
පුංචිම පුංචි කාලේ ගමේ ගිය වෙලාවක ආච්චි අම්මලගේ ගෙවල් වලට ටිකක් එහායින් තිබුනු ගෙදරක මනුස්සයෙක් වස බීලා මැරිලා තිබුනා.
ආරංචියට ආච්චි අම්මා එහේ යද්දී පුංචි මාත් ආච්චි අම්මගේ චීත්තපොටේ එල්ලිලා ගියා.
හැදි දැඩි මිනිහෙක් ගෙයින් එලියේ පැදුරක බාවලා හිටියා.
ඉනට පරන චීත්තෙකුත් උඩට හීනි පටි දෙකක් තිබුනු බොඩිය කියලා අපේ ආච්චි අම්මා හඳුන්වපු හැට්ටෙකුත් ඇඳගත්තු ගෑනු කෙනෙක් ඒ මිනිය ලඟ දණගහගෙන කෑ ගහලා ඇඬුවා.
චීත්ත වලින් මහපු ජංගි විතරක් ඇඳගත්තු එක එක වයස්වල ළමයි හතර දෙනෙක් හෝ පස් දෙනෙක් කටවල් වල ඇඟිලි ගහගෙන ඒ දිහා බලන් හිටියා.
ඒ ළමයින්ගේ තාත්තා මැරිලා කියන එක තේරුනු ඒ අයගේම වයසේ වගේ හිටි මම “අනේ මේ අයට දැන් තාත්තෙක් කෝ” කියලා දුකෙන් ඒ අය දිහා බලන් හිටියා.
දිවි නසා ගැනීම කියන දේ නිසා ජීවිතේ පළමු වතාවට මම වේදනාවක් වින්දේ ඒ සිදුවීම නිසා බව ආයාසයෙන් මතක් කලාම සිහි වුනා.
ඒ ගෙදර කසිප්පු ජාවාරම කෙරුනු බවත් කසිප්පු පාරිභෝගිකයෙක් අර ගෑනු කෙනා එක්ක සම්බන්ධයක් තිබිලා අර මනුස්සයට දැනගන්න ලැබිලා ඒ ලැජ්ජාවට, තරහට හෝ වේදනාවට ඒ මනුස්සයා වස බීලා මැරුනු බව ආච්චි අම්මා කිව්වේ මම ලොකු වුනාට පස්සෙත් ඒ සිදුවීම හාර හර අහද්දී . ..
. . . . . . . . . .. . . . . .. . . . . .. . . . .. . . ..
ඊට පස්සේ අපි ජීවත් වුනු ගමේම හෝ එහා ගම් වල එක එක හේතු නිසා වසබීලා, ඇසිඩ් බීලා, බෙල්ලේ වැලදාගෙන, නිදිපෙති බීලා එහෙම මැරුනු අය ගැන . . . මැරෙන්න ගිහින් බේරුනු අය කතා අහන්න ලැබුනත් ඒ කිසි කතාවක් මහා ලොකු කම්පාවක් හිතේ ඇති කලේ නැති බව මතකයි.
ඉස්සර යෞවන කාලේ හැමදාම හවසට නයනා අක්කලගේ පඩියේ ඉඳගෙන පාරේ යන එන අයට කෝචොක් කර කර ඉන්න කාලේ නයනා අක්කලගේ මහම්මා අපිට සමහර අයව පෙන්නලා මේ වගේ කතා කියනවා.
"ආ අර කෙල්ල තමයි ලව් එක ගෙදෙට්ට මාට්ටු වෙලා වස බීලා, ගෙදර අය පොල් කිරි පොවලා ඉස්පිරිතාලේ ගිහින් බේර ගත්තු කෙල්ල"
"අර මනුස්සය තමයි ගෙදර ගෑනිත් එක්ක රන්ඩුවෙලා ඇසිඩ් බීල පස්සේ මරණයෙන් බේරුනේ" අපි ඒ අය දිහා බලනවා විතරයි. අය ගැන දුකක් වේදනාවක් තරහක් කිසි දෙයක් නෑ
කලකට ඉහත වගාවන් පාලු වුනු නිසා සාමූහිකව වස බී මිය ගිය ගොවියන් ගැන වුනත් දුකක් කනගාටුවක් සහ පැවතුනු රජය ගැන කෝපයක් මිසක් ලොකූ කම්පාවක් නම් ඇති වුනේ නැති බවයි මතක.
. . . . . . . . . .. . . . . .. . . . . .. . . . .. . . ..
කටාර් ඉන්න කාලේ දවසක හවස මගේ යාලුවෙක් කෝල් කලා
"මචං අර උඹේ යාලුවා - සමීර, පත්තරේ තිබ්බ විස්තර අනුව ඌ වෙන්න ඕන, කැලනි ගඟට පැනලා මැරිලා. පොඩ්ඩක් හොයලා බලපන්"
කලින් සතියෙත් මට කෝල් කරපු සමීරගේ මොබයිල් එකට ගත්තත් උත්තර නැති නිසා ඌගේ ගෙදර එක්ක සම්බන්ධකම් තිබ්බ ඉතාලි ගිහින් හිටපු ගීත්ට කෝලා.
ඒ සමීර නොවේවායි ප්‍රාර්ථනා කරමින් ඉන්න කොටම ගීත් කතා කලා. ඌ කතා කලේ අඬ අඬා.
"අනේ මචං මම ලංකාවේ හිටියනම් ඌට ඕක වෙන්නේ නෑ බන්. ඌට හිටිය හැමදේම කියන්න පුලුවන් යාලුවා මම"
මාව එකපාරටම එතනම තිබුනු පුටුවේ ඉන්දවුනාද පුටුවට වැටුනද මතක නෑ.
මුළු ජීවිතේටම දිවිනසා ගැනීම කියන දේ නිසා ඒ තරම් කම්පනයක් කවදාවත් වින්ඳේ නෑ.
අදටත් ඉඳහිට අක්කා "අනේ සමීර මල්ලී පවු නේද ඕයි. හරිම හොඳ කොල්ලෙක්. අපරාදේ" කියලා මතක් කලාම අර වේදනාව අවුරුදු හය හතකට කලින් දැනුනු විදිහටම දැනෙනවා.
"ඌ මැරි කරපු අළුතමනේ මචන්. වයිෆ් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් ඇතිවෙලා. ඌ ඒක විසඳගත්තු ලේසි විදිහ තමයි ඒ" ගීත් මට ඊට සතියකට විතර පස්සේ කිව්වා.
. . . . . . . . . .. . . . . .. . . . . .. . . . .. . . ..
ඉන් පස්සේ බොහෝම කම්පාවට පත් වුනු සිදුවීම් දෙකක් පහුගිය කාලයේ ජනමාධ්‍ය හරහා කියෙව්වා.
එකක් ජංගම දුරකථනයේ අසභ්‍ය (අසභ්‍යත්වය මනින මිනුම් දණ්ඩ ගැන නම් මට තාම ලොකු ප්රශ්න්යක් තිබේ) වීඩියෝ තිබුනයි කියලා ගුරුවරියකට අහුවෙලා ගෙදරට කියයි කියන ලැජ්ජාවට ටයි පටියෙන් ගෙල හිරකරගෙන මිය ගිය කොලඹ ප්‍රධාන පාසලක සිසුවියගේ සිදුවීම.
අනෙක් සිදුවීම පුතාගේ ජංගම දුරකථනයේ අසභ්‍ය වීඩියෝ හෝ පින්තූර තිබුනයි කියා පියෙක්ට විදුහල්පති කල චෝදනා නිසා ලැජ්ජාවට වෙඩි තබාගෙන මිය ගිය පියෙක්ගේ සිදුවීම.
. . . . . . . . . .. . . . . .. . . . . .. . . . .. . . ..
කලින් ඉඳන්ම ලියන්න ඕන කියලා හිත හිතා හිටියත්, දිවි නසා ගත්තු අය ගැන හද සසල කරවන ලිපියක් නවම් මල්ලිත්, ලිපි දෙකක් මාරයාත් ලිව්ව දවස්වලම මම හිතුවා වෙලාවක් ලැබුනු ගමන් දිවි නසා ගැනීම ගැන මගේ අදහසුත් ලියන්න ඕන කියලා.
එකම විසඳුම විදිහට දිවි නසා ගැනීම තෝරා ගන්නා අය ගැන ලියන්න මනෝ විද්‍යාව ගැන ලොකු දැනීමක් නැති මට සදාචාරාත්මක අයිතියක් නැති උනත් දශක තුනහාමාරකට වඩා ජීවිත අත්දැකීම් ඇති, දිවි නසා ගැනීම ගැන අහපු විඳපු අත්දැකීම් ඇති නිසා සදාචාරාත්මක අයිතිය ගැන නොහිතා යමක් ලියන්න හිතුවා.
