"පොඩ්ඩක් ඉන්නවා හලෝ බස් එකෙන් බහිනකම්. බැස්සට පස්සේ විස්තරේ කියන්නම්" මම තුෂාරිගේ කනට කරලා කිව්වා.
මේ පෝස්ට් එකේ කලින් කොටස මේ තියෙන්නේ . . . කියවපු නැති අය ඒක කියවලාම එන්ටකෝ . .
. . . . . . . . .. . . . .. . .. . . . .. . . . .. . .. . . .. . . .. . .. . . .. . .. . ..
"ම් ම් ම් මෙහෙමයි. ඒ ළමයා තාම ස්කෝලේ යන කෙල්ලෙක්. අර අහවල් ස්කෝලෙට තමයි යන්නේ. A ලෙවල් කරන්න තමයි ඒ ස්කෝලෙට ගිහින් තියෙන්නේ" බස් හෝල්ට් එකේ වැටට හේත්තු වෙලා දිග කතාවක් කියන්න ලෑස්ති වෙන ගමන් මම කිව්වා.
"ඉතිං මක් වෙනවද? ඔයාටත් තාම 23යිනේ. A ලෙවල් නම් එයාට 18යිනේ. ඉතිං කොහොමද එයාව හම්බ උනේ. ඔක්කෝටම වඩා ඔයාගේ ගල් හිත බටර් උනේ කොහොමද" තුෂාරිට සිහිය නෑ කෝප්පේ මන්ඩි ඉතුරු නොවෙන්න හෝදන කම්.
"දන්නවනේ මගේ බස් එකේ සෙට් එක. මේ පැත්තට ආපු ගමන් වැඩිය කට්ටිය එක්ක ෆිට් නැති නිසා කාත් එක්කවත් කතා නොකර හිටියට, දවසක් අහම්බෙන් වෙනද යන බස් එක මිස් වෙලා ස්කෝලේ කෙල්ලෝ කොල්ලෝ යන බස් එකේ යන්න වෙච්චි සීන් එක මම දවසක් කිව්වනෙ"
"ඔව් ඔව් මතකයි"
"එදා බස් හෝල්ට් එකේ හිටපු ස්කෝලේ යන කොල්ලෝ දෙතුන් දෙනෙකුයි වැඩට යන සෙට් එකයි සෙට් උනාට පස්සේ මම එදා ඉඳන් ඔෆිස් ගියේ ඒ වෙලාවට යන බස් එකේ"
"ඒ කිව්වේ 6.50 CTB බස් එකේද?"
"ඔව් එක තමයි. කොල්ලන්ට එල්ලිලා යන්න චාන්ස් එක දීලා ෆුට් බෝඩ් එකේ පඩි පෙලේ යන නිසා සතියක් විතර යන කම් ඒ සෙට් එක ඇර වෙන කවුරු යනවද එනවද කියලා නිච්චියක් උනේ නෑ."
