මෙහේ මිතුරන් කීදෙනෙකුත් බ්ලොග් සහ බස් වල දෙතුන් දෙනෙකුක් දන්නවා මේ දවස් ටිකේ මම ටෙන්ඩර් එකකට මුක පූට්ටු කරගෙන (කට තද කරගෙන) වැඩ කියලා . . .
ඔහොම මුක පූට්ටු වෙලා ඉන්න වෙලාවක එනවා මෙන්න කෝල් එකක් . . .
"මචං උඹ ඊයේ රෑ කෝල් කලා නේද . . . ආන්සර් කරන්න බැරි උනා බන් . . මොකෝ දැන් කරන්නේ"
"අනේ බන් මම මේ XXX ටෙන්ඩර් එකකට හිර වෙලා ඉන්නේ බන් . . "
"උඹ මොකද්ද කිව්වේ . . ඇහුනේ නෑ බන් . .මම මේ ස්පීකර් ෆෝර්න් දාලා තියෙන්නේ"
"මොකක් . . . XXXත් ඔතනද"
"ඔව් ඔව් මොකද්ද උඹ කිව්වේ"
"යකෝ ෆෝර්න් එතික්ස් දන්නේ නැද්ද? ස්පීකර් ෆෝන් දානවනම් කතා කරපු ගමන් කියන්න ඕන මම මේ ස්පීකර් ෆෝර්න් දාලා තියෙන්නේ කියලා . . බලපන් මම කිව්ව කුනුහරුප ඇහුනද මන්දා"
හෙන චාටරේ . . . හෆොයි . .
දුරකතන ඇමතුමකදී තමන් කතා කරන කෙනා හරියටම අඳුනගෙන ඉන්න ඒ පුද්ගලයා ඉන්න තත්වය තේරුම් අරන් කතා කරන්න කියලා අපේ ජීවිතේ මල් ලියන දිල්ෂාරා නගා කනට ගහල වගේ කියලා දෙන පෝස්ට් එකක් කියවලා මාසය්ක් ගියේ නෑ . . .
එම ගොං කම ම ආයේ කලානේ . . ශිශ්
සාමාන්‍යයෙන් අපි මිතුරන් සමඟ කතා බහ කරනකොට කිසිම පූර්ව කොන්දේසියක් නොදානේ කතාබහ කරන්නේ . . .
ඕනේම දෙයක් කියන්න . . ඕනෑම විහිලුවක් කරන්න පුලුවන් මිතුරෝ එක්ක විතරයිනේ . . .
ඒකනේ එයාලට මිතුරෝ කියන්නේ . ..
ඒත් මිතුරන්ගේ භාශාවේ සමහර වචන වල තේරුම් අහන් ඉන්න අය වරදවා හිතන්න තියෙන සම්භාවිතාවය හොඳටම වැඩී . . . .
නිකමට හිතපු අපි අපි කවුරු හරි දන්න කෙනෙක් ගැන කතා කරනවා . . .
ඌ ඒ කෙනා ගැන මට කියන්නේ මෙහෙමනේ . .
"අන්න උබේ කෑල්ල උඹ ගැන ඇහුවා"
"අන්න අරයා මෙහේ අවිත්"
ඕකේ අරයා සහ මෙයා අතර නියම සම්බන්ධතාවය බොහෝ විට මෙයා කැමති බව අරයා දන්නේ නැතුව වගේ දෙයක් වෙන්න ත් පුලුවන් . . .
එහෙම නැති නම් අරය වත් මෙයාවත් දෙන්නගෙම තුං හිතක වත් නෑ වෙන්න පුලුවන් . . .
ඒත් විහිලු කරන මිතුරාට ඒවා අදාල නෑනේ . . ඌට ඕන විහිලුවක් කරන්න විතරයිනේ . .
ඒ නිසා මින් පස්සේ ස්පීකර් ෆෝර්න් දාගෙන කාට හරි කතා කරනවනම් මචං මම ස්පීකර් ෆෝර්න් දාලා තියෙන්නේ කියලා කියන්න අමතක නොකර . . නැති නම් ඉතිං යාලුවෙක් නොමනා විහිලුවක් කලොත් සොරිම තමයි . . .