සමහරවිට ඒ ගැන අත්දැකීම් ඇති ගොඩක් අයගේ අදහස් මෙතනට එකතු වුනොත් අනාගතයේ එකම විසඳුම විදිහට දිවි නසා ගැනීම තෝරගන්න සිද්ධවෙන කෙනෙක්ට ඒ තෝරා ගැනීම ගැන තවත් වරක් හිතන්න ඉඩ දෙන කරුනු තියෙන්න පුලුවන්.
. . . . . . . . . .. . . . . .. . . . . .. . . . .. . . ..
එකම විසඳුම විදිහට දිවි නසා ගැනීම තෝරා ගන්නා අය ගැන හිතුවාම මට නම් හිතෙන්නේ බොහෝ අය ඒ දේ කරන්නේ තවත් පාර්ෂවයකට පාඩමක් උගන්වන්න කියලයි.
1. පෙම්වතා හෝ පෙම්වතී අසාධාරණ ලෙස පෙම් සබඳතාවය නතර කල පසු "මම මැරුනට පස්සෙ වත් එයා තේරුම් ගනීනේ මම කොයි තරම් එයාට ආදරය කලාද කියලා" හිතලා ඒ තෝරා ගැනීම කරනවා වෙන්න පුලුවන්.
2. දෙමාපියන් පෙම් සබඳතාවයට විරුද්ධ වී එය නතර කරන ලෙස බලපෑම් කල විටෙක "මම මැරුනට පස්සෙ වත් අම්මලට තේරෙයිනේ ආදරේ කරන එක ඔය කියන තරම් ලොකු වැරැද්දක්ද කියන එක" කියලා හිතලා ඒ තෝරා ගැනීම කරනවා වෙන්න පුලුවන්.
3. සැමියා හෝ බිරිඳ සමඟ එකදිගට කාලයක් කලහ කරමින් සිට එකම විසඳුම ලෙස දිවි නසා ගැනීම තෝරා ගන්නා සැමියෙක් / බිරිඳක් "මේ මනුස්සය මම මලාට පස්සේ වත් තේරුම් ගන්නේ නැතැයි මගේ වටිනාකම" කියා හිතනවා විය හැකියි
4. සම්මතයට, සදාචාරයට එරෙහි දෙයක් කල කෙනෙක් අහම්බෙන් හෝ එය එලිදරව් වූ විටෙක සමාජයට මුහුන දෙන්න අපහසු නිසා එකම විසඳුම ලෙස දිවි නසා ගැනීම තෝරා ගන්න සිතනවා විය හැකියි.
5. බලාපොරොත්තු සුන්වී අයෙක්, ජීවිතය කඩා වැටුනු අයෙක්, ජීවිතය ගැන කලකිරුනු අයෙක් එකම විසඳුම ලෙස දිවි නසා ගැනීම තෝරා ගැනීමට පෙලඹෙනවා විය හැකියි.
. . . . . . . . . .. . . . . .. . . . . .. . . . .. . . ..
ඉහත සඳහන් කල අවසන් කරුන එනම් මා කලින් දවසක් ලියූ "ගොළු හදවත" ලිපියේත් සඳහන් කල පරිදි ජීවිතය ගැන කලකිරී එපාම වී සිටි අවදියක එකම විසඳුම ලෙස දිවි නසා ගැනීම ගැන මාද නේක වාරයක් සිතූ බව අද කියන්නේ ලැජ්ජාවෙන් බව කිව යුතුයි.
ජීවිතය ගැන කලකිරී සිටි අවදියේ පමනක් නොව ජීවිතය ආදරයෙන් බදාගෙන ඉන්නා වර්තමානයේත් සමහර අවස්තාවලදී ඒ තීරණය ගන්න තිබුනා නම් හොඳයැයි සිතුනු බව කියන්නේ විස්මයෙන්.
අවසාන විසඳුම ලෙස දිවි නසා ගැනීම තෝරාගන්න හිතන එකට ලොකු ආත්ම විස්වාසයක් ඕනෑ නැති වුනත් ඒ අදහසින් අත්මිදෙන්න නම් මහා ලොකු ආත්ම විස්වාසයක් තිබිය යුතු බව මම අත්දැකීමෙන්ම දන්නවා.
ඊට වඩා ලේසි ඇති කියලා හිතනවා දිවි නසා ගැනීමේ ක්‍රම වල ඇති භයංකාරත්වය ගැන සිතීම.
වස බීම - මගේ අම්මෝ අරක්කු ටිකක් සෝඩා නැතුව බොන්නම කොයි තරම් අමාරුද. එහෙව් එකේ වස?? අනික බැරි වෙලාවත් බීලත් නොමලොත්? ඉන් පස්සේ සමාජෙට මූන දෙන්නේ කොහොමද?
ගඟක මූදක පැනලා මැරෙන එක - බුදු අම්මෝ වතුර පෙවෙන කොට කොහොම ඉවසන්නද?
බෙල්ලේ වැල දාගැනීම - හිතන්න වත් බැරියෝ . . යාලුවෙක් විහිලුවට හරි බෙල්ල මිරිකනකොට තියෙන අමාරුව කොයි තරම්ද? මැරෙන කම් හිර කරගන්නේ කොහොමෙයි ඉතිං?
නිදි පෙති - මෙව්වා බීලා හොඳට නින්ද ගිහින් දවසක් විතර නිදාගෙන ඉඳලා ඇහැරුනාම කොහොමද ආතල් එක. අතර මඟදී කවුරු හරි ඇහරවන්න ඇවිත් ඇහැරෙන්නේ නැති නිසා ඉස්පිරිතාලේ ගිහින් බේරුනාම ඊට පස්සේ කොහොමද කන චාටර් එක?
මේ අකාරයට දිවි නසා ගැනීම් වල කොයි ආකාරය කල්පනා කලත් එහි ඇත්තේ අති භයංකර ශාරීරික වේදනාවක් බවත් කෙසේ හෝ ඉන් බේරුනොත් "ඇඟ බැදීම" නම් වූ පොලිසියේ මාස ගනනක් හෝ වසර ගනනක් හැම සතියකට වරක් ම වරක් අත්සන් කර පැමිනීම අනිවාර්ය වූ දඬුවමේ අති අපුලත්වයත් තේරුම් ගත්තෙකු කිසිදාක එකම විසඳුම ලෙස දිවි නසා ගැනීම තෝරා නොගන්නා බව මගේ හැඟීමයි.
. . . . . . . . . .. . . . . .. . . . . .. . . . .. . . ..
ඉහත විස්තර කල හේතු නිසා එකම විසඳුම ලෙස දිවි නසා ගැනීම වෙනුවට ගත හැකි විකල්ප ගැන මට සිතෙන්නේ මෙසේයි.
1. එයාට හොඳ නම් කමක් නෑ . . මම උත්සාහයෙන් තවත් දියුනු වෙලා ගොඩක් හොඳ තත්වෙකට ඇවිත් එයාට ඔප්පු කරල පෙන්වනවා එයා ගත්තේ වැරදි තීරණයක් බව.
2. මම හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා ස්වාධීන කෙනෙක් වෙලා මම කැමති කෙනෙක්ට ආදරේ කරනවා. අම්මල අකමැති උනත් මට ගැලපෙන කෙනෙක් කියලා හිතුනොත් අම්මලගේ විරුද්ධතාවය ගනන් නොගෙන ඉන්නවා.
3. විසඳුමක් ඇත්තෙම නැත්නම් වෙන්වෙනවා. මොනව කරන්නද? මරා ගන්නවට වැඩිය ඒක හොඳ නැද්ද? කවදා හරි තේරුනොත් සතුටින් ඉන්න පුලුවන් කම තියාගෙනනේ නිකම් බොරු දේවල් වලට මරා ගත්තේ කියලා, අපිට කිසි ප්‍රශ්නයක් නැතුව සතුටින්ම ඉන්න පුලුවන් කියලා ආපහු එකතු වෙන්න පුලුවන් වුනොත් එකතු වෙනවා.
4. මිනිස්සු කියන්නේ වැරදි කරන අය. මිනීමැරීම වගේ දෙයක් හැර ලෝකේ සමාව දෙන්න බැරි වැරදි තියෙනවද? සමාජයට පැහැදිලි කරලා දෙනවා ඒක මට වුනු වැරැද්දක් කියලා. වැරැද්ද හදාගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා.
5. කලකිරීම නැති කරගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න නම් ජීවිතයට අලුත් බලාපොරොත්තු තියෙන්නේ ඕන. අලුත් බලාපොරොත්තු ඇති කරගන්න ඕන. ජීවිතය අලුතෙන් පටන් ගන්න ඕන.