"ඉතිං අර ළමයව මුන ගැහුනේ"
"දවසක් මම එද්දී බස් එක අද්දනවා. මම ඔයාලගේ ගෙවලුත් පහුකරලා බස් එකට මීටර් 50ක් විතර දුරින් හිටියේ. මම දුවගෙන එනවා දැකලා ඩ්රැයිවර් අයියා බස් එක නතර කරගෙන හිටියා. පිටි පස්සේ පුට්බෝඩ් එකේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති නිසා එල්ලුනේ ඉස්සරහා ෆුට් බෝඩ් එකේ"
"ඔව් ස්කෝලේ යන අය වැඩට යන අය ඉන්න නිසා 6.50 බස් එකේ පුදුම සෙනගක් තමා ඉන්නේ"
"ඇඹුල්දෙනියෙන් බහින අයට බහින්න මට ෆුඩ් බෝඩ් එකෙන් බැහැලා ඉඩ දෙන්න උනා. බැස්සා විතරයි මගේ මූන ඉස්සරහම එයා. මම දන්නේ නෑ මට මොනව උනාද කියලා. එයා මගේ දිහාම බලාගෙන. මම එයා දිහාම බලාගෙන. හරියට කාලයක් එකට ඉඳල, කියන්නේ වත් නැතුවම කොහේ හරි ගිහින්, අවුරුදු ගානකට පස්සේ අහම්බෙන් මුන ගැහිලා, විස්වාස කරන්න බැරුව වගේ අපි දෙන්න අපි දෙන්න දිහා බලාගෙන. බහින එකෙක් මාව තල්ලු කරලා "පොඩ්ඩක් එහාට වෙනවකෝ" කිව්ව වගේ මතකයි"
"හිතා ගන්නවත් බෑ. මෙච්චර කාලයක් දෙතුන් දෙනෙක් ඔයා දිහා බැලුවට ඔයා නිකම් ඇවිදින මළමිනියක් වගේ හැඟීම් දැනීම් නැතුව හිටිය එකානේ"
"ඒක තමා හලෝ මටත් හිතා ගන්න බැරි උනේ. මම හිතුවේ අර සීන් එකෙන් පස්සේ ආදරේ කියන හැඟීම් මගේ හිතින් මැරිලා කියලා. ඇයි මම ම බලෙන් හිතාගෙන වෙනස් වෙන්න හැදුවත් බැරි උනානේ. ඒත් මේ ළමයා දැක්ක වෙලාවේ තමයි මට හිතුනේ නෑ එහෙම වෙලා නෑ කියලා"
"ඒ කියන්නේ ඔයාට මල්සරා මල් දුන්නට ඊතලයක් දාලා විද්දා හෙ හෙ හේ"
"ඊතලයකින් විද්දද තඩි පොල්ලකින් ගැහුවද මම දන්නේ නෑ තුෂාරි ඒ වෙලාවේ ඉඳන් මට දැනුනේ පුදුම වෙනස් හැඟීම් ටිකක්. අපි දෙන්නම බස් එකට නැගලා හිට ගෙන හිටියේ එක ලඟ. මම කී සැරයක් ඒ ළමයා දිහායි වටේ පිටේ ඉන්න උන් දිහායි හොරෙන් බැලුවද මතක නෑ මගේ පපුවේ ඩිග් ඩිග් ගාන සද්දේ අනිත් අයටත් ඇහෙයිද කියන සැකේට. මගෙ කන් දෙක! අයියෝ කියලා වැඩක් නෑ ඒක රොටී තැටිය වගේ රත් වෙලා. මම දෙතුන් පාරක් අල්ලලා බැලුවා ගිනි ගන්නවද කියලා. ඇහැ කරකෝලා බැලුවා කනෙන් දුම් දානවද කියලා"
"හෆෝයි මෙයාට වෙලා තියෙන දේ"
"කියලා වැඩක් නෑ හලෝ"
"ඉතිං අර ළමයා ෆුල් නෝමල් එකේ හිටියද?"
"මම අර හොරෙන් බලන බලන හැම සැරේම මාට්ටු එයත් මගේ දිහා හොරෙන් බලනවා. ඒ ළමයත් කොහොමද කියලා නෝටිස් කරන්න තරම් මානසිකත්වයක නෙමේ මම හිටියේ. ඒත් ටික දවසක් ගිහින් එදා ඉස්සෙල්ලම දවස ගැන හිතුවාම එදා ඒ ළමය හිටියෙත් මම හිටියා වගේම මොකද්දෝ කියාගන්න බැරි අපහසුවකින් හියලා හිතුනා"