මම මේ තැන නොතැන නොබලා කතා කරලා හොඳටම පරිප්පු කාපු එකෙක් වෙලත් . .
හෆොයි . . ආයෙත් මම ම ඔන්න මටම ටොක්කක් ඇන ගත්තා . .
අහ් මෙහෙම තැන නොතැන බලලා කතා කියන එක ගැන කිව්වාම මතක් උනේ තැන නොතැන බලලා සිංදු කියන්න ගිහින් මම නෑව නෑමක් . . .
ඉස්සර අපි කටාර් ඉන්න කාලේ දවසක් කස්ටියම ගියා ෂොපින් .. . ලුලූ හයිපර් මාර්කට් එකට . . .
බඩු අරන් අතින් කටින් බෑග් උස්සන් එන කාර් එකට එන අතරේ අපේ පිගී හෙවත් තුෂාරට මතක් වෙලා ඉස්සර රේඩියෝ එකේ තැටිය එක තැන කැරකෙන සීන් එකක් . . .
"මචංලා උඹලා අහලා තියෙනවද අර පරන සිංදුව . . අනේ පිඬු සිටානෝ . . අනේ . . අනේ . . අනේ . . අනේ . . "
"ඒක නෙමෙයි බන් ලස්සන සින්දුව . . . බුදු තාත්තේ බොන්න . . . බොන්න් බොන්න බොන්න . . .. " චමල් පිගීගේ සිංදුව බලෙන් නවත්වල කියන්න ගත්තා . . .
"අයියෝ ඔව්වත් සිංදුද බන් . . . අහපල්ලා මේ සින්දුව" ගිය ආත්මේ ඝන්ටාර පූජා කොරපු නිසා මේ ආත්මේ ලැබුනු ටකරමට බොරළු ගහන සද්දෙන් මම පටන් ගත්තා . .
"මලකිම් බේරෙන පැනි බින්දූ . . . "
සිංදුව නවත්තනකොටම නිකමට පැත්ත බලන කොට මෙන්න ලංකාවේ පවුලක් . . .
ගෑනු මනුස්සයා බිම බලාගෙන යනවා . .
පිරිමි කෙනා මගේ මූනට එබිලා දත් තිස් හතරම පෙන්නලා "හි හී" කියලා කැ . . .. ත හිනාවක් දාලා ගියා . .

Pic from: http://www.nowpublic.com/

49 යි අදහස්:
සික් මට මේක තේරෙන්නෙ නැති හැටි බලපන්කො.... බට ලයිට් වල හොඳම එකද මන්ද මම
සික් විතරක්...
අනේ පිස්සා මලේ... සන්ධි විසන්ධි...
කොහොමද දුකා අයියෙ... මම කාලෙකින් මේ දිහා ආවේ.. දැන් මාත් ලියනවා නොවැ ආයෙ!!!
අනේ අයියෙ phone ethics ගැන අපේ අයට කියලා දෙන්න වෙනවා ඉස්කෝලෙ කාලෙ ඉඳලාම.
අද ගෙදර ඉද්දි ලෑන්ඩ්ලයින් එකට කෝල් එකක් ආවා. කාලෙකට පස්සෙ මම ගිහින් ආන්සර් කරා වෙන කවුරුත් නොහිටපු නිසා. එහා පැත්තෙන් ඇහුවා මල්ලිද කතා කරන්නෙ කියලා. අක්කා කෙනෙක් වෙන්ටැ කියලා මමත් ඔව් කිවා. බලද්දි ලොකුඅම්මා කතා කරලා තියෙන්නෙ. මට phone එකෙන් කටහඬ අදුරගන්න අමාරු නිසා මොනවා කරන්නද? එක්කො මම කතා කරන්නෙ අහවල් දිහායින්, මල්ලිද කතාකරන්නෙ කීවානම් මම පුතා කියලා අදුන්නල දෙනවානෙ. මේ වගේ තාත්තාට එන කෝල් වලට මම ආන්සර් කරාම තාත්තා එක්ක කියන්න ඕන දේවල් මට කියන නිසා මම දැන් ගෙදර ලැන්ඩ්පෝන් එක දිහා ඇහැක් ඇරලා බලන් නෑ.
