්ක තෙරපිලා යන්න උනත්, වෙලාවට යන්න බැරි උනා උනත්, දාඩිය දැම්මත්, අනුන්ගේ දාඩිය ගඳ ඉවසන්න සිදුවුනා උනත් පාරේ බස් එකේ කෝච්චියේ යන එකේ ගතියක් තියෙනවා.
නෑ නෑ යකෝ ජැක් ගහන / ජැක් වදින එක විතරක් නෙමේ . . ගෙන්දගම් පොලොවේ පය ගහල ඉන්න මිනිස්සු එක ගැවසෙන්න ලැබෙන එක . . .
ඔක්කෝටම වඩා ලොකුම දේ පොකට් එකට වාසි දායක වීම.
ඒත් මට ගේ ඉස්සරහා පාර්ක් කරලා තියන්න කාර් එකක් ඕන.
ඇයි ඒ? යකෝ ක්ලාක් කෙනෙක් වෙච්චි අල්ලපුගෙදර එකාටත් කාර් එකක් තියෙද්දී මට නැතුව කොහොමද? අනෙක් උනගේ ඒවට වඩා වැඩි ගානක එකක්ම ගන්න ඕන.
සල්ලි? හරි හරි සල්ලි නෑ තමා ලොකු ලෝන් එකක් හරි දාලා ගන්න ඕන. කෑම බීමට වියදම් කරන එක අඩු කරලා හරි ගන්න එක උන්ට ඉරිසියා හිතෙන්න ගාන වැඩිම එකක් ගන්න ඕන.
මෙන්න මෙහෙමයි මම හිතන්නේ. අතේ කීයක් හරි ඉතුරු කරගෙන ඒ සල්ලි වලින් ආස රෙස්ටෝරන්ට් වලින් කාලා බීලා, යාලුවෝ එක්ක ට්‍රිප් එකක් ගිහින්, ගෙදර අය එක්ක ෆිල්ම් එකක් බලලද මම සතුටු උනේ?
නෑ . . අනෙක් අයට පෙන්න ගේ ඉස්සරහා ලොකු ගානක කාර් එකක් පාර්ක් කරලා තියලා ඒක දැකලා අනෙක් අය මට ඉරිසියා කරයි කියලා හිතලා තමයි මම සතුටු වෙන්නේ.
කෑම බීම ගැන හිතුවොත් . . .
අම්ම හරි වයිෆ් හරි උයන සුදුහාලේ බතට පරිප්පු හොද්දයි හාල් මැස්සෝ බැදුමයි එක්ක බත් ටිකක් කන එකේ සතුට වෙන මොන කෑමක වත් නෑ.
ඒත් මට එහෙම කන එකට වඩා ලොකු ෆයිව් ස්ටාර් හෝටලේක ඉටෑලියන් රෙස්ටෝරන්ට් එකකට ගිහින් ස්පැගැටි හරි ලසඥ්ඥා හරි කෑමක් ඕඩර් කරලා ෆෝන් එකෙන් ෆේස්බුක් ලොග් වෙලා හෝටලේ චෙක් ඉන් වෙලා ආපු කෑම එකේ පින්තූරයක් අරගෙන "ම්ම්ම්ම්ම් යමී .. යමී" කියලා පින්තූරේ ෆේස් බුක් එකේ දාලා අනෙක් උන් "යකෝ මූ ෆයිව් ස්ටාර් හොටෙල් වලින් දැන් කන්නේ බොන්නේ කියලා හිතයි කියලා ගන්න ලාමක ආතල් එක. හා නැද්ද?
ඔහොම බැලුවාම කොයි තරම් නම් ජාති තියේද?
හිල් හිල් තියෙන ඩී.එස්.අයි සෙරෙප්පු දෙක කොයි තරම් සැහැල්ලුවක් සතුටක් කකුලට ගෙනාවත් මට ඕන ගමනක් යද්දී කකුලට හිර උනු නයිකි සපත්තු දාන්න.
පේමන්ට් එකෙන් ගත්තු හොඳට දාඩිය උරන කපු ටී ශර්ට් එකට වඩා මම කැමති මහ දවාලේ උනත් තද පාට ලකොස්ටේ ටී ෂර්ට් ඇඳන් යන්න.
