තුෂාරිලගේ ගෙදරට යන්න තියෙන්නේ අපේ ගෙදරට යන පාරේ මගින් තියෙන පොඩි පොඩි ලේන් වලින් එක ලේන් එකකින් හැරිලා.
"මොකො උනේ අදවත් ඇහුවද?" එදත් සුපුරුදු පරිදි මම ඔෆිස් ඇරිලා එන කම් එයාලයි ගෙදර ඉඳන් පොඩි ලේන් එකෙන් ටික දුරක් ඇවිත් පාරේ අයිනේ හිටපු තුෂාරි කටේ හිනා පුරෝගෙන ඇහුවා.
"නෑ හලෝ . . . අදත් ඒ ළමයා දැක්කම මට වෙනදට හැදෙන ලෙඩේ හැදුනනේ. මාර කේස් එක" ඒක ඇහුනා විතරයි තුෂාරිගේ මූන පුම්බලා තිබබ් බැලුමක කට බුරුල් කලාම හුලං බහිනවා වගේ ඇද වෙලා ගියා.
"කටේ කෙල හිඳිලා, කන්දෙක රතුවෙලා, වචන උගුරේ හිරවෙලා, දනිස් දෙක මැඩ්ලින් ගහන ලෙඩේද?" මූනට තරහ පෙනුමක් ගත්තු තුෂාරි ඇහුවා.
"ඔය කිව්වේ රෝග ලක්ෂන අතිනුත් දාලා හරියටම බලං හිටිය වගේ" මම සිදුවීම ජෝක් එකක් කරන්න ට්‍රයි කලා.
"අනික ඒ ළමයා තාම ස්කෝලේ යන ළමේක්. එහෙම කෙනෙක්ගේ හිතට ඕන නැති අදහස් දාලා ඉගෙනීම කඩාකප්පල් උනොත් ඒ පව මටනේ" මම අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටෙකුයි තව ඩිංගක් ඕන කිව්වා වගේ ජාතියේ හේතුවක් කිව්වා.
"අනේ නිකං ඉන්න. ඒ ළමයා මේ ස්කෝලේ හතේ අටේ පන්තියේ ළමයෙක් නෙමෙයිනේ. ඒ ලෙවල් කරන ලමයෙක් කියන්නේ බබෙක් නෙමෙයිනේ. අනික ඔයා සෙල්ලම් කරන්න හදනවා ත් නෙමෙයිනේ" මගේ ගොන් තර්ක එයා එතනම බිඳලා දැම්මා
"වැඩක් නෑ ඔයා එක්ක කතා කරලා. අනිත් උන්ගේ මගුල් වලට පැනලා කතා කලාට, ඕන සභාවක ඕන මගුලක් කියන්න ජරා කටක් තිබ්බට ඔයා මහ දියාරු කොල්ලෙක් හලෝ" තුෂාරි ට හොඳටම මල පැනලා මේ පාර අයිනේ මූ එනකම් පැට්‍රෝල් පිච්චුවාටත් පාඩුයි වගේ නොකියා කියන නක්කල් හිනාවක් දාගෙන යන්න හැරුනා.
"මේ මේ පොඩ්ඩක් ඉන්නවකෝ . . . සීන් එක හරියට කියන්නත් බැරි උනානේ"
"මොන සීන්ද හලෝ හෙටවත් ඒ ළමය එක්ක කතා කරලා මොකෝ උනේ කියලා අපේ ගෙදරට ඇවිත් කියනවා. මට නම් බෑ මේ පාර අයිනට වෙලා මදුරුවෝ තල තල ඉන්න" ලේන් එකේ ටික දුරක් ගිහින් තුෂාරි ඒක කිව්වේ කෑ ගහලා වගේ.
එයාලගේ ලේන් එකේ දෙතුන් දෙනෙක් සීන් එක දන්න නිසා අවුලක් උනේ නෑ. මාත් සුපුරුදු පරිදි පාර දිගේ අපේ ගෙවල් පැත්තට යාත්‍රා කලා.
තුෂාරි මමයි හිතවත් උනේ කොහොමද කියල මතකත් නෑ. මගේ හොඳම යාලුවෙක් එයාලගේ ගේ ගාව ඉන්න නිසයි, ඒ යාලුවා එයාගේ හොඳම යාලුවෙක් නිසයි අපි දෙන්න හිතවත් උනා වෙන්න පුලුවන්.
එයා ඒ කාලේ GAQ. වලට ක්ලාස් ගියා. මම රස්සාවට යන ගමන් තව දුරටත් ඉගෙන ගත්තු නිසා වීක් එන්ඩ් වල Technical Collage ගියා. ඉතිං අපි 689 බස් එකේ දෙල්කඳ හංදියට යන කම් කයිය ගහ ගහා ගියා.
එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් ගැන, එයා GAQ වලට ඉගෙන ගන්න විෂයක් උනු මමත් කියවන්න කැමති විෂයක් උනු සමාජ විද්‍යාව ගැන, අපේ කැඩුනු පාර ගැන, දේශපාලනය ගැන, මගේ පරන ලව් සීන් ගැන . . වගේ මෙයාකාර දේවල් ගැන බස් එකේ උන්නු උන් ගැන මෙලෝ සිහියක් නැතුව කයිය ගහ ගහ ගියේ.
"මේ ඒක නෙමේ . . දැන් තනියෙම හිටියා ඇති නැද්ද? අවුරුදු අටක් විතර අර ළමයට දුන්නු ගින්දරට විඳෝ විඳෝ හිටියනේ. අපරාදේ ජොලියේ ඉන්න ඕන ලස්සන කාලේ. ඉස්කෝලේ යන කාලේ කාගේ අතිනුත් නොදැනුවත් කමට, නොතේරුම් කමට ඒ වගේ දේවල් වෙනවා. එහෙමයි කියලා මුලු ජීවිතෙන්ම වන්දි ගෙවන්න ඕනද?"
දවසක් තුෂාරි එහෙම කියද්දී පිරිමි ළමයින්ට වඩා ගෑනු ළමයි මැචුවර්ඩ් විදිහට හිතනවා කියලා . . කොටින්ම කොල්ලෝ තමන්ගේ සැබෑ වයසට වඩා වසර පහක් අඩු වයසක කෙනෙක් වගේ හිතද්දී කෙල්ලෝ තමන්ගේ සැබෑ වයට වඩා වසර පහක් වැඩි වයසක අය හිතන විදිහට හිතනවා කියලා අහලා තිබ්බට මට වඩා අවුරුද්දකින් වැඩිමල් මේ කෙල්ල ඒ වගේ දෙයක් කියයි කියලා මම හිතුවේ වත් නෑ.
"ම් ම් ම් ඇත්තටම මටත් ඕන ඒ කරුමක්කාර Feeling එකෙන් මිදෙන්න ඒ ත් මේ ලඟක් වෙනකම් ම කොයි තරම් හෙව්වත් මාව ඒකෙන් ගලවලා අරගෙන වෙන කොහෙට හරි බැඳලා තියන්න පුලුවන් ජාතියේ කෙනෙක් හම්බ උනේ නෑ" මම පැටලි පැටලි කිව්වේ ටිකක් චකිතයෙන් වගේ.
"හත් දෙයියනේ ලඟක් වෙනකම් හම්බ උනේ නෑ කියන්නේ දැන් හම්බ වෙලා . . . අඩේ මාරයිනේ . . ඔයා මාර පොරක්නේ . . . ප්‍රීතියි ප්‍රීතියි . . කව්ද හලෝ ඒ වාසනාවන්තී . . . " මේ හොල්මන ආතක් පාතක් නැතුව කෑගහන දිහායි මගේ දිහායි බස් එකේ එකේ මිනිස්සු ඔක්කෝම නුරුස්සන බැල්මක් දාගෙන බලන් හිටියේ.
"පොඩ්ඩක් ඉන්නවා හලෝ බස් එකෙන් බහිනකම්. බැස්සට පස්සේ විස්තරේ කියන්නම්" මම තුෂාරිගේ කනට කරලා කිව්වා.
මතු සම්බන්ධයි.
Pic From: http://www.wetpaint.com/

ප.ලි.:
නිතර නෑසෙන ගීයක් අහම්බෙන් අහන්න ලැබුනු දවසක එකපාරටම පරන සීන් එකක් මතක් උනා.
දැන් මැදිවයසට ත් ඇවිත් (ද මන්දා මට නම් හිතෙන්නේම නෑ එහෙම) ඒ වා මතක් උනාම කොයි තරම් බොළඳයිද කියලා හිත හිත හිටියට වෙනී අයියා ගේ පෝස්ට් එකේ තිබ්බ "කොයි තරම් වයසට ගියත් මන් ඇතුලෙ ඉන්න මේ බොළඳ කමට මන් ආසයි.." කියපු කොටස කියෙව්වාම මම හිතුවා අපි ස්ටේටස් මේන්ටේන් කර ගන්න (වයසක උන් වයසක උන් වගේ ඉන්නේ නැතුව කෝලං නටනවා මෙතන කියලා මිනිස්සු කියයි කියලා බයට ) කොයි තරම් කඩතුරා දාලා සීරියස් බවක්, මැචුවර්ඩ් බවක් ආරෝපමය කර ගන්න හැදුවත් හිත යටින් අපි හැමෝම කැමතියි හැබෑ අපි විදිහට ජීවත් වෙන්න කියලා.
