
ආදී අපේ මුතුන් මිත්තෝ:
හේනේ පැලේ හිඳ කුරහන් වී රැක්කෝ
ගෝනෙක් මුවෙක් ඉඳහිට ගිනි පිඹ ගත්තෝ
අහසට වෙඩි තබා අලි-ඇතු එලවා ගත්තෝ
තිරිසන් ගති ටිකක් මුත් බෝ මනුසත් දම් රැක්කෝ . . .
වර්තමානයේ අපි:
කලිසම විළුඹට ම කමිසය අත දිගට ය
ජංගමේ ස්ක්රීනයත් දර්මේ චක්කරය
කතා කලොත් බුදු බන දෙසලා දේය
හක්කේ බුදු රැස්ය බොක්කේ දඩමස්ය . . .
Pic from: http://quizilla.teennick.com/stories/



25 යි අදහස්:
ඔව් දැං දැං කලු ලෝගු දාල ඔලු වහපු අය වගේම බොක්කෙ දඩමස් කට්ටිය වැඩියි තමා
'ජංගමේ ස්ක්රීනයත් දර්මේ චක්කරය ය
කතා කලොත් බුදු බන දෙසලා දේය'
මේක තමා අද කාලේ තියෙන හොඳම මාර්කටින් මෙතොඩ් එක. එහෙමත් නැත්නම් ස්ටයිල් එක.
මොනවා උනත් දුකා අයියා, දැන් ආයෙමත් වැඩියෙන් ලියන එක ගැන නම් තියෙන්නේ සතුටක් ..
අහෝ දෙවියනි
බුදුන් සිරිපා පහස විඳිමින් ශුද්ධ වූ ශ්රී පින්බිමක්
යක්ෂයින් ගේ අතට පත්වී බිඳී ගියකල හිරි ඔතප්
වනසුමක් මිස සැනසුමක් සිත සෙවීමත් එක විහිළුවක්
එවන් රටකට අමනකම් මිස මිනිස්කම් නෑ වගතුවක්
ඇත්ත නේන්නම්!
:)
සහතික ඇත්ත ..
තමුන් ගැනම ලියඋන වැදගත් කවි පෙලක්
100% :-D
@Ano!
"තමුන් ගැනම ලියඋන වැදගත් කවි පෙලක්"
දැක්කේ නැද්ද අනේ මම වර්තමානයේ අපි කියලා ලියලා තියෙනවා . .අපි කිව්වම මමත් එක්කම තමා ආයිබෝන් . . ආයේ බොරු කියන්නේ මක්කටෙයි . . . මාත් මෙහෙම්ම තමා . . :D
හක්කේ බුදු රැස්ය බොක්කේ දඩමස් තියාගනනම් කමකුත් නෑ ගොඩක් උන් එහෙම තියාගන ටෝක් දෙන්නේ පැවිදි වෙලා වගේ...
සම්පුර්ණ ඇත්ත අයියේ..
මිනිස්සු හරිම විවිධයි.. විශමයි.... අපිත් එහෙමයි... ඒත් අපි අපේ මිම්මෙන් හැමෝම මනිනවා... ඒක හරිම අතාත්විකයි... අපි අපිව දන්න විදිහට අනුන් ගැන සිතීම ඉවර වෙන්නේ උන් අපිට ඇරලා ගියාම... අත ගාල බලනකොට ඇලෙනවා වගේ දැනෙද්දි තමයි අපිට හිතෙන්නේ අම්මට සිරි මූ මට ඇරලනේ ගිහින් තියෙන්නේ කියලා... එතකොට තමයි අපිට උඩ කියන සිතිවිල්ල පහල වෙන්නේ... දැන් අයියට මොකක්ද උනේ ලඟදි...? :D
@අභීත!
නෑ එහෙම මොකුත් නෑ බන් මම ම සීන් එකකට ධර්ම ටෝක්ස් දෙන්න ගිහින් යාලුවෙක් කියපු දේවල් හිතුවාම මටම තේරුනා මේක හක්කේ බුදු රැස් බොක්කේ දසමස් කතාවක් නේද කියලා . . :D
අගේ ඇති කියමනක් .
දුතා උඹ හරියටම හරි..
වර්තමානයේ අපි එහෙම තමා. හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්.
කවුරු හරි කියනව නම් අපි එහෙම නෑ කියලා ඒක අමූලික බොරුවක්.
අපේ චින්තනය වෙනස් කළ යුත්තෙ ඔන්න ඔතැන සිටයි.
අනේ මලේ .. . සඟුන් ගිහියන් පරදවාගෙන කෙලිද්දී නොමනා කිරීඩා සෙසු දනන් ගැන කියනු කුමටද ? වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව.
මට තොගෙ කවි තේරෙන්නේ නෑ බොල.
ලියපිය අපි වගේ තූති පූස් පැටවුන්ටත් තේරෙන්න.
හික්ස්...
මරු කවිය..
මෙහෙම ලිව්වම ඇනෝලගෙන් අවුලක් නෑ වගේනේ.. හිහ් ..... හිහ්....
අපි ඉතිං කොරන්ට කොහොම වෙතත් කියන්න දස්ස මිනිස්සු නෙව ;)
එලය එලය.හක්කේ නෙමෙයි හත් ගව්වක් ඈතට බුදු රැස් පේනවා.බොක්කෙ නෙමෙයි ඔක්කොම බැංකු සේප්පුවල තමයි දැං පවුලටම ඇතිවෙන්න දඩමස් තියං ඉන්නෙ
ඔව් දිනුකයා මතකනේ සේප්පුවල තිබිලා අළුත්ම අළුත් බන්ඩල් පිටින් ඇද්දා ඩොලර් මිටි.දඩමස් නෙවෙයි එව්වා ත්රිකෝටිපාරිශුද්ධ මාංශ
කාලීන පොදු ඇත්ත.......
පට්ටය...මේක අබුද්ධස්ස කාලයැයි කියා හිතා ගන්නට සිදුව ඇත.
Post a Comment
සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..