අතේ, කරේ, ඇඟිලි වල එක ජාතියේ මාල, වළලු, මුදු හිර කරන්, එල්ලගෙන ඉන්න එක කොහොමත්ම සතුටක් නෙමේ. ඒත් මට ඕන ලොකු ලොකු චේන් බෙල්ලේ එල්ලගෙන, බ්රේස්ලස් ඔරලෝසු අතේ බැඳගෙන, මුදු ඇඟිලි වල හිරකරගෙන ඉන්න.
නෑමේ ආතල් එක ගඟක ඇලක බැහැලා නාන එක තරම් වෙන මොකේවත් තියෙනවද? නැතිම උනොත් ලිඳෙන් ඇදගෙන නාන එක උනත්. ඒත් මට ඕන ලොකු ලොකු හෝටල් වල සවුනා වලින්, ස්ව්මින්ග්පූල් වලින්, ස්ටීම් බාත් එකෙන් නෑවා කියලා ෆේස්බුක් ස්ටේටස් දාන්න.
ඔව්වා මෙව්වා හිතුවාම තමා මට ඔලුව මඥ්ඥන් වෙන්නේ ඇත්තෙන්ම මම සතුටු වෙන්නේ මම සතුටක් විඳින්න කැමති දේවල් විඳලද එහෙම නැති නම් මම විඳෝලා හරි මම වටේ ඉන්න අනෙක් උන්ට පේන්න දේවල් කරලා උන් මගේ ගැන ඉරිසියා හිතනවා ඇති කියලා මානසික ස්වයංවින්දයනක් ලබන එකෙන්ද කියලා.
පලි: මේකේ "මම" කියන වචනේ මේක ලියපු එකාට විතරක් ආදේශ නොකර කියවන තමන්ටම අදේෂ කරගෙන කියෙව්වා නම් වැඩිපුර ආතල් ගත හැකි බව කරුනාවෙන් සලකන්න.
Pic From: http://aspireid.com/
මටත් අම්මප ඕක හිතිලා තියෙනවා , මම සතුටින් ඉන්නේ මට ඕනේ නිසාද අනුන්ව සතුටු කරනද කියල,
ReplyDeleteඑහෙම බැලුවම මම සතුටින් ඉන්න ඕනේ විදිය ගැන හිතන්නත් බය විදියට හිතෙන්ම යදම් බැදලා තියෙන්නේ
අම්මපා... ඇත්ත.. මම හෙණ නරකයි..
ReplyDeleteදෙයියනේ කියල මම නම් මට සතුටුවෙන්න පුළුවන් එව්වා විදින එක තමා කරන්නෙ... හැබැයි මට තේරිලා තියෙන විදිහට එහෙම සතුටුවෙන්න හුරුවෙන එක මිනිහෙක්ගෙ දියුණුවටනම් බාධාවක්ද මන්දා..
ReplyDeleteඅපට ලැබෙන දේවල්. හම්බ කරන දේවල් අතර අපි සතුටක් ලබනව.
ReplyDeleteඒත් තාවකාලිකයි හැම දේම.
අපිට පිස්සු බං! අපි අපිවම රවට්ට ගන්නවා විතරයි!
ReplyDeleteඔයා පෝයට සිල් අරන් වගේ ;-)
ReplyDeleteමේකත් අර ෆැන්ටසි කියන එකේ තව වර්ෂන් එකක් මම අහල තියෙන විධියට. 'වෙන මිනිහෙක් අපි ගැන මෙහෙම හිතනව ඇති' කියන ආතල් එක ගැනීම. ගොඩක් විට මේ ආතල්වලට අපිව පොළඹවනව ඇඩ්වර්ටයිසිංවලින් සහ වෙනත් බාහිර සාධකවලින් (වයිෆ්, අසල්වැසියා, යාළුවෝ) නමුත් කිසිම දෙයක් නැතිව සතුටින් ඉන්න 'අත්හැරීම' කියල ක්‍රමයක් ගැන හෙන බර කාලෙකට කලින් ඉඳන් අපි දන්නවා. අදටත් ගොඩක් දෙනෙක්ට ඒ ක්‍රමයට අදාල මූලික පාඨ කට පාඩං. ප්‍රැක්ටිකල් නැති එකයි කේස් එක. :-)
මම නම් දැනට සතුටින්... එකම දුක තියෙන්නෙ අම්මගේ අසනීප තත්ත්වය.... ඒකත් හරිගියාම මම සතුටින්..
