twitter
    Find out what I'm doing, Follow Me :)

සිරි දේසේ වැසියෝ හඳුනා ගන්නේ කෙසේද . .?



මේ අද මට අද ආපු ඊමේල් එකක් . . .

මේක දැක්කාම හිනා ගිය තරම කොයි තරම්ද කියනවා නම් තව පොඩ්ඩෙන් තේ එක හිස්මොල්ලේ යන තරම් . . .

ඒ නිසා මට මේක හැමෝම එක්ක බෙදා හදා ගන්න ඕනමයි කියලා හිතුනා . ..

මොකද ඊමේල් එකේම ලියලා තියෙනවා සිරි දේසේ කස්ටියට ඇර වෙන කාටවත් යවන්ට එපා කියලා . .

මගේ ඊමේල් එකේ සිරි දේසේ වැසියෝ විතරක් නෙමේ ගොඩක් දේස වල වැසියෝ ඉන්න නිසා සිරි දේසේ වැසියෝ විතරක් තෝර තෝර මේ මේල් එක යවන්න බැරි කමට (සෑහෙන වෙලාවක් යන නිසා ) බ්ලොග් එකේම දාන්න හිතුවා .. .

කියවලාම බලන්ටකෝ . .


HOW TO SPOT A SRI LANKAN...!!!!

ARE U A SRILANKAN?????????

PLEASE DO NOT FORWARD TO NON SRI LANKANS

This is so true and so funny. You know that you are definitely a Sri Lankan if:

* Everything you eat is flavored with garlic, onion and Chilies.

*You try and re-use gift wrappers , gift boxes, aluminum foil and of course disposable cups & plates.

*You try to eject food particles from between your teeth by pressing your tongue against them and making a peculiar noise like, tshick, tshick!

* You are standing next to the two largest size suitcases at the Airport.

* You arrive one or two hours late to a party, and think it's normal.

* Your toilet has a plastic bowl next to the commode.

* You name your children in rhythms (example, Honey & Money, Sita & Gita, thunga & singhe, Nimal & Vimal)

* All your children have pet names, which sound nowhere close to their real names.

* You take Sri Lankan snacks anywhere it says 'No Food Allowed'

* You talk for an hour at the front door when leaving someone's house.

* You load up the family car with as many people as possible.

* You use plastic to cover anything new in your house whether it's the remote control, VCR, carpet or new couch.

* Your parents tell you to not care about what your friends think, but they won't let you do certain things because of what the other Uncles And Aunties' will think.

* You teach you kids to say uncle and auntie to anyone older related or not.

* Owning a rice cooker is a top priority.

* Use the dishwasher to store dishes - use it only for special occasions.

* Say 'NO' after every sentence. i.e . that's good NO, very expensive NO...etc

* Men use the word 'PUT' frequently i.e PUT a drink, PUT a Jump !

* You live with your parents even if you are 40 years old. (And they like it that way).

* If she is NOT your daughter, you always take interest in knowing whose daughter has run with whose son and feel it's your duty to spread the word.

* If you don't live at home, when your parents call, they ask if you've eaten, even if it's midnight

* When your parents meets a Sri Lankan for the first time and talk for a few minutes, you soon discover they are your relatives..

* Your parents don't realize phone connections to foreign countries have improved in the last two decades, and still scream at the top of their lungs while talking.

* You have bed sheets on your sofas so as to keep them away from getting dirty but the sheet on your bed has not seen water for months!

* It is embarrassing if your wedding has less than 500 people. (How abt ur wedding... hehe)

* You list your daughter as 'fair and slim' in the matrimonial no matter What she looks like.

* You have a big cabinet in your hall to keep glass wares & ceramic utensils (you have never used)

* You have really enjoyed reading this mail because you know some, or most of them apply to you.

* Everybody is a Bugger(good bugger, nice bugger, useless bugger etc)

ANYWAY NEXT TIME WHEN YOU WANTED TO DO SOME THING THINK ABOUT THIS MAIL ............ .........

මේ සිංහලෙන් ලියන බ්ලොග් කඩමාල්ල වෙන ජාති වල ඈයෝ නොබලන බව සුවර් නිසා චන්ඩියා වගේ බය නැතුව දැම්මා . . හික් හික් හික් . . .. !!

54 යි අදහස්:

රූ.... said...

අර පොලිතීන් කවර වලින් ඕනෑ එකයි නැති එකයි ඔතන එක නම් ඇත්තම ඇත්ත අප්පා..එපා වෙනවා වෙලාවක..
තැන්කු මේක බෙදාගත්තට..