මේ පස් වෙනි ක්‍රමේ මම ම අත්හදා බලපු ක්‍රමයක්.
අර ගොළු හදවත ලිපියේ කියූ පරිදි ජීවිතය කලකිරී සිටි මට ජීවත් වෙන්න අළුත් බලාපොරොත්තුවක් දුන්නේ මගේ අක්කගේ පුංචි පුතා.
අක්කට මස්සිනාට වඩා මට අදරේ කරපු ඒ කොළු පැංචාව දාලා යන්න මට හිත හදාගන්න බැරි උනා. මම ඉගෙන ගෙන රස්සාවක් කලොත් මගේ ජීවිතේ මට වැඩක් නැති උනත් මේ පැටියට වත් ප්‍රයෝජනවත් වෙයි නේද?
මම එදා හිතුවේ එහෙමයි.
. . . . . . . . . .. . . . . .. . . . . .. . . . .. . . ..
අර පුංචි කාලේ ගමේ මිය ගිය මාමා "උඹ වැරදි වැඩක් කරන්නේ. මේ දරුවෝ ගැන වත් හිතලා ඒක නතර කරපන්" කියලා අර නැන්දට සමාව දීන්න හිතුවා නම් . . .
මගේ දයාබර මිතුරු සමීර "අපි දෙන්නා අතර තියෙන මේ ප්‍රශ්න විසඳ ගන්න බැරි නම් අපි වෙන් වෙමු. ඔයා ඔයාට සතුටින් ඉන්න පුලුවන් කෙනෙක් හොයා ගන්න. මම මාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් මුනනොගැහුනොත් හැමදාම තනියෙම හරි ඉන්නම" කියලා බිරිඳ එක්ක කතා බහ කරලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගත්තානම්
ටයි පටියෙන් ගෙල හිර කරගෙන මිය ගිය අර සිසු දෝනි "අපේ තාත්තා මට හරි ආදරෙයි තමයි. ඒත් මම තාත්තට කියනවා මට ඒවා බලන ආසා හිතුනා කියලා. තාත්තා මම වැරැද්දක් කලේ නෑ කියලා තේරුම් ගනී. ස්කෝලෙන් අස් කලොත් වෙන ගමක හරි කමක් නෑ ස්කෝලෙකට දාන්න කියලා තාත්තට මම කියනවා" කියලා හිතුවානම් . . .
පුතාගේ ෆෝන් එකේ පින්තූර වීඩියෝ තිබ්බා කියල බැනපු ප්‍රින්සිපල් සර්ට "සර්, මගේ දරුවා යෞවන වයසට ආවේනික ලිංගික කුතුහලයෙන් පිරුනු නිරෝගී මනසක් තියෙන දරුවෙක් මිසක් මානසික රෝගියෙක් වත් වැරැදි කාරයෙක් වත් නෙමෙයි. සර්ල අපි කොල්ලෝ කාලේ පත්තර වගේ දේවල් බැලුවා සර්ට මත ඇතිනේ. මගේ පුතාලට ඒ පත්තර නැති නිසා මුන් ඉන්ටර්නෙට් එකෙන් පින්තූර, වීඩියෝ ඩවුන්ලෝඩ් කර ගන්නවා. ඕක මහා ලොකු වැරැද්දක්ද" කියලා අර දරුවගේ තාත්තා කිව්වා නම් . . .
දිවි නසා ගැනීම කියන මාතෘකාව නිසා මට මේ තරම් කම්පා නොවී ඉන්න තිබුනා නේද කියා හිතෙන වාර ගනන මෙතෙකැයි කියන්න බැරි බව මට සිතේ.
ඉහත විස්තර කල හේතු නිසා එකම විසඳුම ලෙස දිවි නසා ගැනීම වෙනුවට ගත හැකි විකල්ප ගැන මට සිතෙන්නේ මෙසේයි.
1. එයාට හොඳ නම් කමක් නෑ . . මම උත්සාහයෙන් තවත් දියුනු වෙලා ගොඩක් හොඳ තත්වෙකට ඇවිත් එයාට ඔප්පු කරල පෙන්වනවා එයා ගත්තේ වැරදි තීරණයක් බව.
2. මම හොඳට ඉගෙනගෙන රස්සාවක් කරලා ස්වාධීන කෙනෙක් වෙලා මම කැමති කෙනෙක්ට ආදරේ කරනවා. අම්මල අකමැති උනත් මට ගැලපෙන කෙනෙක් කියලා හිතුනොත් අම්මලගේ විරුද්ධතාවය ගනන් නොගෙන ඉන්නවා.
3. විසඳුමක් ඇත්තෙම නැත්නම් වෙන්වෙනවා. මොනව කරන්නද? මරා ගන්නවට වැඩිය ඒක හොඳ නැද්ද? කවදා හරි තේරුනොත් සතුටින් ඉන්න පුලුවන් කම තියාගෙනනේ නිකම් බොරු දේවල් වලට මරා ගත්තේ කියලා, අපිට කිසි ප්‍රශ්නයක් නැතුව සතුටින්ම ඉන්න පුලුවන් කියලා ආපහු එකතු වෙන්න පුලුවන් වුනොත් එකතු වෙනවා.
4. මිනිස්සු කියන්නේ වැරදි කරන අය. මිනීමැරීම වගේ දෙයක් හැර ලෝකේ සමාව දෙන්න බැරි වැරදි තියෙනවද? සමාජයට පැහැදිලි කරලා දෙනවා ඒක මට වුනු වැරැද්දක් කියලා. වැරැද්ද හදාගෙන ජීවත් වෙන්න උත්සාහ කරනවා.
5. කලකිරීම නැති කරගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න නම් ජීවිතයට අලුත් බලාපොරොත්තු තියෙන්නේ ඕන. අලුත් බලාපොරොත්තු ඇති කරගන්න ඕන. ජීවිතය අලුතෙන් පටන් ගන්න ඕන.
මේ පස් වෙනි ක්‍රමේ මම ම අත්හදා බලපු ක්‍රමයක්.
අර ගොළු හදවත ලිපියේ කියූ පරිදි ජීවිතය කලකිරී සිටි මට ජීවත් වෙන්න අළුත් බලාපොරොත්තුවක් දුන්නේ මගේ අක්කගේ පුංචි පුතා.
අක්කට මස්සිනාට වඩා මට අදරේ කරපු ඒ කොළු පැංචාව දාලා යන්න මට හිත හදාගන්න බැරි උනා. මම ඉගෙන ගෙන රස්සාවක් කලොත් මගේ ජීවිතේ මට වැඩක් නැති උනත් මේ පැටියට වත් ප්‍රයෝජනවත් වෙයි නේද?
මම එදා හිතුවේ එහෙමයි.
. . . . . . . . . .. . . . . .. . . . . .. . . . .. . . ..
අර පුංචි කාලේ ගමේ මිය ගිය මාමා "උඹ වැරදි වැඩක් කරන්නේ. මේ දරුවෝ ගැන වත් හිතලා ඒක නතර කරපන්" කියලා අර නැන්දට සමාව දීන්න හිතුවා නම් . . .
මගේ දයාබර මිතුරු සමීර "අපි දෙන්නා අතර තියෙන මේ ප්‍රශ්න විසඳ ගන්න බැරි නම් අපි වෙන් වෙමු. ඔයා ඔයාට සතුටින් ඉන්න පුලුවන් කෙනෙක් හොයා ගන්න. මම මාව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් මුනනොගැහුනොත් හැමදාම තනියෙම හරි ඉන්නම" කියලා බිරිඳ එක්ක කතා බහ කරලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳා ගත්තානම්
ටයි පටියෙන් ගෙල හිර කරගෙන මිය ගිය අර සිසු දෝනි "අපේ තාත්තා මට හරි ආදරෙයි තමයි. ඒත් මම තාත්තට කියනවා මට ඒවා බලන ආසා හිතුනා කියලා. තාත්තා මම වැරැද්දක් කලේ නෑ කියලා තේරුම් ගනී. ස්කෝලෙන් අස් කලොත් වෙන ගමක හරි කමක් නෑ ස්කෝලෙකට දාන්න කියලා තාත්තට මම කියනවා" කියලා හිතුවානම් . . .
පුතාගේ ෆෝන් එකේ පින්තූර වීඩියෝ තිබ්බා කියල බැනපු ප්‍රින්සිපල් සර්ට "සර්, මගේ දරුවා යෞවන වයසට ආවේනික ලිංගික කුතුහලයෙන් පිරුනු නිරෝගී මනසක් තියෙන දරුවෙක් මිසක් මානසික රෝගියෙක් වත් වැරැදි කාරයෙක් වත් නෙමෙයි. සර්ල අපි කොල්ලෝ කාලේ පත්තර වගේ දේවල් බැලුවා සර්ට මත ඇතිනේ. මගේ පුතාලට ඒ පත්තර නැති නිසා මුන් ඉන්ටර්නෙට් එකෙන් පින්තූර, වීඩියෝ ඩවුන්ලෝඩ් කර ගන්නවා. ඕක මහා ලොකු වැරැද්දක්ද" කියලා අර දරුවගේ තාත්තා කිව්වා නම් . . .