ReplyDeleteමොකද කියනවා නම් මම ලද දෙයින් සතුටු වෙන නිසා...
ඕන වෙලාවක ඕන දෙයක් කියන්න පුළුවන් මටම හරියන බිරිඳක්, දැක්කාම හිත පිරෙන දරුවෙක්, දෙයියනේ කියලා යමක් කමක් කරගන්න පුළුවන් අධ්‍යාපන තත්ත්වයක්, පිටුපාන්නෙ නැති සහෝදරයෙක් සහ සහෝදරියක්, ඕන දෙයක් කතා කරන්න පුළුවන් දෙමාපියො දෙන්නෙක් ඉන්නකොට ඊට වඩා දෙයක් කොහෙන්ද ?
මම දැන් නම් සතුටින්... පහුගිය මාස හයේ නම් හිටියෙ දුකෙන්... දැන් සතුටින්...
ක්‍රියාත්මක කරන්ඩ අමාරුම ඇත්ත මේක. හැබැයි ටිකක් අඩුපාඩු වෙනකොට දන්නෙම නැතුව සිද්ද වෙන වෙලාවල් එනවා...:)
ReplyDeleteමලා... මට මෙලෝ රෙද්දක් නැහැනේ බං එහෙම බැළුවම... ඉක්මනට අනිත් උන්ට ඊරිසියා හිතෙන්න මොකක් හරි පොටක් පාදාගන්න ඕන... හිටහංකෝ ණයක් වෙලාවත්... :D
ReplyDeleteඇත්තටම කිව්වොත් අනිත් අයට හිතේ දුක කියන්න බැරි හින්දා, පිටට පෙන්න මම සතුටින් ඉන්නවා.. ඒත් ඇත්තටම ඒක එහෙම නෙවෙයි..
ReplyDeleteමම සතුටින්ද .. නෑ... ඒත් ඔය කියන එක දෙයක්වත් මට එපා... මගෙ කොලු පැටිය එකපාරක් මට තාත්ත කියල කතාකලොත් ලෝකෙ සතුටෙන්ම ඉන්න තාත්ත මම.
ReplyDeleteමට නැති අනිත් උන්ට තියන දේවල් දැක්කහම , පුංචි ඉරිසියාවක් එක්ක අනේ මටත් තිබුනානං කියලා හිතට එනවා තමයි, ඒ උනත් හැමදේම ගොඩගහගන්ඩ දගලලා විදව විදවා ජීවත් වෙනවට වඩා , යාන්තමට ජීවත් වෙන්න උපයලා , අවශ්‍යම දේවල් විතරක් ලබාගන , සැහැල්ලුවෙන් ජීවත් වෙන එක තරම් දෙයක් තවත් තියනවද,
ReplyDeleteකොහොමත් ලංකාවෙ ජිවත් වෙනවානම් ඔය ෂෝ රැල්ල තියෙන්නම වෙනව.පිට අයගෙන් කෙසේ වෙතත් තමන්ගෙ අය අතර තියෙන තරගය.
ReplyDeleteමම සහ බිරිද අද සතුටු වෙනව අපේ දුව/පුතා,තමන්ගෙ සහ පිට අයගේ එම රැල්ල නොදැක පොඩි කල සිටම චාම් ජිවිතයකට හුරුවීම ගැන.
ඒකනේ සුද්දා 'බී යොර් සෙල්ෆ්' කියලා තමන්ට කැමති දේ කරලා ආතල් එකේ ඉදල මැරිල යනවා...අපි සංස්කෘතිය්ටයි, අනෙක් අය්ට මහන්තන්න්තෙ පෙන්නනයි ජීවීතේම වැය කරලා හූල්ල හූල්ල මැරිලා යනවා.......'බි යොර් සෙල්ෆ්'
ReplyDeleteකොච්චර නෑ කීවත් අපි කවුරුත් එක් එක් ප්රමාණ්වලට අපේ කැමත්ත නිසා හෝ අපි සමග ඉන්න අපේ අයගේ බලපෑම නිසා හෝ ඒ දෙකම නිසා අඩු වැඩි වශයෙන් ඔහොමයි..