ඔහොම සිද්දියක් මටත් උනා ඩුබායි වල ඉන්ටෙර්නෙට් කැෆේ එකකදි. එකේ ලන්කාවේ කොල්ලො වගයක් හයියෙන් කුනුහරප කිය කිය කතා කරනවා, අහන් ඉන්න බැරි දේවල් කියන්නෙ. උන්ගෙ හිතේ එතන වෙන ලන්කාවෙ එවුන් නැහැ කියල.මමයි මහත්තයයි හිටියෙ. එත් උන් හිතුවෙ අපිත් ඉන්දියන් කියල. මට හොන්දටම මල....හොන්ද පාඩමක් උගන්නන්නම් කියල මම කලේ එලියට යද්දි මහත්තය එක්ක හයියෙන් සින්හලෙන් කතා කරා උන්ගෙ මූන දිහා බලාගෙනම. ඒක අහුන ගමන් උන් ටික ලාටු කාපු රිලව් ටික වගේ කට ඇරගෙන බලාගෙන හිටිය...
හෙහ් හෙහ්! මලකින් බේරෙන!
ඔය "මලකිම් බේරෙ න" සිංදුව ඔය විදියට වෙලා තියෙන්නෙ ඉස්සර ගුවන් විදුලියෙ තැටිවල ඉරි අඳින සීන් එක නිසා කියලයි මම අහල තියෙන්නෙ . . . එම්. එස්.ගෙ තැටියෙ ඉර ගහපු එකා හොඳම තැනින් ඉර ගහල තියෙන්නෙ . . . .
ශීකේ......! මෙහෙමත් කතා... ඇයි දන්නෙ නෑ අර සින්දුව අහපු අක්කා ඇනෝ ඇවිල්ල කමෙන්ට් කලේ....! මටත් ඉතින් මෙහෙම සීන් වෙලා තියෙනවා. වහ තමා කන්න වෙන්නෙ ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ
මට කතාව කියවල එලිය ගැස්සි ගැස්සි තිබ්බෙ . ඕනය ඉර ගහල පෙන්නුවම තමා පත්තු උනේ. :D
(දිගු කථාවක අතරමැද )
මම:අනේ ඔය _ _ _ට _ කා ගන්න කියහන් බන්
යාලුවා - මචන් ස්පීකර් ෆෝන් දාලා තියෙන්නේ හෙමින් කථා කරහන්
මම - දැන්ද _ _ තො තෝ ඒක කියන්නේ
දුකා අයියා "මල කිම්ඹේ රෙන පැණි බින්දු" සින්දුවත් ස්පිකර් ෆෝන් දාගනම ඔය කාටහරි කියලා දාමු.
දුකා මටත් තොප්පියක් දාලා තියෙන්නෙ ඔය......! හික් හික්...!
ඔය තැන නොතැන නොබලා කතා කරපු නිසා වෙච්ච කතා සෙට් එකක්ම තියෙනව මගේ "අනාගත කට කහන කතා" ලිස්ට් එකේ. ඒත් ඉතින් කවදා ලියලා දාන්න වෙයිද දන්නෙ නෑ...
ෂිකට ෂිකේ... දුකා අයියා... ටියුබ් බල්බ් එක් ස්ටාටෙරේ ගහල ගිහිල්ලා අප්පා මේ දවස් වල...
(රහසින්)ඇත්තටම මොකෑ මේ ,මලකිම් බේරෙන පැනි බින්දූ...,
ඌප්ස්...
අන්න අම්බලම මුලූ ග‍්‍රාමය වලදලා වතුරත් ඉල්ලනවා...
මොනා උනත් එළ. ටියුබ් බල්බ් එකේ ස්ටාටරේ නැතිවම පත්තු උනා වගේ..
හිකිස්
මට තේරුනේ නෑ නේ?:/
ඔහොම වැඩක් නම් මටත් දවසක් උනා..
නියම සින්දුවක් අයියා වෙලාව බලලම කියලා තියෙන්නේ.... :)
එළම තමයි කතාව.. මගේ යාලුවොත් කෝල් කරන කොට නම් ජීවිතේට ස්පීකර් ෆෝන් දමන්නෙ නැහැ.. දැම්මොත් ආත්මෙම ඉවරයි ! ඒකනෙ යාළුවො කියන්නෙ උන්ට!