වර්ථමානේ ජීවත්වෙන කාටත් අතීතයක් තියෙනවා. ඒ අතීතයේ සමහර දේවල් නීරසයි සමහර දේවල් රසයි. නීරස දේවල් මතක තියා ගන්න ඕන පාඩම් ඉගෙන ගන්න, වර්තමානයේ හෝ අනාගතයේ ඒ නීරස අත්දැකීම් නොලබන්න විදිහට කටයුතු කරන්න.
ඒත් සුන්දර දේවල් මතකේ තියෙන්න ඕන කම්මැලි වෙලාවකට මතක් කරලා හිනාවෙන්න, යාලුවෝ සෙට් වෙන වෙලාවට පැරණි රසාංග තීරුවේ ප්‍රචාරය කරන්න.
අතීතය හිතේ තියාගෙන අතීතයේම ජීවත් වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා තමයි. ඒත් හැමෝම එහෙම නෑ කියන එකත් පාඨකයෝ තේරුම් ගනී කියලා මම හිතනවා.
උඩ ලියපු කතාව අවුරුදු දෙකක් විතර දිගට යන සීන් එකක් නිසා ඉතුරු කොටස තව එක පෝස්ට් එකකින් දාන්න ෆුල්ම ට්‍රයි එක දෙන්නම් . .
එහෙනම් හැමෝටම සුභ වැලන්ටයින් මෙව්ව එකක් වේවා ඈ . .. !!!

37 යි අදහස්:
හ්ම්ම්.. ඔයාටත් එව්වයින් එකක් වේවා :)
වෙනියා ගේ පෝස්ටුව මටත් තදින්ම හිතට වැදුනා දුකා මලේ...
බලමු ඔයාගේ කතාවත් ඒකත් හරි ලස්සන කතාවක් වගේ.
මල පනිනව ඈ ඔහොම කෑලි කඩද්දි.... :)
ඊලඟ කෑල්ල තවත් රසවත් :p
ගෙදර ගෑණිට වඩා පාරෙ යන අනික් ගෑණු ලස්සනට පෙනෙන්නෙ දැන් අපි වයසයිද මන්ද...!!!
දැන්නෙ ලොක්කො ළමයි පාරෙ ඉන්නෙ.....අපි ඉපදුනා කල වැඩියි තමා...!!!
සුබ වැලන්ටයින් මෙව්වා එකක් ...!!
නියමයි...ඉතුරු කොටසත් ඒවි නේ ඉක්මනට.
එපා හිරු පායන්න කිව්වට හිරු පායපු හැටිත් ඔය ලියවෙන්නේ... :D
//කොල්ලෝ තමන්ගේ සැබෑ වයසට වඩා වසර පහක් අඩු වයසක කෙනෙක් වගේ හිතද්දී කෙල්ලෝ තමන්ගේ සැබෑ වයට වඩා වසර පහක් වැඩි වයසක අය හිතන විදිහට හිතනවා
අම්මපා මේක මේ අනිත් එවුං තේරුං ගන්නැතුවනේ බයින්නේ පොඩි එකා කියලා....
සිරාවට අර කිව්වත් වගේ කෙල්ලෝ ගොඩක් පැහිලා..
ජය වේවා !
ෂුහ්! මේන්න අපේ පරණ දුකා ආයෙමත් ඇවිල්ලා.. :D
සුභ එකක් වේවා දුකා අයියේ. ඇත්තමයි මං මේ කියන්නේ, ආදරය කවුරු කොහොම කිව්වත් අනිත් හැම එකක්ම වගේ පරිණාමය වෙලා. දැන් දැන් ආදරයේ රාගය පසන්ටේජ් එක වැඩි වෙලා. ඒ කාලේ ආදර කතාවක සුන්දර බව වැඩි ඒ නිසා.
අද කාලේ ටිපිකල් වැලන්ටයින් සැමරුමක් දැක්කා මානවකගේ 'ඝනකම් අදුරේ'
ඉතිරි කොටස...
නැවත පැමිණෙමි..!
තුෂාරිව යාලු කරගත්තා නම් ශෝක්නේ...
මිනිහෙකුට වයසවල්දෙකක් තියෙනවා. එකක් අර කැලැන්ඩරේ දින මාරුවීම හින්දා වෙන නොනැවැත්වියහැකි එක. අනික නැවත්විය හැකි හිතෙන් වයසට යාම. මම නම් කියන්නෙ මිනිහෙක් හිතෙන් වයසට යාම පාලනය කරන්න ඕනෙ කියලයි..