"එහෙනම් වැඩේ හරි. ඒ කියන්නේ මල්සරා එයාටත් විදලා. මරු මරු . .හික්ස් "
"මල්සරාගේ විදිල්ලක් මං දන්නේ නෑ . . එදා ඉඳන් හැමදාම ඒ ළමයා මාව දකින්න බලාපොරොත්තු වෙනවා කියල මට හිතෙනවා. මම බස් එකේ ඉන්නවා දැක්කොත් විතරයි එයා ඒ ඒ බස් එකට නගින්නේ"
"ඔයා කොහොමද එහෙම කියන්නේ"
"මම ඒක දැන ගන්න පොඩි වැඩක් කලා. දවසක් ෆුට් බෝඩ් එකේ ඉන්නේ නැතුව බස් එකේ මැදට වෙලා එයාට පෙන්නේ නැති වෙන්න හොරෙන් බලන් හිටියා. එයා දෙපැත්තෙම ෆුට් බෝඩ් දිහා බලලා බස් එක ඇතුලෙත් මාව හොයනවා කියලා මම හොරෙන් දැක්කා. මම ඒත් මූන පෙන්නනේ නැතුව හිටියා. බස් එකේ ගොඩක් ම සෙනඟ හිටියෙත් නෑ ඒත් එයා නැග්ගේ නෑ. පව් ස්කෝලේ යන්න පරක්කු වෙන්නත් ඇති"
"ශිහ් ඔයා මාර පොරක්නේ . . "
"නෑ හලෝ මට ඕන උනේ මට එයාගැන දැනෙනවා වගේම දෙයක් එයාටත් දැනෙනවද කියලා දැන ගන්න. මොකද මම එයාව හන්දියේදි නොදැක්ක දවසට දෙල්කඳ හංදිය්ටම ටිකට් අරන් තිබ්බත් එතන හන්දියෙන් බහිනවා. බැහැලා එයා එන කම් ඉඳලා එයා යන බස් එකේමයි යන්නේ"
"ඉතිං මේ මාස ගානටම කතා කලේ නැද්ද?"
"හැමදාම උදේට හන්දියෙදි බස් එකට නඟින්නේ මම ඉනන්වද කියලා මේක්ශුවර් කරගෙන. පස්සේ ඇතුලට ගිහින් එයා ඉස්සරහා මම පිටිපස්සේ උනොත් බස් එකේ මිනිස්සු සිය ගානක් අතරින් අපේ ඇස් එකට මුන ගැහුනට පස්සේ තමයි දෙන්නටම සැනසුම් සුසුමක් වැටෙන්නේ. එතන ඉඳන් ඇස් දෙකෙන් තමා කතාව"
"බස් එකේ යන එන මිනිස්සු එතකොට"
"අනේ හලෝ ඇත්තටම කිව්වොත් අපි දෙන්නා ඇර වෙන කිසි කෙනෙක් බස් එකේ ඉන්නවද කියලා අපිට දැනෙන්නේ වත් නෑ . . "
"එහෙම නෙමේ හැබෑවට කතා කරන්න ට්රයි කලේ නැද්ද ඉතින් තාම. ඒ ළමයත් අකමැත්තක් නෑ කියලා හොඳටම තේරෙන එකේ කෙලින්ම කතා කරන්න එපැයි"
"කතා කරන්න කියලා දවස් තුන හතරක් ට්රයි කලා හලෝ. කොහේ කරන්නද එයා ලඟට ගිහින් හිට ගත්තු ගමන් මගේ කටේ කෙල හිඳිලා කන් දෙකෙන් දුම් දාන්න වගේ පටන් ගන්නවනේ. ඒ විතරක්ද පපුව ගැහෙන්න ගන්නවා අර කාටූන් වල වගේ. හාර්ට් එක අඩියක් විතර එලියටම ගිහින් ආපහු එන්නේ. කකුල් දෙකේ දනිස් පොල්කටු දෙක සට සට ගාලා එකට වදිනවා මටම ඇහෙනවා සද්දේ . . හෆෝයි . . "
"අප්පා . . . එහෙනම් මාස දෙක තුනක් උනාට ලෙඩේ බොහෝම උත්සන්න විදිහටම හැදිලා . . මේ මට ලෙක්චර්ස් යන්න පරක්කු වෙනවා අනේ. කෙල්ලෝ කැමති නෑ ඇඹරි ඇඹරි ඉන්න කොල්ලන්ට. අද ඉරිදා, හෙට ඔෆිස් යද්දී අනිවාර්යෙන් කෙල්ල එක්ක කතා කරන්න ඕන. හරිද . ."