ලකී සිරි said...

මෙතන මේවා ගැන විවේචනයක් කරන්නෙ නැතිව ලාංකිකයො විදියට අපි ළඟ තියන ගතිගුණ හැටියට නම් කරපු එක හොඳයි. මොකද බොහොමයක් ඒවා උපහාසාත්මක වුනාට සමහර දේවල් අපේ සංස්කෘතිය අනුව බොහොම සාමාන්‍යයයි.
හැබැයි ඉතින් මෙතන තියන බොහොමයක් අපිටම අනන්‍ය වූ දේවල් නම් නෙවෙයි නේද දුකා...

ප.ලි.
එක්කො ඕන නෑ...

ඕනයා said...

සිරාවටම වචනයක් නෑර ශ්‍රී ලාංකිකයි

සාතන් said...

බිඳවක් නෑරම ලාංකිකයි... I am Sri Lanka :D

Anonymous said...

ලොකු අය්යේ... මෙතන තියන හුගක් දේවල් අපි විතරක් නෙවෙයි ඉන්දියානුවොත් කරනවා...බන්ගලියො පක්කො ගැනනම් මම වැඩිය දන්නෙ නෑ.....මං උන්ව අශ්‍රය කරල නෑ.... හැබැයි කිහිපයක් නම් තිබ්බා අපිටම අවේනික දේවලුත්.... ඒ කිහිපය අයින් උනානම අපිට මේකේ මාතෘකාවට

HOW TO SPOT A SOUTH ASIAN...!!!!
කියලා දාන්න තිබුනා!!!

මම හිතන විදියට අපි කොච්චර කෑගැහුවත් අපේ හුගක් දේවල් හැඩගැහිලා තියෙන්නේ ඉන්දියානු අභාශයක් ඇතිව...අදක ඊයෙක නෙවෙයි අවුරුදු දහස් ගානකට කලින් වෙන්න ඇත්තේ.. කොහොම උනත් පස්සෙ කාලේක අපේ කම ශ්‍රී ලන්කන් කියන හැගීම තදින්ම දැනුන කිහිප දෙනෙක් අපිටම කියල දේවල් ටිකක් හඳුන්වලා තියනවා... ඒවයෙත් අගමුල හොයාගෙන ගිහාම ඉන්දියාවෙ නෑකම් හොයගන්න පුලුවන් (උබල නෑ කම් හොයනවනම් හොරෙන් හොයපල්ල නැත්තම් මේ මලබාරි කපයි අපිට....... හැලෙන්න ) ඉතින් මට කොහොම බැලුවත් ලංකාව පේන්නේ සිංහල හඬ කවපු දෙමල චිත්‍ර පටයක් වගේ

ඒ හිනදා ඉතින් අයේත් මතක් කරනවා ඔය කලින් අපි හිනාවෙවී කියවපුව මුලු දකුනු ආසියාවෙම උන් කරන කියන දේවල් මොකද දකුණු ආසියාවෙ අනෙත් රටවල් පැවතෙන්නෙත් අපි වගේම ඉන්දියානු සම්භවයක් ඇතුව තමා

කලින් පණ්ඩිත කථා කියපු මමත් මේ රට ඉන්දියානුවො එක්ක ලංකාව වෙනුවෙන් හරි හරියට ගේම ඉල්ලලන හදවතින්ම ශ්‍රී ලාංකිකයෙක්

(අදසක් පමණයි වාදයකට ආරාධනාවක් නොවේ !!!)

පූසා said...

හෙහෙහ්හ් බිඳුවක් නෑරම ග්‍රී ලාංකිකයි :D

දුකා said...

මේ ලිස්ට් එකේ තියෙන ගොඩාක් දේවල් මට නම් හරිම අදාලයි . . .

ඒත් කියන්නේ ආයිබෝං ලැජ්ජාවක් නම් හිතුනේ නැතුවා . ..

හැම දේ ගැනම ආඩම්බරේකුත් හිතුනේ නැතුවා . . හික්ස්

ඒත් අර අම්මා පාන්දර තුනට හතරට කතා කලත් ඔයා කාලද ඉන්නේ වගේ ඒව දැක්කාම නම් ආඩ්ම්බරයක් හිතුනා . . .