දිවි නසා ගැනීම කියන මාතෘකාව නිසා මට මේ තරම් කම්පා නොවී ඉන්න තිබුනා නේද කියා හිතෙන වාර ගනන මෙතෙකැයි කියන්න බැරි බව මට සිතේ.



56 යි අදහස්:
ඔන්න උණු උණුවෙම කියෙව්වා . ජිවිතේ කිසි බැඳීමක් නැති කාලේ .. [යව්වන කාලේදී අම්මල අපි ගැන හිතන තරම් අපි එයාල ගැන හිතන්නේ නැහැනේ . එයාලව ඒ කාලේදී දාල යන්න බැහැ කියල හිතෙන්නේ නැහැ .] මැරෙන්න බය නැහැ . අපොයි දැන් නම් යන්තම් හුස්ම වැටෙනවා නම් ජිවිතේ එල්ලිලා ඉන්නවා කොහොම හරි .
දුකා සේරම විස්තර කරලා තියෙනවා . මමත් දැකල තියෙනවා ඔහොම මල අය. බොහොම සමීප අය . ජිවත් වෙලා ඉන්න අය ගැන තමයි වැඩිය දුක . දිවිනසා ගැනීමේ තැත වැරදිලා රෝහල් ගත වුනාම නම් හිතෙයි ආයේ වහ කන්න . කියන කතා අහන ඉන්නත් එපාය . එහෙම රෝගීන්ට අනෙක් රෝගීන් අතර ලැබෙන්නේ දෙවෙනි තැන .
තවත් දෙයක් මෝඩ කමට හරි ඔය වගේ දෙයක් වැරදුනාම කරුණාවෙන් පුනරුත්ථාපනය කරන එක හරි වැදගත් . අපේ ගොසිප් සමාජයේ අය ඒ මනුස්සය ඉන්නකම් ඉතින් ඉස්සරහ හත් මුතු පරපුරටම කතන්දරේ කියල දෙනවනේ . දුකාගේ නයනක්කගේ ගෙදර අය වගේ . ඉතින් ඒ මනුස්සයාගේ දරුවනුත් අපහාස විඳිනවා .
අපි පොඩි කාලේ ගෙවල් ළඟ තරුණියක් කෝච්චියට පැනල මැරුණ. අපිව මළගෙදර එක්ක ගියෙත් නැහැ . අම්ම හිතන්න ඇති මැරුණ විදිහ වගේම එකේ නිධාන කතාවත් අපිට නුසුදුසුයි කියල . හැබැයි අපරාදේ කියන්න බැහැ . වට පිට අයට පින්සිද්ධ වෙන්න පුංචි මන් ඒ කතාවස්තුව ලුණු ඇඹුල් ඇතිවම දැන ගත්තා
මොනම විදිහකින් වත් සියදිවි නසාගැනීම අනුමත කරන්න නම් බෑ... ඒත් ඉතිං ඕක කරගන්න මිනිස්සු ඒ ඒ අවස්ථාවෙ ඉන්න මානසික තත්ත්වය අපිට තේරුම් ගන්න බෑ කියන එක තමයි මගේ අදහස...
ප්‍රශ්න කියන ඒවා කාටද නැත්තේ. ඒකට ඉතින් එකම විසදුම දිවි නසා ගන්න එක කියලා හිතන්නේ මෝඩ මිනිස්සු. ප්‍රශ්න වලින් මැරි මැරි ජීවත් වෙන එක තමයි කරන්න පුලුවන් උතුම්ම දේ.
ප්‍රශ්න කියන ඒවා හැමදාම අපට වද දෙන්නේ නෑ. කවදාහරි ප්‍රශ්න ඉවර වෙන කාලයක් ඒවිනේ.එතකන් ජීවත් වෙමු.
දැන් අර එල්ලිලා මැරුන කෙනා නිසා මුලු පවුලම අනාත වෙනවා කියලා ඒ මනුස්සයාට පොඩ්ඩක්වත් හිතුනේ නැත්තේ ඇයි කියලා තාම හිතා ගන්න බෑ.
දුකා අයියේ, අයියාගේ මේ ලිපියට මාත් එකඟයි. සිය දිවි නසාගන්න තත්වයටම දරුණු නොවුනත් කලකිරීම් ඇති වෙලා තියනවා මගේ ජීවිත කාලය පුරාවටම. ඒවාට මුහුණ දෙන්න පුළුවන් වුනේ ජීවිතේ ඉස්සරහට කරන්න හිතාගෙන ඉන්න මොනවා හරි දෙයක් ගැන කල්පනා කරපු නිසා.
උදාහරණක් විදියට මම අද මෙයාට බැන්නොත් හෙට මට එයාගෙන් පොත ඉල්ලගන්න බැරි වේවි වගේ දේවල්. එහෙම වෙලාවට හදිස්සියේ ගන්න තීරණ නොගෙන ඉන්න මගේ සිත මටම බල කරනවා. හැම දාමත් වගේ අගනා ලිපියක්
ඉතාම වැදගත් කරුණු ටිකක් දුකා ඉදිරිපත් කලේ, මේ ලිපිය අඩුම ගානේ එක අයෙකුටවත් පිළිසරණක් වුනොත් ඒකම ඇති දුකා, ලිපිය ලියන්න මහන්සි වුන එකේ ප්‍රයෝජනය හැටියට
ඔබ්සර්වර්
මේ කතාව කියෙව්වම මගේ මතකයේ තියෙන් සිද්ධීන් දෙකක් මතක් උනා. එකක් තමා මා දන්න තරුණයෙක් සිටියා තියෙනවට වඩා පෙන්නන්න යන කෙනෙක්. ව්‍යාපාරිකයක්.අන්තිම ණය බරින් මිරිකිලා කරගන්න දෙයක් නැතුව මුදට පැනලා දිවි නසාගත්තා. දරු දෙන්නෙක්ගේ පියෙක්..
..අනිත් එක්කෙනා තරුන විශ්වවිද්‍යාල සිසුවියක්. දෙමාපියන්ගේ අකමැත්තට විවාහවෙලා.පසුව සැමියාගෙන් බලපොරොත්තු වූ ආදරය නොලබූ නිසා කෘමිනාශක බීවා. ඒත් මැරුනේ නෑ .මා දුටුවා රෝහලේ ඇය විදි වේදනාව. අදටත් ඇය ලෙඩෙක්.දරුණු මනසික පීඩාවල් ඇති උනාම එන කලකරීම මත මෙවැනි තීරණ ගන්නවා ඇති.
අනිත් අයගේත් වගකීමක් තියනවා ගෙදර කෙනෙකු මානසික පීඩාවකින් පෙලෙනබව වැටහෙනවනම් ඔවුන් ගැන අවධානෙන්
සිටීමට...ස්තූතියි..හොඳ මාතෘකාවක්..
අපි දන්න දුකා ආපහු හරි ට්‍රැක් එකට වැටිලා, සිරා ලියමනක් මචං. උඹට වගේම මටත් එක එක කාලවලදි මැරෙන්න හිතිලා තියෙනවා. ඒක මහම මහ ආත්මාර්ථකාමි සිතිවිල්ලක්. අපිට එහෙම හිතෙන්නෙ තවත් කෙනෙක්ට පාඩමක් උගන්නන්න තියෙන හොඳම විදිහ තමා ඒ කියලා හිතලා. ඒත් අපි ජීවත් වෙලා හිටියොත් ඒ පාඩම් උගන්නන්න ඊටත් වඩා හොඳ චාන්ස් අපිට හම්බ වෙනවා. මම ඉස්කෝලෙ යන කාලේ මගේ සංගීත කණ්ඩායමේ හිටපු ඉතාමත් මියුරු විදිහට බටහිර ගීත ගායනා කරපු මිතුරෙක් (අද ඔහු සිටියානම් ලංකාවෙ ප්රමුඛ පෙලේ ගායකයෙකු වෙනවා ගේමක් නැතිවම ) බෙල්ලෙ වැල දාගෙන මැරුනා. ඒ කතාව මම ආපහු කමෙන්ට් එකකින් දාන්නම් වෙලාවක් ලැබුන ගමන්ම. මගේ ජීවිතේ ලොකු කම්පණයක් ඇති කල ඒ සිද්ධිය මතක් වෙන වාරයක් වාරයක් පාසා මට ඒ කම්පණය දැනෙනවා.