ඔය වගේ දේවල් ගානට ටයිම් කරල කියන්න හැමොටම බෑ :D
හෆූ....
අපොයි අයියෙ ඔය ස්පීකර් ෆෝන්, කෝල් රෙකෝඩින් එහෙම මහා ජරා තාලෙට කරන උන් ඉන්නවා.
එකම යාලු රොත්තටම කොන්ෆරන්ස් කෝල් දාල සෙට් එකක් නිස්සද්ද කරවලා එකෙක්ගෙ කටින් අනුන්ගෙ ගෑන ජරා විදියට කටට උත්තර දිදී අහන අය මන් අඳුනනවා.
චී...
හලේ ඔයා නම්... හි හි :) පරෙස්සමෙන් අයියන්ඩි :)
Ha ha ha !
;)
වහ කෑවත් මදි වගේ නැද්ද දුකා අයිය... :))
මම නං අහල තියෙන්නෙ 'ගොවියා වේ ර ට ක බ ලේ...'
ඹය වගේ කැ.... සීන් එකක් මටත් උනා මචං.. සෑහෙන කාගෙනට උඩදී... අපේ අල්ලපු ගෙදරක සෙල්ලම් කර කර ඉන්නකොට...මං මගේ යාඵවට කිව්වා... පුලුවන්නම්... "මගේ රජ්ජුරැවෝ බොක්කෙන් සැතපුමක් දිව්වා දිව්වා" කියන වාක්‍ය ඉංගිරියට හරවන්න කියලා... (කැමතිනම් හරවලා බලපන්) මුත් හෙන ට්‍රයි එක....කොහොම හරි අමාරැවෙන් මුට තේරැම් කරලා දුන්න...
"පුතා... කණ පලාගන්නේ නැතුව ගෙට වරෙන්"... යාළුවගේ අම්මා ජනේලෙන් ඔළුව දාලා කිව්වා.....
දුකා අයියා අමනපයක් නැත්තං මම අර සින්දුව හරියට සන්ධි විසන්ධි කරල මෙතන ලියන්නම්..මොකො කියන්නෙ
හික්ස්...හපොයි..ස්පීකර් පෝන් දාගන කතා කරලා වෙච්ච දේවල් නම් කියලා වැඩක් නැහැ..විශේෂයෙන්ම ඔය වාහන ඩ්‍රයිව් කරන අය එක්ක කතා කරද්දි නම් හොඳටම ප්‍රවේසම් වෙන්න ඕන...
මලහත්තිලව්වයි!!! මාත් ටියුබ් ලයිට් වෙලා හිටියේ.
පෝස්ට් එකයි කෙමෙන්ට් ටිකයි බැලුවාම පෝය දව්සේ පවා වැඩට ගිහින් වැඩ කරලා ආපු මහන්සිය කොහේ ගියාද මන්දා ?
මගෙත් කාලයක් ෆෝන් එකේ නෝමල් කම්පීකරේ වැඩ නොකර ගිහින් තිබුනා ඉතින් මම හැම වෙලේම ඉස්පීකරේ දාං තමා කෝල් වලට ආන්සර් කලේ කෝල් ගත්තේ සේරම .. මටත් වෙලා තියේ එල එල වැඩ ටිකක් .. ලියනු බැරිය ඒවා නම්
!
හෙහ් හෙහ් දුකා අයියට වෙන වැඩ .......:D
හත්තිලව්වේ උඩ බිම නොබල හැකර කට දිග ඇරල මට වෙච්ච සංගදි නම් නරියෙකුටවත් වෙලා නැතුව ඇති...