අනුන්ට හිනා වෙනවට වඩා මම මටම හිනා වෙන එකෙන් හෙන ආතල් එකක් ගන්නවා .. (ඒ කියන්නේ මම මාව ඩවුන් කර ගන්නවා නෙමේ හරිය )

මේකත් කියෙව්වාම මට ම මම ගැන හිනා වෙන්න ඇහැක් දේවල් ගොඩක් තියෙනවා දැක්කාම හැමෝම එක්ක බෙදා ගදා නොගෙන බැරි උනා. .

කවුරුවත් මේක පුද්ගලිකව ගන්නවා එහෙම නෙමේ ඕන් කිව්වා . . . හරිය

දුකා said...

ඇනෝ මම හිතන්නේ මම දන්නවා උඹ කවුද කියලා . . .

නෑ බන් මුදු දකුනු ආසියාවේම උන්ගේ හැටි කියලා කොහොමෙයි බන් කියන්නේ . . අපි දකුනු ආසියාවේ උන් කීයෙන් කී දෙනාවද හරියටම ආස්‍රය කරලා තියෙන්නේ . .

අපේ අපේ උන් ගැන නම් අපි දන්න්වනේ බන් . .

ඒ නිසා නොදන්න උන් ගැන කියනවට වඩා දන්න අපි ගැනම කිව්වාම ඒක පැහැදිලි . . බැලැක් ඇන්ඩ් වයිට් . .

හෙ හෙ හේ . .

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@ඇනෝ - උඹේ කමෙන්ට් එකට ඉන්දික උපශාන්තයි දුමියගෙනුයි එන උත්තර ගැන මම මේ කල්පනා කලේ , උන් දෙන්නට ඉන්දියාවේ 'ඉන්' කැල්ල ඇහුනත් ගේමට බහිනවා . අපියි උනුයි එකවගේ කියනව දැක්කාම

@දුකා - අනේ මන්ද සමහරක් එව්වා නම් මගෙත් දකින්න තියෙයි , වෙලාවට වැඩක් නොකරන එක තමයි මම ලාංකිකයින්ගෙ දකින බලුම පුරුද්ද .පොඩි කාලේ ඉඳන්ම පුරුදු වෙලා මම නම් දැන් වෙලාවට වඩා උපරිමය පරක්කු වෙන්නේ පැය කාලයි , ඒකත් බස් කාරයෙක් වෙනද වෙලාවට වඩා හෙමින් ගියොත් . පොඩි කාලේ වෙලාවට වැඩ කරන පුරුද්ද ආවේ ෆුට් බයිසිකලෙන් ගමන් ගිය නිසා . අනික් අයට වගේ නැතුව කියන වෙලාවටම යන්න පුලුවන් කම තිබුනා මම පැදගෙන යන නිසා

Anonymous said...

උබට විතරක් දැනගන්න තමයි මම මගේ ඔරිජිනල්ම වචන සෙට් එක දාල ලිව්වේ.... මේක දැක්කහම මට ඇත්තටම පොඩි ට්‍රිලක් දැනුනා
ඒකයි ලිව්වේ.... නත්තම් මම ලේසියෙන් බ්ලොග් එකකට කමෙන්ට් දාන එකෙක් නෙවෙයිනේ....
කොහොම උනත් කතාව ඇත්ත මම නෑ කිව්වේ නෑ :D

හෙහ් හෙහ් හේ............! ! !

Dude said...

දුකා මේ මේල් එක මටත් හම්බවුනා. ගෙදර කට්ටියටම පෙන්නලා සෑහෙන රසයක් වින්දා.

*You talk for an hour at the front door when leaving someone's house.

* You are standing next to the two largest size suitcases at the Airport. (We have more than two, he he!!)

ඔන්න මගේ යාලුවන්ටයි අපේ පවුලටයි උපරිමයටම අදාල දෙක. අපි අනිවා excess baggage වලට ගෙවනවා.
henryblogwalker the Dude

Anonymous said...

@ බුවාගේ සිතුවිලි..... හෆොයි මම කියන්නේ අපි උන්ගෙ දේවල් කොපි කලා කියල විතරයි...හැබැයි අපි ඒව කොපිකරලා සුද්දට පින් සිද්ධවෙන්න පොලිෂ් කරගෙන පිළිවෙළකට පිරිසිදුවට ඉන්නවා.....
බුදු අම්මේ උන්වගේ උනොත් අපි..... ඊයා ඕයි ගඳ මතක් වෙද්දිත් වමනෙ යන්න එනවා....

ඉන්දික උපශාන්ත said...