ගොඩක් වෙලාවට සියදිවි හානිකර ගන්නේ ප්‍රශ්න වලට මුහුන දෙන්න බැරි මිනිස්සු.මනුස්ස ජීවිතයේ වටිනාකම නොදන්න මිනිස්සු කරන මේ වැඩ වලින් වෙන්නේ ප්‍රශ්න විසදෙනවට වඩා වෙනත් පාර්ශවයකට නැති ප්‍රශ්නයක් ඇති වෙන එක තමයි.මනුස්ස ජීවිතයේ වටිනාකම දන්නවා නම් කවදාවත් මේ වගේ දේවල් වෙන්නේ නෑ කියලා තමයි මම නම් හිතන්නේ.
මගේ යාළුවෝත් කීප දෙනෙක්ම එල්ලිලා මැරිලා තියෙනවා මම නම් මළ ගෙදරවත් ගියේ නෑ.කුහක කමකට නෙමේ ප්‍රශ්නේ හිතේ තියාගෙන ඉන්නේ නැතුව අපි කාට හරි කියුවා නම් මොකක් හරි විසදුමක් දෙනවනේ..එහෙම කියන්න වත් හිතේ හයියක් නැති මිනිස්සුන්ගෙන් මටත් ලෝකෙටත් වැඩක් නෑ..
පස්සේ වෙලාවක මේකට දෙයක් ලියන්නං..වටින කියන ලිපියක්..
දුකා අයියා මේ පෝස්ට් එක නම් සුපිරි. ඇත්තටම ඔයාට හිතිලා තියෙන විසඳුම් ටිකත් හරි අපූරුයි. ඇත්තටම එහෙම්ම තමා වෙන්නත් ඕනේ....
ප්‍රශ්ණයක් ආවාම කා එක්ක කතා කරන්න පොඩි කාලේ ඉඳලාම පුරුදු කරන්න ඕනෑ.
එහෙම කතාකරන්න පුළුවන් තැන්, පුද්ගලයෝ බිහි කරන්න ඕනෑ.
ප්‍රශ්ණ නිසා දුක් විඳින අයට හිනා වෙන එක සමාජයක් විදියට අතහරින්න ඕනෑ.
නැත්තං මේ ප්‍රශ්ණය එන්න එන්න වැඩි වෙයි.
තවත් විවාදාත්මක කාරණයක් තමයි මේ පුනරුත්පත්තිය කියන සංකල්පය සිය දිවි නසාගැනීමට කොච්චර දුරට බලපානවද කියන එක.
සිය පණ නැසීම කියන්නේ පර පණ නැසීම වගේම පවක් කියලා උගැන්විය යුතුයි.
-කතන්දරකාරයා
මමත් ඔය කිව්ව දිවිනසාගත්තොත් හොදයි කියන තැනට එකම එක පාරක් ඇවිල්ල තියනව මීට අවුරුදු කීපයකට කලින්.ඒකත් ඔය කිව්ව වගේ බොහෝ දුරට අනිත් අයට පාඩමක් උගන්වන්න හිතාගෙන කරන්න හදපු වැඩක්.මැරෙන්න තුවාල වෙන්න ගොඩක් බය මම ඒ දවස්වල ඊට වෙනස්ම විදියට හැසිරුනා.වස බොන්න බෙහෙත් පෙති බොන්න වගේ රිදෙන විදියට නොමැරී වාහනේකවත් හැප්පියන් කියල අධික වේගෙන් ගිය වෙලාවල් තිබුන.ඒක හරි මෝඩයි කියල දැනුයි තේරෙන්නෙ.
හැබැයි දෙයක් කියන්න ඕනෙ.මේ දිවිනහගන්නව කියන හැගීම මම හිතන්නෙ ලෝකෙ ගොඩක් මිනිස්සුන්ට හිතෙනව.නමුත් දිවි නසාගැනීම දක්වාම ඒක යන්නෙ ගොඩක් 'නිහඩ චරිත' කියලයි මට හිතෙන්නෙ.තමන්ගෙ ප්‍රශ්නෙ කියන්න අය ,ඒ ගැන කතාකරන්න අය ඉන්නව නම් ගොඩක් වෙලාට ඔය අදහස අතහැරෙනව.මමත් ඒ දෙයින් ගැලවුනේ යාලුවො හින්දයි.අද හිතෙනව ඒක කොච්චර පුංචි ප්‍රශ්නයක්ද කියල.මම දැන් ඕනෙම බලාපොරොතුවක් ඇති කරගනිද්දි ඒක හරිගියොත් ඇතිවන සතුට වගේම නැතිවුනොත් ඇතිවන තත්වය ගැනත් හිතනව.නැතිඋනාට උබ සැලෙන්නෙ නෑ නේද කියල හැමවෙලේම හිතෙන් අහනව.
හැම දේම වෙන්නෙ හොදටයි කියල හිතල ඉදීමයි හොදම දේ.! :)
මිනිස්සු තමංගෙ ප්‍රශ්න අනුං එක්ක කතා කරයි අහං ඉන්නේ තමංව අවබෝධ කරගන්න පිරිසක් නං. ඒ උනාට මේ රටේ ඉන්නේ ඒ කියන ටික හරි පස්සෙ වෙලාවක අර මනුස්සයාට එරෙහිව පාවිච්චි කරන්න මාන බලන උන්දැලනෙව. ඒකයි අපේ ඈයො කට වහගෙනම ඉන්නේ.
marai dukaa aiye ada mage yaluwek wasa bila hospital 1ke. anthimai
eya wasa bonna kalin meka pennanna thibbanam hodai
minihatanam 2weni parak lebena ekak ne
සියදිවි නසාගන්න හිතුනෙ නැතත් මොකක් වෙලා මැරිල යනවනම් කියල හිතුනු වෙලාවල් නම් තිබුන. දැන් හිතෙනව ඒ වෙලාවල් වල කොච්චර මෝඩ වුනාද කියල. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වුනාම ගොඩක් වෙලාවට අපිට හිතෙන්නෙ මේක තමයි ලෝකෙ තියන ලොකුම ප්රශ්නය, මේකෙන් ගැලවෙන්න විදියක් නෑ කියල. ඒක නිසා වෙන්න ඇති සියදිවි නසා ගැනීම කියන එක එකම විසඳුම කියල මිනිස්සු හිතන්නෙ.
අයිය කිව්ව වගේ හොඳම දේ ඒ වෙලාවට තමන් ගැන හිතන්න බැරි නම් අනිත් අය ගැන හිතන එක. මම මේ දේ කරගත්තොත් අම්ම තාත්ත, සැමියා හෝ බිරිඳ, සහෝදර සහෝදරියො, යාලුවො කොච්චර දුක් වේවිද කියල හිතන්න පුලුවන් නම් ඒ වෙලාවට හිත වෙනස් කරගන්න බැරි වෙන එකක් නෑ කියලයි මට නම් හිතෙන්නෙ.
බොහොම වටින ලිපියක් අයියේ! මොනම හේතුවක් නිසාවත් සියදිවි නසාගැනීමනං අනුමත කරන්න බෑ
මිනිස්සු වුනාම ඉවසීම පුරුදු කරන්න ඕනෙ. අද මැරෙන්න තරම් හිතෙන හේතුව තව අවුරුදු ගානක් ගියාම සුලු දෙයක් කියල හිතෙනවා. හොඳ ලිපියක්.
ජය වේවා.
JH
මම නම් හිතන්නෙ ජීවිතෙ කියන්නෙ විදින්න ඕන දෙයක්....විදවන්න ඕන දෙයක් නෙමෙයි....අපි ජිවත් වෙන්නෙ සතුට නිසා.ඒක නැති උන දවසට තමා මැරෙන්න හිතෙන්නෙ....මටත් ඕක හිතිලා තියෙනවා..එතකොට මම කරන්නෙ සතුට ඇති තැන හොයාගෙන යනවා........අන්න ඒකයි වෙන්න ඕන..........
අන්තිමට දුකා අයියා දීලා තියන උත්තර ටික නම් කෝටියක් වටිනවා, ඇයි අපිට ඇත්ත කියලා වැරැද්ද හදා ගන්න බය වෙන්නෙ .....
කොච්චර අමාරුවෙන් හරි එහෙම කරන්න පුලුවන්නම් සිය දිවි නසා ගැනීම කියන එක ඕන වෙන එකක් නැහැ .....
ඔය පස්වෙනි කාරනේ කියන එක නම් මටත් දැනිලා තියනවා ...
මට තේරෙන විදිහට ලංකාවේ මිනිස්සු සියදිවි නසාගන්ට ගොඩක්ම හේතුවෙන්නේ තව කෙනෙක් එක්ක විවෘත වෙන්ට තියෙන නුපුරුදු කම හින්දා කියලයි..