ReplyDeleteමම සතුටින්..හැක්..
ReplyDeleteඅනේ ... මම සතුටින්ද ? අනේ මංදා ...
ReplyDeleteකතාව හරි ..මේ තරම්ම නොවුනත් මමත් මාව රවට්ටගන්නවා
ReplyDeleteමම නම් සතුටින් නෙමෙයි ඉන්නේ. අවුල තියෙන්නේ මට සතුටු දේවල් කරන්න ගියොත් එහෙම වටේ පිටේ ඉන්න අය හිතන්නේ මට පිස්සු කියලා
ReplyDeleteමොනදේ උනත් හැමදේම වෙන්නේ මිනිස්සුන්ට කියලා හිතාගෙන සතුටින් ඉන්න මහන්සි ගන්නවා මං
ReplyDeleteමම ජීවිතේ හැමදාම සතුට හෙව්වෙ සරල පුංචි දේවල්වලින්.. අනිත් අයගෙ සතුට වෙනුවෙන් යමක් කරලා.. තාමත් බාගෙට හදපු තනි තට්ටුවෙ පොඩි ගේ... කරන්ට් එකත් අරන් නැති හින්ද සති අන්තෙ ගෙදර ගියාම කුප්පි ලාම්පුවයි, චිමිනි ලාම්පුවකුයි පත්තු කර ගෙන ඉන්නවා... දුකා අයිය කියල තියෙන විදියට වඩා වෙනස් විදියට ජීවිතේ සතුට හොයන කෙනෙක් මං...
ReplyDeleteඒත් ඇත්තටම මේ දවස්වල මං ඉන්නෙ සතුටින් නං නෙවෙයි... දුක තියෙන්නෙ කාටවත් උදව්වක් කරන්න අත මිට හයියක් නැති කමට.. මිනිස්සු දුක් විදින හැටි බල බල බකංනිලාගෙන ඉන්න වෙලා තියෙන එකට... මේ තරම්ම අසාධාරණ, අයුක්ති සහගත වැඩ වෙද්දි කිසිම අවුලක් නෑ වගේ අපි ඔහේ ඉන්න එකට....
අනේ මන්ද.. වෙලාවකට හිතෙනවා මං දුක හොයාගෙන ගිහින් තියන සතුට නැති කර ගන්නවද කියලත්...
අනික් එවුන් සතුටු කරන්න දුක් විඳගෙන මහන්සිවෙලා ආතල් එකක් ගන්නවට වඩා, නැත්තම් නෑ කියලා පාඩුවේ ඉන්න එක හොඳයි.
ReplyDeleteඒත් ඉඳලා හිටලා හරි එහෙම ආතල් එකක් ගත්තේ නැත්තම් ලයිෆ් එකේ කිසි කික් එකකුත් නෑ වගේ. :D
හ්ම්ම්ම්...................
ReplyDeleteඔය විදියට සතුටින් ඉන්න ගිහිල්ල අන්තිමට ඉතුරු වෙන්නෙ 'වටේ පිටේ ඉන්න මිනිස්සුන්ට වඩා මම රට වටේට ණය කාරයෙක් ඉතිං මට සතුටු නැද්ද' කියන සතුට විතරයි.
ReplyDeleteමට නම් ඔතන කියන්න තියෙන්නේ සිතුවිලි වල ෆැන්ටසිය සහ යථාර්ථය මේ වෙනෙකාට තේරුම් අරන් ඉන්නේ කියලා...