උඩ ඇනෝ කියල කියන්න හිටි ඔක්කොම වගේ. ඌ හොඳ ඇනෝවෙක් :D

ඔය ලිස්ට් එකට මගෙං...

ගෙදරට ගේන බඩු වල කාර්ඩ් බෝඩ් පෙට්ටි ප්‍රවේසං කරන් ඉන්න එක ( රට ඉන්න අපිටනං ගෙවල් මාරුකරනකොට, රට ඇරල යනකොට එව්ව ඕන වෙනව, ඒත් මේ ලංකාවෙ ඉන්න අයට! )

වාහනේ සීට් වල පොළිතින් කවර ගලවන්නෙ නෑ අරන් අවුරුදු ගානක් ගිහිනුත්.

හොඳම සාරි, කළිසං ගමන් යන්න අඳින්න අරන් තියල මිනී වලට අන්දල යවනව

පිටරටකදි ලංකාවෙ එකෙක් කියල හිතුනම හරි නැත්තං සිංහලෙන් කතා කරන එකෙක් දැක්කම හරි උගෙම්ම අමු සිංහලෙ "ඔයා ලංකාවෙද?" කියල අහනව :D

ඔහොම තව කොච්චරක්ද බං....

අපි අපි වගේ..........අපි අපි වගේ

ගැමියාගේ පත් ඉරුව said...

ඇත්ත ඇත්ත හි හි සහතික ඇත්ත....මේ bugger කියන වචනේ මම මුලින්ම ඇහුවේ pirates of the Caribbean එකෙන් මම ඕක මලලසේකර ඩික්ෂනරියේ හොයනකොට මට හම්බුනේ "සතුන් සමග සංවාසයේ යෙදෙන්නා" කියලා එතකොට අයියේ මේ පේලියෙන් කියන්නේ මොකක්ද ඈ // Everybody is a Bugger(good bugger, nice bugger, useless bugger etc)///

ඉන්දික උපශාන්ත said...

බුවා...උඹෙ කමෙන්ට් එක දැක්කෙ මම කමෙන්ට් කරාට පස්සෙයි.

ඉන්දියාවට ආවඩනවට විරුද්ධ උනාට අපිත් ආර්යයො නෙමෙයි දකුණු ඉන්දීය මූඋලෙන් එන උන් කියල මමත් පිලිගන්නව. ඒ ගැන මගේ iifa සහ ඉන්දියානුවෝ පෝස්ට් එකෙත් කියල තීනව

සොරි දුකා ඇඩ් එකට.
මේ බුවා ඉල්ලන්නෙම ගේමනෙ බං...මොනා උස්සලද මන්ද මම උගෙ :D

Observer said...

හෙහ්..හෙහ්..මටත් මේක ආව දවස් කීපෙකට කලින්. බ්ලොග් පොස්ට් එකක් හැටියට දාන්නත් හිතල ආයෙ නිකං හිටිය. මොකද මේකෙම වෙනස් වර්ෂන් එකක් ඉන්දියන් කාරයො ගැන කියල කාලෙකට ඉස්සර ආව නිසා මං හිතුව මේක සෑහෙන්න සර්කියුලේට් වෙලා ඇති කියල.

දුකා, මේක නියමයි, ට්‍රාන්ස්ලේෂන් එක නියමෙට දීල තියෙනව.

Observer said...

Dude ගෙ කොමෙන්ට් එක දැක්කෙ පස්සෙ, අන්තිම ඊය ආවේ මට මතක විධියට Dude ගෙන්.

Anonymous said...

how to spot an indian kiyana eka sri lankan kiyala maru karala distribute karala.

Dinesh said...

100% ශ්‍රී ලාංකිකයි..

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@ඉන්දික - කව්ද රත්තරනේ ගේමක් ඉල්ලුවේ ? මම කිව්වේ අර ඇනෝ කිව්ව දේ ගැන විතරනේ . හැබැයි ඔබා සහ පහල ඇනෝ කෙනෙක් කියල තියන විදිහට මේ ඊමෙල් එක ඉන්දියන් කාරයෝ ගැනයි මුලින්ම ලියවිලා තියෙන්නෙ . අයියෝ සල්ලි කිව්වලු !!!