ඇත්තම කියනවනම් මටත් මැරුණනම් හොඳයි කියල හිතිලා තියෙනවා බොහෝ අවස්ථාවලදි.. මේ පාර මැරුණත් ආපහු සැරයක් ඉපදෙන්ට වෙනවනේ කියල හිතුනාම ඒ අදහස නිකම්ම නැතිවෙලා යනවා.. අනිත් එක ලඟක ඉඳන් ෆියුචර් ෆ්ලෑන් ගහන එක මගෙන් අමතක වෙලා ගිහිල්ලා.. ඒ හින්දා බිඳ වැටෙන්ට කියලා මහා ලොකු බලාපොරොත්තුත් නෑ.. ඔන්න ඔහේ ජීවත් වෙන වෙලාවෙදි ජීවත් වෙනවා කියන හිතුවිල්ල හින්දද මන්දා සිය දිවි නසා ගන්න අදහසක් ආවෙම නෑ ලඟකදිනම්... :)
අන්තිමට කියන්ට ඕන ලිපියනම් අනර්ඝයි අයියා..
ඇත්තටම ඕනම කෙනෙක්ට ජීවිතේ එපාම වෙලා මැරෙන්න හිතෙන අවස්තා එනවා. මටත් එහෙම හිතිලා තියෙනවා. ඒත් මට ඒක කොහොමටවත් කරන්න බැරි දුකා අයියා කියපු සියදිවි නසා ගැනීමෙ දරුණු කම අහලා තියෙන නිසයි.
අනික අපි බෞද්ධයෝ විදියට කෑ ගහලා පන්සිල් ගන්නවා, පර පණ නසන්නෙ නෑ කියල. මේ සියදිවි නසා ගන්න එක ඒකට අයිති නැද්ද? අනුන්ගේ ජීවිත විතරද රකින්න ඕන? තමන්ගෙ ජීවිතයත් රැකගෙන තමන්ට එපානම් අනිත් අය වෙනුවෙන්වත් වැදගත් දෙයක් කරනවනම් කොච්චර හොඳද?
අනික ආදරයක් නැති උනාම 'මං මැරුණම එයා පිළි ගනීවේනෙ මං කොච්චර ආදරේ කරාද කියලා' කියලා හිතනවනම්, එහෙම පිළි ගත්තම එයා ආදරේ කරන්නේ කාටද? ඒකෙන් වෙන්නේ තමන් ආදරය කරපු කෙනා සදහටම විදවන තත්තවයට පත් කරන එක. ඊට වඩා හොඳ නැද්ද එයාගෙ සතුට වෙනුවෙන් තමනුත් සතුටින් ජීවත් වෙන එක...
මටනම් හිතෙන්නෙ සියදිවි නසා ගන්නවා කියන්නේ මහා පව්කාර වැඩක්. ඒකෙන් තමනුත් විදවලා තව කොච්චර මිනිස්සු විදවන තත්වයට පත් කරනවද...
මැරෙන එකනම් පට්ටම ලේසියි,ජීවත් වෙන එක තමයි අමාරුම කාරණාව.අර කිව්වත් වගේ අලුත් ජීවිතයක් පටන් ගන්න ධෛර්යයක් ඇතිකරගන්න එක කරන්න පුලුවන්නම් ඒක හොඳම විසඳුමක්.
දුකා ...
ඉතා වටිනා ලිපියක්...කියවන්නන්ගෙන් ඉල්ලා සිටිනවා හැකි කීප දෙනෙකුට ලින්ක් එක යවන ලෙස.. ඔබ නොදැන ඔබ ජීවිතයක් බෙර ගත්තා විය හැකියි....
කියන්න නම් දෙයක් නෑ.. සියල්ල දුකා මනාව පිලිවෙලට සටහන් කොට තිබෙනවා...
පොඩි ලින්ක් එකක් තියන්න දෙන්න... ඔබ ප්‍රථමාධාර ගැන දැන සිටියොත් ජීවිතයක් බේරා ගත හැකි වනව වගේම ඔබ සියදිවි නසා ගැනීම් ගැන දැනුවත්ව සිටීමෙන්ද එසේ කල හැකියි..
ටික දවසකට කලින් කවුදෝ සොයුරියක් ( සංජු විය යුතුයි ) ප්‍රශ්ණ කලා බ්ලොග් කරුවන් ජනමාධ්‍යකරුවන්ද කියා... ඔන්න අද දුකා ජනමාධ්‍ය කරුවෙකු කලයුතු වටිනා කාර්යයක් කලා...
@ කතන්දර...
විවාදාත්මක උනත් කතාව ඇත්තයි...කුඩා කාලයේ පටන් පෙරුම් පිරීම ලබන ආත්මය වගේ සංකලප නියම අර්ථයෙන් වියුක්තව දරුවන්ගේ මනස් වලට ඇතුල් කරල තිබීමෙන්... ඔවුන් වැඩිහිටි වූ පසු අධ්‍යාපනයෙන් හෝ සුදුසු මඟ පෙන්වීමකින් විචාර බුද්ධිය නොලැබුවොත්... මානසික කඩාවැටීමකදී අනිවාර්යයෙන් අර සංකල්ප සිය දිවි නසා ගැනීම සඳහා පෙලඹවීමේ සාධකයක් විය හැකියි.
අයියගේ විසඳුම් ටික අපූරුයි ඒත් සිය දිවි නසා ගැනීම ගොඩක් කල් ප්ලෑන් කරන දෙයක් නොවන නිසා තමයි මට දැනෙන විදියට සිය දිවි නසා ගැනීම කියලා දෙයක් මේ ලෝකෙ තියෙන්නේ කෙනෙක් බුද්දියෙන් කල්පනා කලානම් අයියා කියනවා වගේ විසඳුම්ක් එක්ක ඒ සිය දිවි නසා ගැනිම නවතින්න ඉඩ තියෙනවා..
නො එන ගමන් යන මාගේ මිතුරාට..
http://sabithl.blogspot.com/2011/07/blog-post.html
මේ මගේ අත්දෑකීම
Chandy
මට හිතෙන හැටියට මානසික සෞක්‍යත් ශාරීරික සෞක්‍ය වගේම එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනවා. සමහරු ශක්තිමත්. සමහරු දුර්වලය. කතන්දර කිව්වවගේ මනස ශක්තිමත් කිරීම පොඩි කලේ ඉඳලම පුරුදු කරන්න ඕනේ දෙයක්. ප්‍රශ්නයක් ඇති උනාම ඒගැන කතා කරන්න පුළුවන් කෙනෙක් එහෙම නැත්තම් තැනක් තිබීමත් වැදගත්. අපි හැමෝටම (කොතරම් මනසින් නීරෝගී උනත්) මානසික අවපීඩන එන්න පුළුවන්. සමහරවිට ඒක චක්‍රයක් වගේ වරින් වර ඇතිවෙන වෙලා වලුත් තියනවා. ඒක ස්වභාවික වග දන ගැනීම වගේම ඒවගේ අවස්ථාවලදී එකෙන් මිදෙන හැටි දැනගැනීමත් හරිම වැදගත්. (දුකා යෝජනා කරපු ක්‍රම හරිම ප්‍රයෝගික ක්‍රම ) ඒවගේම සියදිවි නසාගන්න තරම් මානසිකව වැටුණු අය ගැන තරහකින් බලන්න නෙවි, අනුකම්පා වෙන් බලන්න අපි පුරුදු වෙන්න ඕනේ කියලා තමා මට නම් හිතෙන්නෙ.
Chandy
කුඩා පාසැල් දරුවා සිට හැම ස්තරයම වෙලාගෙන ඇති තරඟය සමාජය මත ඇති කරන පීඩනය සුළු පටු නොවේ, එවන් වටාපිටාවක බලපාන සමාජමය ප්‍රශ්ණය මනාව ඉදිරිපත් කර මේ පොස්ට් එක බොහෝ වටී යාළු.
/දිවි නසා ගැනීම වෙනුවට ගත හැකි විකල්ප/ ලයිස්තුවේ පස්වැනි විකල්පය අත්දුටුයි, ප්‍රත්‍යක්ෂයි, අවිවාදයෙන් අනුමත කරන්න පුලුවනි. ඉන් පීඩාවට පත්වූ පුද්ගලයා පෙරටත් වඩා උනන්දුවෙන්, දහිරියෙන් අරමුණක් කරා පියමනින අතර ඔහු/ඇය ඒ ගමනේ දී තව තවත් ශක්තිමත් වෙනවා. ඉන් පුද්ගලයා (ජීවිතයේ) පලා යෑම හා බැඳුන පාපයෙන් බේරෙන අතර, සමාජයටත් වැඩක් කරනවා වෙන්න පුලුවනි. ඒ හැමටම වඩා කලින් පීඩනය ඇති කර පුද්ගලයාගේ වැරද්ද හදන්න සමත් වෙන්නත් පුලුවන්. එහෙමත් නැතිනම් එය දකින්න ඉවසන්න බැරි පුද්ගලයා හිතෙන් දුක්විඳ දඬුවම් ලබන්නත් පුලුවන්. ඒ දෙකෙන් මොන දෙය සිදු වුනත් අවිහින්සාත්මක දිණුම වරක් පෑගුණ පුද්ගලයාටය.