වැලටුයිං නොකර අනිත් කෑල්ලත් දාපංකෝ බං විගහට...
දුකා අයියටත් එහෙනම් සුබ මෙව්වා එකක් !
උඹ හරියටම හරි බන්. මම අර ශේක්ස්පියර්ගේ කතාව එකසිය ගානට පිලිගන්නවා, මිනිස්සු ඔක්කෝම නලු නිලියෝ කියන එක. මම නම් වෙනියා කිව්වා වගේ මම වගේ ජීවත් වෙන්න හරිම ආසයි. මම ජීවත් වෙන්නෙත් එහෙමයි. තාමත් පොඩි එකත් එක්ක බිම දිගා වෙලා ඩින්කි වලින් රේස් යනවා. කොච්චර ආතල්ද බන්. මට ඕන නෑ, නළුවෙක් වෙන්න. ඇත්ත වශයෙන්ම මම තාත්වික නළුවෙක්.
අපි නං ඉතින් සතියක් දෙකක් කෙල්ලෙක් එක්ක තනියේං ගියොත් යාලු වෙලා තමයි පස්ස බලන්නේ...;)
Mamawath nodanna kalla kawuda atthata ha?
වැලා දැක්කම පරණ ලව් ඔක්කොම මතක් වෙනවා නේද දුකා අයියේ.අනේ අපි පව් අප්පා.අත්දැකීම් ඇති තරං.
වයසක උන් වයසක උන් වගේ ඉන්නේ නැතුව කෝලං නටනවා මෙතන... :D :D
යථාර්තවාදියි විශේෂයෙන් ප.ලී.යේ ලියපු ටික ...
ඊගාව කොටසත් කියවලම බලමු.
ඉතුරු කොටසුත් එක්ක සෙට් වෙන්නම්කෝ :)
No one likes to be considered old. Everyone wants to be young and energetic.this spirit of maintaining a youthful look and enthusiasm makes this world a wonderful place to live in.
මෙන්න මෙහෙම තිබ්බ පොතක. හෙමිහිට හිතලා බලපං එහෙම නොවුනොත් ජීවිතාශාවක් ඇති වෙයිද කියලා ඒවගේ තැනක ඉන්න.
යකෝවු මේකේ පලියේ සයිස් එක....
අනේ අයියෙ මේන් වැන්ද......ඉතිරි කොටස ඉක්මනට දාන්ඩෝ.....:/
අයියටත් සුභම සුභ මෙව්වා එකක් වේවා. වයිපරේගෙන් ගුටි නොකෑමට ලැබේවා.:P
අනිවා මචං ඕය වගේ ..සිතේ රැදුනු මෙව්වා කොයිතරම්ද..?
සමහර එව්වා කිව්වත් වගේ පසුතැවීමක් උනත් සමහර ඒවා සතුටක් ගෙනදෙන්නෙ මතක් උනාම..!
හුරේ...මෙන්න මූ ආයි මෙව්ව ලියන්න පට්ටාං අරන්.....එළම වේවා....
දුකා.. 15 තිබ්බ ප්‍රසංගේ ගැන මොනා හරි ලියපංකෝ..
කෙල්ලො බහුතරය පොඩි කාලෙ ඉදලම බොහොම වගකීම් සහගතව ජීවිතේ ගැන හිතනවා මමත් දැකලා තියෙනවා..
අනෙ අප්පෝ... කෙල්ලෙක්ගෙන් අහන්න දඟලපු දැඟලිල්ල... හික්ස්... වැඩිය පරක්කු නොකර ඉතුරු ටිකත් දාන්න... :D
අදහස් දක්වපු හැමදෙනාටම බොහෝම ස්තූතියි. ඉතුරු ටික වෙලාවක් ලැබුනු ගමන් සහ මේ කතාවේ ඉතුරු ටික ලියන මූඩ් එක ආපු ගමන් ලියන්නම් ඈ . .
අවුරුද්දක් වැඩිමල් වුනාට අවුලක් නෑ කියලා බස් එකෙන් බැස්සාම වචනේ දායි කියලා හිතීගෙන හිතීගෙන යනවා....
මං නං ඔහොම දෙපාරයි ඇහුවේ දෙන්නෙක්ගෙන්
ආවොත් අලියෙක්
ගියොත් වචනයක්
කියලා ඇහුවාම ආයේ හිතේ පැසවන්නේ නෑනේ.එකක් බිඳුණා ඊට පස්සේ ඇහුවේ මගෙ ලඟින්ම හිටිය මිතුරියගෙන් අවුරුදු 4කට පස්සේ.තාමත් අපි හොඳින් සතුටින් ඉන්නවා...
මතකයන් අවදි කරවන රසවත් කතාවක්... :)
Post a Comment
සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..