ReplyDeleteබාටා දෙක, පට්ට ගහපු ඩෙනිම, ගෙදර තියෙන ඇඳයි, ඇඳුම් රැක් එකයි, පොත් මේසෙයි පුටුවයි, ඒක උඩ තියෙන කම්පියුටරෙනුයි, ඉස්සරහා සාක්කුවේ මොබයිල් එකයි, පස්සේ සාක්කුවේ අදට ජීවත් වෙන්න ඇති තරම් සල්ලියි තිබිලා උනත්, එදා ජීවිතේ සන්තෝසෙන් ගත කරන්න පුළුවන්කම් තිබ්බ අපට ඇයි මෙච්චර දේවල් ඕනේ වෙන්නේ පහු කාලෙක සන්තෝසෙන් ජීවත් වෙන්න...
එදා මම හිතුවේ සහ මට හිතන්න තිබ්බේ මම ගැනම විතරක් නිසා.. ඒත් අද වෙනෙකාට මං දිහා බලං ඉන්න මට ආදරේ කරන අය, මම වෙනුවෙන් කරන කැපකිරීම් දකිනකොට මට ඒ අය වෙනුවෙන් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා... එතකොට සන්තෝසේ මගේ විතරක් නෙවෙයි.. ඒ සන්තෝසේ විඳින්නේ මම විතරක් නෙවෙයි...
ඒක හින්දා කාලයක් “ මම” කියලා හිටපු කෙනා පස්සේ කාලෙක “ අපි ” උනාම “ මගේ සන්තෝසයට ’ වඩා ඉස්සරහට “ අපේ සන්තෝසය” එනවා... එතකොට බාටා දෙක, හඩු ගඳ ගමන කාමරේ ජීවිතේට සන්තෝසය ගේන්න මදි වෙනවා....
මං තේරුම් අරන් තියෙන යථාර්ථය මේකයි අද වෙනකොට... හොඳම දේ “ මගේ සන්තෝසය” ‘ අපේ සන්තෝසය” කියන එකම තමයි කියලා තේරුම් ගන්න එක.. අන්න එතකොට ඔය ප්‍රශ්නේ විසඳෙයි කියලා මම හිතනවා....
ඔය එකක් දෙකක් මගේ ළඟ නෑ කියලා පොර වෙන්ඩ මට ඕනෙ නෑ.මගේ ළඟත් ඔය කුහක ගති දෙකක් තුනක් විතර තියෙනවා.හැබැයි දුකා අයියේ ඇඳුම් ගැන කියද්දි නං ඔන්න මම ජොකයි බැනියමුයි හොඳ පහසු වටින ඒවා අරගෙන පාවිච්චි කරනවා මට පහසු සනීප නිසා.හැබැයි ෂර්ට් සහ කලිසම් හෙවත් ලෝකයාට පේන ඇඳුම්නං මගේ ගන්ඩ දෙයක් නෑ.
ReplyDelete@නොහික්මුණු ඇස!
ReplyDeleteකියලා වැඩක් නෑ අයියෝ. . :D
@නීනු!
ඕක කියන්නත් දෙයක්ද බන්? :P
@සාතන් !
භෞතික දියුනුවට නම් බාදාවක් අනිවාර්යෙන්.
@සෑම්!
සදාකාලික දේවල් කොහෙද බන් තියෙන්නේ.
@නාඩියා!
සිරාවට බන් ඒත් වෙන මක්ක කරන්නද?
@හරේ!
හැබෑ සතුටින් ඉන්න ක්‍රමේ දන්නව උනාට ප්‍රයෝගිකව කරන්න නම් උඩුගම් බලා පීනන්න තරම් බය නැති හිතක් තියෙන්නේ ඕන.
@ඇලා!
ලැබෙන , තියෙන දේවලින් සහීමකට පත් වෙලා සතුටු වෙන්න පුලුවන් නම් සිරාවටම හොඳයි. මට තාම ඒ ගානට එන්න බැරි වෙලා තියෙන නිසා මම මටම ආපහු ආපහු කියා ගන්නවා කවදා හරි ඒ තැනට එනකම්.
@මගියා!
ඔව් අප්පා ලේසි නෑ ක්‍රියාත්මක කරන්න නම්
ජීවිතේ තියෙන්නේ විඳින්න මිසක් විඳවන්න නෙමෙයි දුකා. ඕන කෙනෙකුට අයිතියක් තියෙන්න ඕන තමන් කැමති දෙයක් කරන්න.