අයිෆා ගැන කථාවට මාත් එකඟයි , ඒක භාගෙන නැමක් . ඒ වගේම කිලෝ මීටර 32ක පරතරයක් තියන රටවල් දෙක අතර ඕනි තරම් මිනිස්සු එන්න යන්න ඇති කියන එකත් හරි . කොහොමටත් පිටුවහල් කරපු එකාට වඩා ආතල් එකට බෝට්ටු පැදගෙන ආපු උන් හොඳා

Anonymous said...

ටික කාලෙකට කලින් මේකම ඊතැපෑලෙන් ආවා. දන්න කියන අයට යවලා දෙතුන් දෙනෙක්ගෙන් කන පුරා අහගත්තා අඩු නැතුව...සෙන්ස් ඔෆ් හියුමර් නැති සිරා ජාති හිතෛෂී වර්ගයේ අයගෙන් :-)
-Kandyan-

අකූ said...

කතා ටික නම් පට්ටම ඇත්ත. අකුරු බලාගන්න නම් අමාරු වගේ

ItalyDilan said...

හික්ස් මේවගෙන් ගොඩක් දේවල් මමත් කරනවා,තව ගොඩක් දේවල් අඩුයි දුකා අයියේ,

අසරණයා said...

සන්තෝසෙන් වුනත් දුකෙන් වුනාත් අපි ගැනමයි මේකේ තියෙන්නේ.අපි අපිටම හිනවිමක්නම් නෙවෙයි මෙතන තියෙන්නේ.

ඔබ නොදු‍ටු ලොවක් said...

අපේ ගෙවල් ලඟ ගේක පු‍ටුසෙටිය ලැමිනේට් කරලා වගේ.ඉටිකොළ දාලා..ඒක නිසා එහෙම එකක් දැක්කම කියන්නේ ඩුබායි ගෙදර පු‍ටු සැටිය වගේ කියලා....

Praveena Palipana said...

හැබැයි ඉතින් වැරදිලා හරි වෙන ජාතියක කෙනෙක් දැක්කොත් ඉංග්‍රීසියෙන්ම ඔක්කොම පේන්ට තියනවා...:D:D:D

ඒ ටික දාන්ට තිබුනේ සිංහලෙන්.

කතන්දර Kathandara said...

ඔබ්සෝවර් කියා ඇති පරිදි මෙහි මුල් වර්ෂන් එක ආවේ ඉන්දියානුවෙක් හඳුණාගන්නා හැටි ගැනයි.

ඒ මීට අවුරුදු දහයකටත් විතර ඉස්සර කාලේ. මං හිතන්නේ 1998 විතර වෙන්න ඕනෑ.

ටික කාලේකට පසු මේක ලංකාවේ අයට ආදේශ කරලා අතිනත යැවුණා.

මේකට එකක් එකතු කරන්න ඕනෑ.

* You copy silly Indian jokes, replace Indian with Sri Lankan and circulate.

මෙකත් අර කලවෙරි සින්දුව වගේ වැඩක්!

පිස්සා පලාමල්ල said...

ඇත්තම තමා

Anonymous said...