මැද පෙරදිග නම් මොකද.. බැංකොක් වල බයියෝක් මෝල් එකේදි දවසක් සෙට් එකත් එක්ක ඉන්න ගමන් අපේ තායි ගයිඩ් කාරය ඇහුව ලංකාවෙ කෙල්ලෙක් හම්බුවුනොත් "හව් ආ යූ" කියල අපේ බාසාවෙන් අහන්නෙ කොහොමද කියල... වටේම ඉතින් තායි කාරයො විතරනෙ.. ( මමත් ඒ පිටරටක ගියාමයි ) මම හොඳ වොලියුම් දාල ( තරමකට අයිස් ටී හෙමත් බීල )කිව්ව "බලු Xසී..." කියපන් කියල... ( කොලු කාලෙන බං )... අනේ ළඟ හිටපු එකා උරිස්සෙන් අන්නිඅකොට වැඩ හරි... ලංකාවෙ ජෝඩුවක් පිටිපස්සෙ.... ඒ අලුගුත්තේරුවත් කරබාගෙන යන්නැතුව අර ගෑනු පරානෙත් එක්කම ඇවිත් අහපි මල්ලිල කොහෙද.. අපි නම් වත්තල කියල...
කතාවක් මතක් වුණා…දුකා… එච්චරම අදාල නැතත් මෙතනම දානවා ඈ… :D
මම කලින් ඔෆිස් එකේ ඉද්දි මීටින් එකක් එහෙම ඉවරවුණාට පස්සේ මමයි තව එකෙකුයි කරන විනෝදාංශයක් තිබුණා…
කොන්ෆරන්ස් රූම් එකේ තියෙන ෆෝන් එකෙන් අඳුනන එවුන් දෙන්නෙකුට කෝල්ස් දෙකක් අරන් උන් දෙන්නව කනෙක්ට් කරලා, ස්පීකර් ෆෝන් දාලා අපි අහගෙන ඉන්නවා… සාමානයයෙන් දෙබස යන්නේ මේ වගේ…
“හෙලෝ…”
“හෙලෝ…”
“ඔව්…”
“ඔව් කියන්න…”
“ඈ..?”
“කවුද කතාකරන්නේ..?”
“ඔය කවුද කතාකරන්නේ…?”
“මොකද්ද…?”
“ඔයාට කාටද කතාකරන්න ඕනේ..?”
“ඔයාට කාටද කතාකරන්න ඕනේ කියන්න… ඔයානේ මට කතාකලේ..!”
“පිස්සුද… ඔයානේ මට කතා කලේ…?”
“තමුසෙටනේ පිස්සු… මෝඩ ආතල් දෙන්න එපා ඕයි…”
“මොන්ගල්ද හලෝ..? තමුසෙට අදද ඉස්සෙල්ලාම ෆෝන් එකක් හම්බුනේ… මෝඩයා..!”
අපේ දවස හොඳ නම් ඔය විදියට කතාව නැගලා යනවා අපිට හිනාව තදකරගෙන ඉන්න බැරුව ඉස්මොල්ලේ යනකල්… ඔන්න දවසක් මෙහෙම දෙබසක් ගියාම තමයි වැඩේ නැවැත්තුවේ…
“ඔයානේ මට කතා කලේ…”
“නෑ ඔයයි මට කතාකලේ…”
“හරි හරි මම දන්නවා…ඔයා බීටලයව අඳුනනවද..?”
“ඔව්…”
“ආ… ඌ ඔෆිස් එකෙන් අපි දෙන්නව කනෙක්ට් කරලා අපි කතාකරන දේවල් අහලා ආතල් ගන්නවා… දැන් අපි දෙන්නා මාරුවෙන් මාරුවට ඕකට කුණුහරපෙන් බනිමු ඔෆිස් එකේ උන් ඉස්සරහා…”
“අන්න හරි මචන්…”
---- නිමි :D ----
මටත් මේක ටිකක් තේරුම් ගන්න අමාරුයි. කොහොමත් අපි පුංචි එවුන්නේ....
පට්ට කතාව. ඔය වගේ අද්දැකීම් අඩු වැඩි විදියට අපි හැමෝටම වෙලා තියෙනවා කොච්චර කිව්වත් ඕක නවත්ත ගන්න බෑ
හප්පා.... තේරුනා තේරුනා... මල කිම් බේරෙන පැණි බින්දු.... හක් හක්....