ReplyDelete@මාරයා!
ReplyDeleteමගුලක් කියනවා. අපිට හොයාගන්න බැරි කෑම ජාති හදලා ෆේස් බුක් එකේ දාලා තෝ ගන්නෙත් මේ ආතල් එකම තමා.
@ශම්මි!
අනේ මන්දා ශම්මි. . කාටවත් පේන්න සතුටින් ඉන්නවා කියල පෙන්නලා වැඩකුත් නෑ ඒත් එහෙම නොකරත් බෑ . .
@සපා!
අපි බලාපොරොත්තු තව අවුරුදු කීපයක් ඉවසලා හිටහන් සපා. හොයල බලල තේරුම් ගත්තු විදිහට මට සීයට දෙසීයක් සුවර් ඒ දවස වැඩි ඈතක නෑ කියලා.
@අටම්!
ඔව් බන් ඉරිසියාව කියන දේ නොහිතෙනවනම් අපි මනුස්සයෝද කියලත් සැකයි. තියෙන දෙයින් සතුටු වෙන්න නම් හොද හයිය හිතක් තියෙන්නේ ඕන බන්.
@කෙන්ජි!
ඒක නම් ඇත්ත බන් එහෙම නොවුනොත් ලංකාවේ සමාජයේ කොන් වෙන්න සිද්ද වෙනවා. පවුල්වල අයගෙන්ම බලපෑම් එනවා "බලහං අරයා මෙහෙම කලා මෙයා මෙහම කලා උඹට තාම මොනවද තියෙන්නේ" වගේ දේවල් කියලා. එතනදි ශෝ එකට යට වෙනවා ඇර වෙන විකල්පයක් නැතිම වෙනවා.
@මයියා!
බී යුවර් සෙල්ෆ් එක කියන තරම් ලේසි නෑ බන්
@සරත්!
සහතික ඇත්ත අයියා.
අපි බොහෝවිට කරන්නේ අපේ ජීවිතවල සමීපතමයන් පිනවීම තමයි දුකා..ඒත් මං නං ජීවිතේ විදින්න කැපවීම් කරනවා...
ReplyDeleteමේක ගැන මම බ්ලොග් පෝස්ට් එකක් ලියලා ඩ්‍රාෆ්ට් එකේ දාලත් තියෙනවා. මේක පේන තරම් සරළ ප්‍රශ්නයක් නෙවෙයි.
ReplyDeleteතරුණයෙක්ට ඔහොම හිටියම කෙල්ලෙක් සැට් කරගන්න බැහැ....ජනප්‍රිය වෙන්නත් බැහැ...
ReplyDeleteබට් ඔය විදියට ජීවත් වෙනකොට මාර ඉරිසියාකාරයො සෙට් එකක් ඇතිවෙනවා...
ප්‍රායෝගිකව මම ඒක විඳිනවා.....
hitata ekangawa man man dihama baluwa... meka patta ayye.. mamath oya wade karala thiyenawa. karanawa. eka minis gathiya..
ReplyDeleteoba semata jaya
වටිනා ලිපියකි.
ReplyDeleteසේන අම්බලන්ගොඩ
ලෝකයා මොනව කිව්වත් තමන්ට දරාගන්න පුලුවන් විදියට ණය නොවී හිතට එකඟව සැහැල්ලුවෙන් ජීවත් වෙන එක තරම් සතුටක් තවත් තියනවද.
ReplyDelete@දේශකයා!
ReplyDeleteඑහෙනම් මදෑ
@ෂමිතෘ!
අනේ මන්දා අපි කොහොමෙයි දන්නේ හික්ස්
@රෙහානි!
ගොඩක් අය එහෙමයි රෙහානි
@මරේ!
ගොඩක් උන්ට ඔය ප්‍රශ්නේ තියෙනවා බන්.
@බට්ටි!
ඔව් අප්පා අන්න එහෙම තමා කරන්න ඕන.
@තරු!
සමහරු මේ ලොකෙට එන්නේ අනුන්ගේ ප්‍රශ්නවලට දෙත දිගුකරගෙන කියලා මම කියෙව්වේ "සොමා ජයකොඩි"ගේ "කර්නල්ගේ බිරින්දෑවරු" නවකතාවේ. ඔයාත් ඒ ජාතියෙද කොහෙද.