මේක ඉන්දියානුවන්ගෙ ගති ලක්ෂන ගැන ශෙයා කරපු ඊමෙල් එකක් , පස්සෙ අපේ කට්ටිය ලංකාවේ අයට හදාගත්තට , මම කාලයක් වැඩ කලේ ඉන්දියාවේ .ඒ කාලේ උන්ට හිනා වෙන්න පාවිච්චි කරපු එක ආයුධයක් ඕක . දුකා , ඉන්දික මැද පෙරදිග ඉන්න ඉන්දියානුවො ගැන දක්වන අදහස් නිවැරදි ඇති . ඒ වුනත් මම ඉන්දියාවේ ගතකරපු කාලය තුලදි ලබපු අත්දැකීම් අනුව නම් උන්ගේ සහ අපේ වෙනස් කම් තියෙන්නෙ බොහොම පොඩ්ඩයි . මම එදා ඔය ඊමෙල් එක (ඕකමදඔය වෙන එකක්ද මන්ද )උන්ට හිනා වෙන්න පාවිච්චි කලත් ඒ ලක්ෂන අපෙත් තියන බව මම දැක්කා . ඉන්දියානුවන් සහ අපි වෙනස් වෙන මූලිකම කාරණය උන්ගෙ කාස්ට් සිස්ටම් එක . සැහෙන්න වෙස්ටනයිස් වෙච්ච මුම්බායි වල පවා සැරට තියන දෙයක් ඕක . ලංකාවේ අපි නම් කසාදයකටවත් කුලය හොයන්නේ කලාතුරකින්නේ ., ඒත් උන්ගේ ප්‍රයිවෙට් සෙක්ටර් එකේ රස්සාවකට යන්නත් කුලය බලපානවා . සමහර විට මැද පෙරදිගට සංක්‍රමණය වෙලා ඉන්න ගොඩ දෙනෙක් ලෝවර් කාස්ට් වෙන්න ඇති . මොකද තමන්ගේ රටේදි තැනක් ගන්න බැරි නිසා .ඒ වගේ මිනිස්සුන්ගේ අඩු පාඩු තියෙන්න පුලුවන් . මට ඉන්දියාවේ ගොඩක් ප්‍රාන්තවල උන් මුනගැහිලා තියනවා , උන් එක්ක වැඩ කරලත් තියනවා . අපේ වගේම එකට ඉඳන් _කට කොටන ජාතියේ උන් වගේම බොක්කෙන්ම ඕනි දේකට සෙට් වෙන උනුත් අපමණයි . සීක් කාරයො ඇරෙන්න අනික් හැම ජාතියක් එක්කම අදටත් පවතින යාලුකම් පවත්වාගන්නත් පුලුවන් වුනා . මට උන්ගේ තිබුන ලොකුම අවුල මස් කන්නෙ නැති එක . මුම්බයි වලදි ඇරෙන්න අනික් ගොඩක් තැන් වලදි මුණ ගැහුන උන්ගෙන් වැඩි දෙනෙක් වෙජිටේරියන්ස් ලා . ආතල්ම වැඩේ උන්ට කණ පැලෙන්න ගහන්න හොඳයි , බයිට් එකට චිකන් කන්න නරකයි !

රාජ් said...

මටත් හරියට හරියන ඒව ගොඩයි!

සරත් ලංකාප්‍රිය said...

Everything you eat is flavoured with garlic Onion and chillies
(You buggers copy it and shamelessly display in your so called food channels as your own recepies..!.. You lick your fingers after eating them in asian restaurents .. afterwards you condemn the people who invented spices when you buggers were eating only with salt )

You try to eject food particles from between your teeth by pressing your toungue against them making peculiar noise tshick tshick !

(You buggers eat and let all the rubbish stuck between teeth remain till next meal to get additional flavor of rotten food.. Nobody can bear the smell emanating from your traps when you talk…)

You are standing next to the two largest size suit cases at the airport..
(Naturally.!! We believe in giving gifts to our loved ones when you buggers go with swinging hands.. We do not wear dirty clothes but you buggers manage to live one month with only two or three suits)
You arrive one or two hours late to a party and think its normal
You come well in advance and finish of the food and get away without thinking of those who come late
Your toilet has a plastic bowl next to the commode
Naturally !! We wash and clean our arses after number two when you buggers only wipe them with tissues. We often wonder how you buggers manage to do 69 without fainting !)
You name your children in rhythms(honey Money Sita Gita,Thunga& singhe Nimal and Vimal)
You give your children the names of various trades and anilmals etc (Carpenter, Butcher,Bullock, Buck, )

සරත් ලංකාප්‍රිය said...

Your children have pet names which sound nowhere close to their real names..
We love our children and call them by pet names. You just use their names as if they are just outsiders..
You take Srilankan snacks anywhere it says “NO Food Allowed”
Naturally !! You buggers do not cook and eat junk food all the time !!
You talk for an hour at the front door when leaving someone’s house..
You only see someone when you need something.. Once it is done you vanish.. We believe in relationships and parting is always difficult for us as we really care )
You load up the family car with as many people as possible..

We are a Nation famous for our hospitality.. We like to share what we have with as many as possible but you buggers enjoy life ignoring own family members who suffer..
You use plastic to cover anything new in your house whether it’s a remote control, VCR, carpet or new couch.

That is simply to keep the dust and germs away.. Especially so as you buggers do not wash your underside after “number two”and place your pretty assess on our couch.. You touch the remotes with those fingers to handle tissue to wipe your backsides !
Your parents tell you not to care about what your friends think, but they won’t let you do certain things because of what the other Uncles and aunties will think..

Naturally !! Friends understand us well but not others !!

You teach your kids to say uncle or auntie to to anyone older related or not..
Yes.. We teach our children to respect elders..

Owning a rice cooker is atop priority >.

So what ? we don’t want to borrow it like you do as rice happens to be our principal food !
Use the dishwasher to store dishes-use it only for special occations ..
Naturally ! We do not use it to wash two plates and two cups !