මම පරක්කු වෙලා ආව එකත් හොඳයි. දුකා අයියාගේ වගේම කතා ගොඩක් කමෙන්ට් වලිනුත් කියෙව්වා! :D
මෙව්ව කියල වැඩක් නෑ! අපිට කතාකරන පොරවල් අපෙන්ම අහන "ඔය කවුද කතා කරන්නෙ" කියල. අනික කතා කරා අපිත් පරිස්සන් වෙන්න ඕන කියල මතක තියා ගනිං ( එක අතකට කෙල උනාම කොහෙද ඔව්ව මතක මචං )
@පිස්සා පලාමල්ල!
දැක්කයින් දැක්කේ නෑ මේ වගේ ටියුබ් ලයිට් එකක් . . හික්ස්
@මාරයා!
සික් විතරක් . . . කැත හිත
@නීනු!
අහ් එහෙමද . . හරි වෙලාවක එන්නම්කෝ ඒ පැත්තේ
@රොෂාන් හේරත්!
අපොයි මළයෝ ලංකාවේ අපේ ෆෝන් එතික්ස් ගැන නම් කියලා වැඩක් නෑ බන්
@ඇනෝ!
හෆොයි . . අපිට තවත් ඔය වගේ දෙයක් උනා.
අපි ඔෆිස් එකේ කස්ටියම ලිෆ්ට් එකට නැග්ගා. ඉන්ඩියන් වගේ ගෑනු කෙනෙක් හිටියා.
වෙනද නම් අපි අනිවා ඩෙෆා මොනා හරි කියනවා.
එදා අපි ඔක්කෝම බර සාකච්චාවක හිටියේ.
බහින ගමන් ඒ ගෑනු කෙනා කියනවා ඔයාලා හොඳ ළමයි ටිකක් . . මම මේ බලන් හිටියේ මම ඉන්ඩියන් කියලා හිතලා මොනව හරි ඕන නැති දෙයක් කියයිද කියලා . .
අපි ටික ගල් ගැහිලා බලාගෙන ඉඳලා ඔෆිස් එකට ගිහින් බඩවල් අල්ලගෙන හිනා උනා . .
@විසිතුරු!
හික් හික් හික්
@ඕනයා!
තෝ ගුවන් විදුලියේ වැඩ කලා නේද කාලයක් . . ඇත්ත කියපන්
@සංජු!
අප්පා කටවල් වලට බ්‍රේක් නැති අය එමටයි වගේ හික්ස්
@මුහුදු කොල්ලකාරයා !
ඇති යාන්තම්
@බුවා!
හෆොයි එකක් නම් මොකෝ දෙක තුනක්ම
@අම්බලම !
හෆොයි කිව්වත් වගේ ග්‍රාමයම වළඳලා මේකා
@දුමී!
අනේද කියන්නේ . . උඹත් ඉතිං . . කියන්න ඕන ඒවා ඔක්කෝම කියල ඉවර උනාම කියනවා මචං ස්පීකර් ෆෝන් දාලා තියෙන්නේ . . ගම හාමිනෙත් මේ මගේ ළඟම ඉන්නව කියලා . . තොපිලා . . .. @#$$%
@නෝටි!
හනේ ඉතිං මේ ටියුබ් බලබ් වලට කවදා කලක් යාවිද . . හික්ස්
@නදී!
ඇති යාන්තම් . . හික් හික් හික්
@දිනේෂ්!
කියලා වැඩක් නෑ බොලන් . .
@වෙනි!
හප්පච්චියේ බොලා ලියන ඒවා විදිහටම නැතෑ කියන ඒවත්
@තාරක!
ඒවට නාන්නම උපන් උන් ඉන්න ඕනේ බන්ස් . . හික්ස්
@දිල්ෂාරා!
හප්පච්චියේ එහෙව් උන්ව උල තියන්න එපැයි බන් . .
ඒත් පවු නේ එතකොට අපේ බීටලවත් උල තියන්න වෙනවා . . වෙන දඬුවමක් බලමු . . හික්
@dawkinssdodo!
hik hik hik
@සාතන්!
වහ කාලා මදි බන් වතුර ටිකකුත් බොන්න ඕන . . නැතිනම් ඒවා වැඩ කරන්නේ නෑලුනේ බන්z
@චාමි!
ඒ වගේද බන් එම් එස් මහත්තයගේ සින්දුව . . හෙ හෙ හේ
@බස්සා!