පංකාදුයි බං ලියමන.
මම දැම්ම කමෙන්ට් එක මොකක්ද හින්දා පබ්ලිෂ් වුණේ නෑ. දෙසරයක් වැටෙනවනම් මකන්න.
මුළින්ම, මේ වටිනා සටහන රචනය කිරීම වෙනුවෙන් මගේ ආචාරය.
කීමට බොහෝ දේ ඇතත් කෙටියෙන් කියන්නම්.
සියදිවි නසා ගැනීම ආත්මාර්ථකාමීකමක් හෝ මෝඩකමක් හැටියට මම හිතන්නෙ නැහැ. ඒක අසරණකමක්. ඇතැම් විටෙක රෝගී තත්ත්වයක්.
අසරණකම කියන තැනදි ඊට හේතු වෙන්නෙ බොහෝකොටම සමාජය. මම එහෙම කියන්නෙ, අපේ රටේ සියදිවි හානි කරගැනීම්වලට හේතුවෙන බොහෝ කරුණු වෙනත් රටවලනම් එහෙම දෙයකට යොමු නොකරවන නිසා. උදා: අපේ සිත්වල පොඩි කාලෙ සිටම පැල කරන ආකල්ප, වංචාකාරී සංස්කෘතික ලක්ෂණ
අර ලිස්ට් එකට මම තවත් කරුණු දෙකක් එකතු කරන්නම්.
1. කාලය, කෙතරම් අමිහිරි වුවද, ගෙවී අවසන් වෙයි. ඒ නිසා පවතින ගැටළු සහගත තත්ත්වය/ අප්‍රියකර කාලයද ගෙවී යයි.
2. ලෝකෙ ඉන්න බිලියන ගානක් මිනිස්සු ගත්තහම මම කියන එකා එතරම් වැදගැම්මකට ඇති එකෙක් නොවේ. මම කියන එකාගෙ හොර වැඩ ගෙදරට මාට්ටු වීම, ඉස්කෝලෙ ළමයි ඉස්සරහා ගුටි කෑමට සිදුවීම, තාත්තව ඉස්කෝලෙට එක්ක ඒමට සිදුවීම, පෙම් සබඳතා බිඳී යාම, නරක චරිතයක් ඇත්තෙකැයි අනික් මිනිස්සු කටකතා හැදීම, අවිවාහකව ගැබ් ගැනීම, කුඹුරු පාළු වීම යනාදී සියල්ල අර බිලියන් ගානට විඳින්ඩ වෙන ඒවත් එක්ක බැලුවහම එච්චර ලොකු දේවල් නොවේ. ඒවා වෙච්ච පළවෙනියා හෝ අවසානයාත් තමන් නොවේ.
අනේ මන්ද ජීවිතෙන් පැනලා යන එක නම් විසඳුමක් විදිහට හිතන්න බෑ.... එහෙම උනත් මිනිස්සු පොඩ්ඩ ඇත්නම් පාවිච්චි කරන්නේ ඒ මෙතඩ් එකනේ..... හිතේ හයිය නැති නිසාද ? එහෙම නැත්නම් එන ආවේගය නිසාද මන්ද ??? මමත් බෙල්ලේ වැල දාගෙන මැරිච්ච කෙනෙක් දැකලා තියනවා... වහබීලා ඉස්පිරිතාලේ ගෙනාපු අයත් දැකලා තියනවා.. අම්මෝ ජීවිතේට අමතක වෙන්නෙත් නෑ.... කවදාවත් එහෙම බලු දුක් විඳින්න සියදිවි හානි කරගන්නෙත් නෑ.....
ජීවිතේ නැති කරගන්න තනපු කෙනෙකුට ඉස්පිරිතාලෙන් සලකන්නේ මහා බලු විදිහට . බනිනවා පලු යන්න මම ඒවගේ අද්දැකීමකට මුහුන දීලා තියනවා . වරක් නෙවේ දෙවරක්ම .වස බීපු මගේ යාලුවෙක්ට ඉස්පිරිතාලෙන් සබන් වතුර බාල්දියක් පොවනවා දැක්කා බලෙන්ම .අපිට හිතුනා මේ මොන තිරිසන් වැඩක්ද කියලා . ඒත් ඒක තමා ඇත්ත .ඒක තමා හරි .
ගැටලුවකදී ප්‍රශ්නයකදී ජීවිතෙන් පැනලා යාම විසඳුමක් නෙවේ . ඒකෙන් වෙන්නේ තමන් වෙනුවෙන් හිටපු තමන්ගේ ගෙදර මිනිස්සු හැමෝම අසරන වෙන එක .
ඒ වගේමයි ජීවිතේ ගැන කෙනෙක්ව කල කිරවන්නෙත් ඒ පුද්ගලයා වටේ ඉන්න අයම තමයි .කොයිතරම් ප්‍රශ්න ආවත් ඒ ප්‍රශ්න ඉස්සරහා කෙලින් ඉන්න පුලුවන්නම් ඒකයි වටින්නේ . .
අනේ දුකා මල්ලී ඔහොම සිරස්තල දාන්න එපා.
සිංහල කියවන්නාගේ මොළයේ සටහන් වෙන්නෙ ඒකත් විසඳුමක් කියලා.
බෙලාරූස්, ලිතුවේනියා යනාදී රටවල් අතර ලංකාවත් සියදිවිනසා ගන්නා අයගෙන් ඉහළ ස්ථානයක වැජඹෙනවා.
ශ්‍රී ලංකා සුමිත්‍රයෝ (ලංකාවේ විවිධ තැන්වල ශාඛා ඇති) ඕනෑම ප්‍රශ්නයක් ගැන කතා කරන්නට (රහසිගත බව රකින) හිතසුව සංවිධානක්. ඒ ගැන ලංකාවේ ඉන්න කවුරු හරි ලිව්වොත් ගොඩක් හොඳයි.
නරකම මොහොතක පළ කරපු ලිපියක්.
මගෙ ලඟ මිතුරෙක්ගෙ සමාන ඉරණමක් දැකලා ගෙදර ඇවිත් නෙට් ලොග් උනා විතරයි.
උත්සාහවන්ත කොල්ලෙක්, මව නැති උනත්, පියා අමුම අමු බේබද්දෙක් (බේබද්දෙක් කීවාම හිතේ මැවෙන චිත්‍රයට හරියටම ගැලපෙන කෙනෙක්) උනත් ඒ හැමදේම විඳ දරාගෙන තමන්ගෙ එකම නංගිට එයාට බැරි උන දේවල් ලබාදෙන්න උපරිමෙන් උත්සාහ කරපු කෙනෙක්. එකම විශය ධාරාව නොවුනත් මේ සැරේ එකට විභාගෙට වාඩිවෙන්න හිටපු දක්ශ කොල්ලෙක්.
කොල්ලො හැමෝම එක්ක හොඳට හිටියට එච්චර කතාකලේ නැහැ මත්පැන් මත්ද්‍රව්‍යත් නැහැ. සමහර විට ඒකත් එක හේතුවක් වෙන්න ඇති. (කවුරු කොහොම කිව්වත් එක වෙලාවකට වහ බොන්න තරම් එන ආවේගය ටිකක් හරි සමනය කරගන්න මත්පැන්/ද්‍රව්‍ය හොඳ බෙහෙතක්) .
මිනිහ පුද්ගලික ප්‍රශ්න යන්තම් හරි කතාකරන්න තරම් විවෘත උනේ මටත් එයාගෙ විශේෂ සම්බන්ධයක් නැති උනත් යාළුවෙක් උන ඒ ඉස්කෝලෙ එක ගැහැණු ළමයෙක්ටත් විතරයි.
ඒ දේ කරගන්න කලින් දවසෙ මගෙ ෆෝන් එකට උගෙන් කෝල් සෑහෙන්න ගාණක් තිබ්බ, සේවා ස්ථානයේ හිටපු නිසා එකකටවත් උත්තර දෙන්න බැරි උනා. පස්සෙ කතාකරනකොට පරක්කු වැඩියි.
සමහර විට මම නීති බල්ලට දාලා ෆෝන් එක ඉස්සුව නම්, වටින ජීවිතයක් බේරගන්න තියෙන්න ඇති.
මචං අපි උඹත් එක්ක තරහයි බං, උඹ ගියේ උඹට තිබුනටත් වඩා දුකක් අපිට දීල.