Say NO after every sentence..ie . that’s good No, Very expensive No etc..

English isn’t our mother toungue !! We adapt it to our taste..

Men use the word PUT frequently.. Put a drink.. Put a Jump !

You buggers lack a sense of humour to enjoy such coined words..
You live with your parents even after 40 years old(And they like it that way)
Yes.. We love our parents and they love us..You buggers chase yor kids when they are teenagers.. or they run away from home as they are fed up with you as parents.. Finally you live alone and see your kids only on father’s day !

If she is not your daughter, you always take interest in knowing whose daughter has run with whose son and feel it’s your duty to spread the word.
So that they will be left alone together as husband and wife.. When the marriage is not published we believe in giving publicity free of charge so that every one will know..
If you don’t live at home,when your parents call, they ask if you’ve eaten, even if it’s midnight
Yes.. out of concern towards our kids.. You buggers eat and forget your kids who live with you in the same house. They have to cook for themselves.. or eat a hamburger instead)
When your parents meets a Srilankan for the first time and talk for a few minutes, you soon discover they are your relatives..

So what ? We are all relatives in this small island.. The day we accept it will be the day we enjoy real peace..

Your parents don’t realize phone connections to foreign countries have improved in the last two decades,still scream at the top of their lungs while talking..
Yes some of them may have hearing difficiencies at old age.. Our parents always use speaker phone so that all family members participate.

මකුළුවා..... said...

මොනවා වුනත් අයියා සිරා කතාව හි හි හි.....

සචී said...

කියන්න හිතාගෙන ආපු දේ ඉහළ ඇනෝ කියලා...originally මේක ඉන්දියන් කට්ටිය ට හිනා වෙන්න එයාලම හදපු එකක්..(මම ඒකත් කියවලා තියෙනවා..ඒකෙ තිබුණෙ, ඉන්දියන් නොවන අයට යවන්න එපා කියලා...!!) හැබැයි දකුණු ආසියාතික මානසිකත්වය නිසා ඒ හුඟක් දේවල් අපටත් අදාළයි...

බුද්ධි said...
This comment has been removed by the author.
පිණිබිඳු... said...

You try and re-use gift wrappers , gift boxes, aluminum foil and of course disposable cups & plates
හෙහ් හෙහ්.

බුද්ධි said...

දුකා භයියා,
පලවෙනි වැරැද්ද අපිට කියවන්න මේක සිංහලෙන් නොදාපු එකයි. මේක දැං අපිට වඩා කියවන්නෙ පර දේසක්කාරයො. මෙන්න නියම ජාත්‍යන්තර කුමන්ත්‍රණ.:P

ඉතුරු ටික ඕන්නැ..... හොහ් හොහ්.....

නිසුපා said...

මටත් මේ මේල් එක ආවා වගේ මතකයි.මොනවා වුනත් අපිට ගැලපෙනවා....

සිතුවිලි නිහඬයි said...

හික් හික්.....

මොනා නමුත් ඇත්ත කියලා තියනවා.....

Miyuru said...

මේ පෝස්ට් එක වගේම සරත් ලංකාප්‍රිය දාපු උත්තර ටිකත් නියමයි... මං නම් කියවල තිබ්බෙ නෑ මේක කලින්.... :D

වර්ණා said...

පට්ට ඇත්ත නේද හේ හේ

අලුත් කොල්ලා said...

@සරත් - පට්ටම පට්ට උත්තර ටිකක්... Simply Great!!!!!!

@දුකා - මේක අපේ අල්ලපු රටේ උන්දැල ගැන ආපු එකක් වගේ මටත් මතකයක් තියේ ලොක්කා..

Anonymous said...

You are going to Airport to leave the country, all your family members and relatives comes to the Airport with you to say goodbye. :)

@ ගැමියාගේ පත් ඉරුව

උබ බලල තියෙන්නේ Noun එක. bugger කියන එකේ Verb එක :Make a mess of, destroy or ruin

කැප්ටන් ජැක් ස්පරෝ bugger කියල කියන්නේ මම හිතන විදිහට "විනාසයි" , "අනාතයි" වගේ තේරුමක් ඇතිව.

දුමී said...

හොඳ වෙලාවට ඕ ලෙවල් වල ඉංගිරීසි වලට සී එකක් තියෙන නිසා අකුරු ටික ගලපගෙන කියෙව්වා. තේරුනේ නැති හරිය පොඩි එවුන්ගෙන් අහගත්තා.....!