බොගේ කන පලන්නයි තිබ්බේ . . හික්ස්
@පැන්ඩා!
අනේ මේ මගෙන් අහගන්නේ නැතුව හිටු ඔහොම
දුකා... කථාවයි කොමෙන්ට් ටිකයි නම් මරු... :-)
@ලකී!
වැඩේ කියන්නේ ඔන්න බලපන් ලබන සතිය වෙද්දී අමතකයි . . බලපන් ඒකෙත් හැටි
@මල්මි!
වෙලා හිටියේ කිව්වේ පස්සේ පත්තු උනා වෙන්ටැ
@සඳරු!
යකෝ පෝය දවසෙද මම මේ ජරා කතා කියලා තියෙන්නේ . . හෆොයි
@සිංහයා!
ඒකනේ බන්z
@සපා!
ගල්ෆ් ඉන්න උන්ට අඩු වැඩි වශයෙන් මේ ඇක්ස්පීරියන්ස් එක තියෙනවා වගේ . .
@බීට්ල්!
මට මැවිලා පෙනවා බීටලයා අර මොනවද කාපු රිලවා වගේ අහගෙන හිටපු හැටි . . . හොඳ වැඩේ බොට
@ගෝල්ඩ් ෆිෂ්!
අනේ පව් කුක්කු පැටියා උඹ . .
@ගයාන්!
ඒකනේ බන් . . කටක බ්‍රේක් නෑනේ
@පිස්සා!
ඇති යාන්තම්
@පූසා!
කියෙව්වට කමක් නෑ මේ සින්දු තැටිය එක තැන කරකෝ කරකෝ කියනව එහෙම නෙමෙයි . .
@ඉන්දික!
කෙල උනාම හිතා ගන්නවා ආපෝ ආයේ නම් කියලා . .
එහෙම හිතපු බව මතක් වෙන්නේ ආයේ පාරක් කෙල උනාම
@තිසා!
හද ගී පොතට දානවා එහෙම නෙමෙයි තැටි වල ඉරි ගිය මේ වගේ සිංදු . . හික්ස්
දුකා අයියේ ස්ටෝරිය ඇත්ත...! කථා ටිකත් මරු... සින්දුවත් එළ...
බීට්ල් ගේ කමෙන්ට් එකත් නියමයි... මල් හතයි...!
ඔය වගේ ලොකු සිදුවීම් නම් මට අනන්තවත් ඇහෙනවා. ලංකාවේ අයියලා ලස්සන වචන කිය කිය යනවා. මම ඉතින් මොකුත් නොදන්න එකා වගේ අහන් ඉන්නවා.
මගේ එක යාළුවෙක් ඉන්නවා එයායි මායි කතා කරන්නේ මෙහෙ භාශාවෙන්. බැරි වෙලා හරි එයාට සිංහලෙන් කෝල් එකක් ආවොත් මම ඉන්න තැන මචන් මේ අක්කා කෙනෙක් ඉන්නවා කියලා මුලින්ම කියලායි උත්තර දෙන්නේ.
හි හී.. කලියුග කාලේ ඔයවගේ සීන් එකක් වෙලා නැති එකෙක් හොයාගන්න අමාරුයි. කතාව ෆට්ටම ලොල් ය.
මටත් දවසක් ඔය සින්දුවේ තිබ්බ වචනේ සද්දෙට කියවුනා ප්‍රසිද්ධ ස්ථානයක.කිXX තමයි කියල.එතන හිටපු මගේ අතීසාර මිත්‍රයෙක් වහාම පැනලා කිව්වා හරි හරි ටිම්බර් කියන්නෙයි වුඩ් කියන්නෙයි දෙකම එක තමයි.යන්තම් මගේ රෙදි නොගැලවී බේරුනේ උගේ ස්ථානෝචිත අහවල් එක හින්දා.
ඒකනේ බන් කියන්නේ
ඕන XXXX කියපන්
කුණුහබ්බ කියන්නේ නතිව කියලා..
ඔය වගේ සීන් වෙනවට වඩා හොඳයි තමයි වහ කනවා දුකා අයියා....
Post a Comment
සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..