@රයිටර්!
නැත්තම් නෑ කියලා පාඩුවේ ඉන්න එක හොඳයි කිව්වට කරන්න ලේසි නෑ බන්.
@අයිලාෂ්!
හ්හ්ම්ම්ම්ම්ම්
@ප්‍රසන්න!
එහෙමයි කියලා එහෙම නොකර බැරි එකට මක්කෙයි කරන්නේ බන්.
@හිරු!
"මං තේරුම් අරන් තියෙන යථාර්ථය මේකයි අද වෙනකොට... හොඳම දේ “ මගේ සන්තෝසය” ‘ අපේ සන්තෝසය” කියන එකම තමයි කියලා තේරුම් ගන්න එක"
අපේ සන්තෝසය කියන සංකල්පය මගේ සන්තෝසය කියන එක ගිලගත්තොත් තමා අවුල.
@දිනුක!
එකකින් දෙකකින් හරි තමන් තමන්ව රවට්ට ගන්නේ නැතුව ඉන්න පුලුවන් නම් වටිනවා බන්.
@මාතලන්!
ReplyDeleteඅයිතිය නම් තියෙනව බන්. අයිතිය විඳින්න ගියොත් සමාජෙන් කොන් වෙනවා. කෝකද තෝර ගන්නේ කියල එකයි අවුල.
@නලින්!
ඔව් තමන් වෙනුවෙනුත් ඩිංගක් හරි ජීවත් වෙන්න ඕන. තමන් එහෙම ජීවත් වෙනවද කියලා තමන් තමන්ගේ දිහා හැරිලා බලලා තීරණය කරන්නත් ඕන හැබැයි.
@ඩූඩ්!
දාපන් දාපන් මචෝ ඒ පොස්ට් එකත්. පහුගිය ටිකේ නිවාඩුව නිසා ගොඩක් පෝස්ට් මිස් උනා. ටික ටික කියවන්න ගන්න ඕන.
@අමිල!
ඒක නම් ඇත්ත. කොල්ලන්ට වඩා කෙල්ලන්ට තමා ඕන ෆැන්ටසියක ජීවත් වෙන්න. උඹ කියන කතාව ඇත්ත.
@දුලාන්!
අපි ගොඩක් අය ඔහොම තමා මල්ලී.
@සේන අම්බලන්ගොඩ!
බොහෝම ස්තූතියි සේන අදහස් දැක්වීමට
@හැලපයියා!
අපිට ඕන විදිහට එහෙම සැහැල්ලුවෙන් ඉන්න දෙනවද අප්පා ලෝකයා?
අපරාදෙ කියන බෑ අවංකයෙන්ම කියල තියෙනවා.. වැඩිපුරම අපි සතුටු වෙන්නේ අපට තියෙනවාට නෙවේ.. අපට තියෙන බව අනිකාට පෙන්නලා ඒ මුණේ ඇඳෙන හිනාව/ඊර්ෂ්‍යාව තුළින් ලබන කුහක තුච්ඡ ෆැන්ටසීමය සතුටකින්.. ඇත්ත..
ReplyDeleteතමන්ගේ සන්තෝසය වෙනුවෙන් ඕන වෙන ආත්ම විශ්වාසය නැති එක තමයි ප්‍රශ්නේ..!!