මේක මට ඊලෙන් ආවෙ අල්ලපු රටේ එවුන් ගැන කියලා. විශේෂයෙන් මලයෝ ගැන.....!

prasanna86k said...

දැන් මේක ඉංග්‍රිසියෙන් දකින වුන් මොනවා නම් හිතයිද ලංකාවෙ ගැන...

ඉන්දික උපශාන්ත said...

බුවා,

මම උඩ ඇනෝ කියල කිව්වෙත් උඹ රිෆර් කරපු ඇනෝටම තමා. කරුමෙට මගෙ කමෙන්ට් එක වැටෙනකොට උඩ තව ඇනෝල ඇවිත්.

සංස්කෘතිකමය වශෙයෙන් අපියි ඉන්දියාවයි එක උනාට මතවාදමය හා සමාජමය පැත්තෙන් ගත්තම ඒක වෙනස්. අපි ඉන්නෙ වඩා හොඳ තැනක. අනික උන් ලොකු රටේ නිසා හිතන් ඉන්නෙ අපි උන්ට යටත්වෙලා ඉන්න ඕන කියල. ඒක උන්ගෙ මහ එකා ඉඳල පොඩි එකා දක්වා තීන හැඟීමක්. අනික අපේ සමාජමය දර්ශකවල තීන දියුණුව සහ පුන්චි රටක් උනත් න්‍යශ්ඨික අවි නැතත් ක්‍රීඩාවෙන්, දැණුමෙන් වගේම වෙන ඕනම දේකදි උන් එක්ක කලාපෙ කරට කර ඉන්න රටවල් දෙකින් ( අනික පකිස්ථානය ) එකක් නිසා අපි එක්ක තියෙන තරහ කියන මේ කාරණා නිසා මම දුටු තැන ඉන්දියානුවන්ට ගහන්න පුළුවන් උපරිමෙම්ම ගහනව සහ උන්ට සපෝර්ට් කරන උන්ටත් සැලකීම ඒකම තමයි.

මධුරංග said...

අයෑම් ශ්‍රි ලංකා !!!
මේ කියලා තියෙන දේවල් වලින් නම් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකාවේ එකෙක් කියලා හොයාගන්ට පුලුවන් !

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඉන්දික - ගහන නොගහන එක තමුන්ගේ කැමැත්තක් , ක්‍රිඩාවෙන් හැර අනික් දේවල් වලින් ඉස්සරහට යන්නෙ කව්ද ? රිවස් ගියර් එකේ යන්නේ කව්ද කියල මගේ තියෙන්නෙ ප්‍රතිවිරුද්ධ අදහසක් . ඉන්දික පහර ගැහුවා හෝ නැතා යථාර්තය වෙනස් වෙන්නේ නැනේ , බලමු අවුරුදු කීපෙකින් මොකද තත්වය කියල,

ගැමියාගේ පත් ඉරුව said...

දුකා අයියේ අර වචනේ තේරුම තේරුණා ස්තූතියි ඈ මම මෙච්චර කල් හිතාගෙන හිටියේ ජැක් සැපැරෝ හොඳ කුණුහරුපයක් කියනවා ඇත්තේ කියලා හි හි

පැණි දොඩම් said...

යකෝ ඉන්දියාවෙ ඉන්නවද බොන වෙජිටේරියන් එවුවො. මෙහෙ නං මම දැකල නෑ.

පොත් ගුල්ලා said...

මට නං හිතෙන විදිහට මේක ඉන්දියන් කාරයෝ ගැන ඊ මේල් එකක්. පොඩ්ඩක් මොඩිෆයි කරලා ශ්‍රී ලන්කන් කරගෙන.

Bindi said...

හි හි අපිත් ශ්‍රී ලාංකික .

Anonymous said...

පේරාදෙණිය‍ විශ්වවිද්‍යාලයේ කාන්තා සමලිංගික හිංසනය

read more
http://andarademala.blogspot.com/2012/02/blog-post.html

අභීත said...

මටනම් මේකෙන් නැත්තේ එකයි දෙකයි..... ඒත් මේක අපිට වඩා ඉන්දියානු පොරවල් වලට තමයි ගැලපෙන්නේ මේ හැමෝම කියනවා වගේ.... අමාරුවෙන් කියවලා තේරුම් ගත්තේ... සිංහලෙන් දැම්මානම් අපිට විතරයි කියවන්න පුළුවන්...

Post a Comment

සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..

Related Posts with Thumbnails