"හා . . බලමුකෝ . . "
"බලමුකෝ නෙමේ මට පොරොන්දු වෙන්න . . "
"හරි හරි හලෝ . . පොඩ්ඩක් ඉන්නවකෝ . . "
"එහෙනම් මම ගියා අරයා බලාගෙන ඇති ඇයි මම පරක්කු කියලා . . " එහෙම කියපු තුෂාරි එයාගේ ක්ලාස් එක තියෙන පැත්තට දුවලා ගියා . .
මතු සම්බන්ධයි . . . !
දිග වැඩී අයියෝ . . කෑලි කෑලි කඩලා තමා දාන්න වෙන්නේ . .!
Pics from: http://graphicsfairy.blogspot.ae/2012/01/vintage-clip-art-poems-of-love.html
http://www.canstockphoto.com/vector-clipart/paramedic.html
http://www.canstockphoto.com/vector-clipart/paramedic.html





19 යි අදහස්:
මොන මගුලක්ද බන් අයියෙ... පටන්ගත්තු ගමන් ඉවරනෙ...
@සාතන් !
මොකද්ද බන් ඉවරයි කිව්වේ . . කතාව නම් පටන් ගත්තා විතරයි . .
දුකා මේ පෝස්ට් එක පේන්නේ නෑ කට්ටම කලුයි. මොකද බලන්න
අහ අහා.... මටත් ඔහොම එකක් වෙන්න යනවලු ;)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
@නලින්!
නෑනේ මට එහෙම අවුලක් පෙන්නේ නෑනේ.
@රජා!
අඩේ මේ කියපු රෝග ලක්ෂණ ඔක්කෝම ටික තියෙනවද?
එහෙනම් බරපතලයි කොලුවෝ
හොඳයි හොඳයි.
මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)
අඩෙ අප්පා...
මරු සීන් එක නේ...
තුෂාරිත් අදහසක් හිතේ තියං ඉන්නවනං තමා වැඩේ වෙන්නේ...
ඉවරයි කියන්නෙ පටගාලා මතුසම්බන්දයි වෙන එක...
නියමයි. අර රෝග ලක්ෂණ මතක් වෙනකොටත් මොකක්ද මොකක්ද වගේ. :)
ඊළඟ දවසේ වැඩේ ගොඩ යයි ද ?
අර කිව්ව වගේ ඉක්මනට ඉවර උනානෙ අය්යේ...
//කෙල්ලෝ කැමති නෑ ඇඹරි ඇඹරි ඉන්න කොල්ලන්ට//
සහතික ඇත්ත...
දැන් කාලෙ ඇගට පැන්න හැටියෙ කැමතිද අහන්නෝනි.
අනික කෙල්ලො නැති රටක්ද බං මේක ?
පට්ට කතාව.. නියෙමෙට ලියල තියෙනව..
ආඅ බලමුකෝ
බලමුකෝ නෙමෙයි මට පොරොන්දු වෙන්න
හිහි , නියමයි අයියා
එයාගේ අරයා බලන් ඉන්නවනම් ඔයා මොකද බලන් ඉන්නේ
මෙව්ව කියවන කොටා කාලෙකට පස්සේ අපිටත් මෙව්ව එකක් හිතෙනවා අයියෝ... දැන් රස කරල කිව්වට ඒ දවස්වල තියන අපහසුතා ගැන කතා කරල වැඩක් නෑ.
මල් වයසේ කතා පොඩ්ඩක්.. ආයෙමත් වසර ගණනක් අතිතයට ගියා වගේ දැනුනා..ආදරේ ඇයි මේතරම්...
මොකක්ද අයියේ මේ හොඳම තැනින් කඩන්නේ. චා කේස් එකනේ. දිග උනාට කමක් නැහැ දාන්නකෝ.
සුන්දරයි..
ආදරේ නම් අනේ මන්ද? ඉපැරණි මතක කොයි තරම් සුන්දරද? අහිමි වෙලා ගියා උණත්.
වීරයො සීයට අනූවක් ලව් කරන්න ගියම මෙහෙම තමයි.. කියන්න බයයි අන්තිමට ට්රයි බූට් කනවා ඒ කාලෙ මං වගේ..
Post a Comment
සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..