ReplyDeleteමටනම් හිතෙන්නෙ මේ ගෙවෙන්නෙ මගේ ජිවිතේ අලුතෙන් පටන් ගැන්ම කියල, සමහර කාලවලදි මමත් මෙහෙම දේවල් කලා. ඒත් දැන් හිතෙනවා එහෙම කලා ඇති කියල,, දැන් මම මට ඕනි විදිහට, මට කැමති විදිහට ඉන්නයි හදන්නේ.. ම්හ්ම් දැන් Status Maintain කලා හොදටම ඇති
ReplyDeleteමේ උඩින් රූ කියලා තියන කතාව ඇත්ත... අනික් අයට යම් යම් දේ පෙන්නලා හරි ඒ අයත් එක්ක තමන්ව කම්පෙයාර් කරලා සතුටුවෙන මිනිස්සුන්ට කවදාවත් ඒකෙන් ගැලවීමක් නැහැ. තමන්ට ඇති කියලා හිතෙන තැන්වලදි නවතින්න ආත්ම ශක්තියක් තියෙන්න ඕනේ. තමන්ගේ ඉතිහාසය පීරලා බලන්න ඕනේ තමන් ඇත්තටම සතුටුවෙලා තියෙන්නේ මොනවගේ දේවල් වලින්ද කියලා.. එහෙම හොයාගෙම තමන්ගේ මුදල් ශ්‍රමය කැපකිරීම් ඒ වගේ දේවල් වෙනුවෙන් යොදවන්න ඕනේ. තමන්ගේ තියන හීනමානය නැතිකරගන්න ඕනේ. හීනමානය නිසා තමයි අපි, පේන්න ඉන්න තත්වෙට වඩා වටිනවා, වැදගත් වගේ අදහසක් දෙන ස්ටැටස්, ෆොටෝස් ෂෙයාර් කරන්න පෙළඹෙන්නේ.
ReplyDeleteසතුට කියන එක ගැන මට නිර්වචන නැහැ... සතුට කියන්නේ තමන්ගෙම සතුට විතරක් නෙමෙයි. ඒ නිසා කෙනෙක් සතුටින් ඉන්නවා කියන එක පැහැදිලි කරන්න මම දන්නෙ නෑ. මම දන්න විදිහ තමයි දුක සතුට කියන දෙකට මුහුණ දීමට ඉගෙන ගැනීම. සතුට හොයාගෙන යනවා කියන එකම දුකට පාර කපා ගැනීමක්. අටලෝ දහමෙන් අපිට ඕනේ දේවල් තෝරලා බේරලා ගන්න බැහැ.. ඒවායින් නොසැලී සිටීම තමයි වැදගත්.
මම දෙයක් මිලදී ගන්නකොට ඒ ගැන වගකීමක් දරන්න පුළුවන් තැනකින් මිලදී ගන්න එක මගේ ප්‍රතිපත්තියක්. ඒ වගේම ඕනෑම දෙයක් ගැන පුළුවන් තරම් කියවලා දැනුවත් වෙන එකත් මගේ ක්රමයේ කොටසක්. ඇඳුමක් ගත්තත් ඒවා නිමවලා තියෙන රෙදි වර්ගය, ඒවාගේ කල් පැවැත්ම, පරිසරයට සුදුසු බව, ඇඳීමට සුදුසු කාල වගේ දේවල් ගැන සැලිකිමත් වෙනවා. කොටින්ම මම කොලිටි කියන එක ගැන පොඩ්ඩක් හිතනවා. එහෙම ගත්ත භාණ්ඩ වල කල්පැවැත්ම හොඳයි කියන එක මගේ අත්දැකීමක්. හරිදේ ගැලපෙන දේ ගත්තොත් අපිට සතුටු වෙන්න පුළුවන්. එක් දෙයක් අරගෙන උදාහරණයට කිව්වේ අනිත් දේවල් ගැනත් ඒ වගේමයි. ඔය හැම දෙකම සම්මිශ්‍රණයක් තමයි වටින්නේ. ලංකාවේ හැම මුල්ලකම ගිහින් ඒ පැති වල තියෙන අහාර පාන අරන් තියෙනවා. ඒ වගේම සුපිරි පන්තියේ හෝටල් වලටත් යන්න වෙලා තියෙනවා. ඒවා මගේ සතුට වෙනුවෙන්ම කරපු නිසා ගානක් නෑ. නමුත් බලන් ඉන්න අය හිතන දේ ගැන කරන්න දේකුත් නෑ.
ReplyDeleteහ්ම්ම්.... සතුට.... අනේ මන්දා... ඒක ගැන නම් කියන්න දෙයක් හිතෙන්නේ නෑ.... හැබැයි ගොඩක් වෙලාවට අපි හැමෝම සතුට මවා පානවා කියල තමා හිතෙන්නේ....
ReplyDeletei was just going to write about the superficial people. good one :)
ReplyDelete