මනුස්සයෙකුට ඇතිවෙන ප්‍රශ්නයක් තවත් මනුස්සයෙකුට කිවුවහම ඒක නොසලකා හැරීම, විහිලුවට ගැනීම වගේ දේවලුත් මේකට හේතුවෙනව කියලයි මගේ හැගීම.
ඇයි අයියා....තවත් සමහරු කෝච්චියට බෙල්ල තියන්නේ..!!!
මට නම්, සිය පණ හානි කර ගන්නවා කියන් දේ..හිතන්නවත් බැරි දෙයක්.
දුක-සතුට උරුම කරල කරලා දිපු ජිවිතේ, ඉවරයක් වෙන දිනය එනකන්, පටන් ගත්ත ගමන යා යුතුයි ...කියලයි මම හිතන්නේ.
දුකා...
අරුනි අක්කගෙ කොමෙන්ට් එකේ මේ හෙඩිම ගැන තියෙන දේ සලකල බැලුවොත් නරකද...
මේකෙ කොමෙන්ට්ස් වැදගත් නිසා මම සැරින් සැරේ ක්ලික් කරල බලනව.. හෙඩිම දකින ගානෙ මට මතක් වෙන්නෙ අරුනි අක්ක කියපු කතාව...
" xxxx එකම විසඳුම නොවේ ඒත් එක් විසඳුමකි " කියන්න වගේ...
හිතල බලපං..your car your petrol
දුකා මල්ලී, සිරස්තලය වෙනස් කලාට ගොඩක් ස්තූතියි.
සියදිවිනසා ගැනීම තාවකාලික ප්‍රශ්නයකට සදාකාලික වූ විසඳුමකි. අපේ සමාජයේ බොහෝ දේවල් ගැන දැනුවත්කම අඩු නිසා ඒක කතාබහටත් ඇති ප්රවේශයත් විකෘති වූවක්.
පව් පින් කියලා බය කරලා හරියන්නෙ නැති, දුක නිසා මොළයේ රසායන වෙනස් වෙන, චින්තනය අවුල් වූ මානසික තත්වයක සිට ගන්නා වැරදි තෝරා ගැනීමක්.
මම පළ කරපු ‘දුකින් තැවෙන සිතට සහනයක්’ මනෝවිද්‍යා පොතේ ඒ වෙනුවෙන් පිටු කිහිපයක් වෙන් කළා. ඒකීය පුද්ගලයාට සුවිශේෂී වූ මාතෘකාවක් නිසා හැමෝටම හරියන්න පොතක් හෝ බ්ලොග් සටහනක් ලියන්න බැහැ.
අරුණි අක්ක කිව්ව නිසාම හෙඩිම වෙනස් කලා ඕන් . .
සපතේරු මහත්තයෝ . . .
කලින් තිබ්බේ "එකම විසඳුම දිවි නසා ගැනීම !" කියලා . .
අරුණි අක්කා පෙන්නලා දුන්නට පස්සේ ඒක වෙනස් කලා "එකම විසඳුම දිවි නසා ගැනීමද?" කියලා . .
මේකත් අවුල් වගේනම් වෙන එකක් යෝජනා කලා නම් සතුටින් පිලිගන්න කැමතියි සිරාවටම . . .. !
මේ පෝස්ට් එක හිතට ගත්ත එකෙක් සියදිවි නසා ගන්න කලින් අනිවාර්යෙන්ම දෙපාරක් හිතාවි...
මමත් හිතට ගත්තා... :)
මගේ මිතුරෙකුත් සිය දිවි නසාගෙන තියනව අපි උසස් පෙල කරපු අවුරුද්දෙදී , හේතුවක් හිතාගන්න බැරි සිදූවීමක් වුන ඒක දවස් ගානක් යනකන් අපි ගොඩ දෙනෙකුට පුදුමාකාර කම්ප්නයක් වෙලා තිබුනා . මම ඒ කෙනාගෙ ලඟම මිතුරෙක් නොවුනත් මටත් ඒ හැඟීම තිබුන . ඒක විස්තර කරගන්න අමාරු දෙයක්
දුකා ගේ සටහන හරිම වැදගත්... ලංකාවේ කොච්චර දිවි නසා ගත්තත් මේවා ගැන කතා කරනවා හරි අඩුයි නේ.
මාත් පොඩි කාලේදී හිතුවේ ♣ආසියා♠ වගේ. ආත්ම ශක්තියක් නැති දුර්වල මිනිස්සු හැටියට මම දිවි නසා ගත්ත අය ගැන හිතුවේ. නමුත් පස්සේ ටිකක් ලොකු උනාම, ප්‍රශ්න වලදී මටත් මැරෙන්න හිතිලා තියෙනවා. එතකොට තමයි මට ඒ අය ගැන සානුකම්පිතව හිතන්න පුළුවන් උනේ. අනිත් එක, එක එක අයගේ දරා ගැනීමේ ශක්තිය වෙනස්. හැමෝන්ටම ශුද්ධ ගණිතය ට A ගන්න බැහැනේ. ඒ වගේ තමයි.
මට ජීවත් වෙන්න ශක්තිය දුන්නේ මගේ ආගමයි. මම හිතනවා සියලුම ආගම් වල සිය දිවි නසා ගැනීම පවක් හැටියට කියා දෙනවා. මැරෙන්න හිතෙන කොට මම මෙහෙම හිතුව :
මම සිය දිවි නසා ගත්තොත් මගේ අතින් ප්‍රාණ ඝාතයක් සිදු වෙනවා. එතකොට මම ඊළඟ ආත්මේ ඉපදෙන්නේ ඒ පවත් කර ගහ ගෙනයි. එතකොට, මම මේ විඳින දුකට වඩා ලොකු දුකක් විඳින්න වේවි. ඒක නිසා කොහොම හරි කාගෙන ඉන්නවා. අනිත් අය මට වැරදි කරත් මම වැරදි කරන්නේ නෑ. අඩු ගානේ මම වැරදි නොකර ඉන්න උත්සාහ ගන්නවා. ඔන්න ඔහොම මම හිත හදා ගන්නවා.
මම පුනර්භවය විශ්වාස නොකරා නම්, පින් පව් විශ්වාස නොකරා නම් මෙලහකට මම මැරිලා තියේවි.
අරුණි අක්කගේ කතාව මම ටිකක් වෙනස් කරනවා - බුදු දහමට ගැලපෙන්න : "සිය දිවි නසා ගැනීම සදාකාලික ප්‍රශ්නයකට තාවකාලික වූ විසඳුමකි"
දිවි නහ ගන්න එක ගැන නං මට කවදාවත් හිතිලා නෑ. ජීවත් වෙන්නේ ඇයි කියලා නං හිතිලා තියෙනවා. ඒ කියන්නේ ස්වභාවික ආපදාවකින් මැරිලා යනවා නං හොඳයි කියලා හිතුන අවස්ථා තියෙනවා. මිනිසා ජීවත් කරවන්නෙත් දිවි නහගන්න තැනට පත් කරන්නෙත් බලාපොරොත්තුම තමා. බලාපොරොත්තු ආශාවන් වෙලා ඊට පස්සේ ඒක උන්මාදයක් වෙලා පස්සේ ඒ මනෝ භාවය බිඳිලා ගිහාම ඉතුරුවෙන්නේ හිස්බව, කලකිරීම වගේ සිතුවිලි නොවැ. ඉතිං හොඳම විකල්පය විදිහට මරණය තෝරගන්නවා. ඒත් අපේ ජීවිතය තුලින් අනික් අය වෙනුවෙන් කරන්න දේවල් ඕනි තරං තියෙනවා කියලා තේරුම් ගත්තහම ඔය තත්වෙන් මිදෙන්න පුළුවන්. ඒත් ඒකට කාලය අවශ්‍යයි. හොඳම දේ කතා කල හැකි කෙනෙක් එක්ක කතා කරන එක. ගයාන් කල්හාර මල්ලිගේ යාලුවා ගැන අදහස කියෙව්වාම දුකක් ඇති වුණා. ඒ නංගියට දැං බේබදු තාත්තා විතරයි.... මේ ටික එයාට හිතන්න තිබුණා...
මමත් එක් වතාවක් ගෙල වැල ලාගෙන මැරෙන්න හදපු කෙනෙක්. ඒ මගේ කුඩා කාලයේ. මතක හැටියට අවුරුදු 12 ක් විතර ඇති. බෙල්ල හිර වේගන එන කොට දැනුනු අමාරුවට බය වුනු පාර දෑත බදලා තොන්දුවට ඉහළින රැහැන අල්ලා ගත්තා. ඒ නිසාම තමා අද මම මේ කමෙන්ට් එක මෙතන දාන්නේ. බැරි වෙලා හරි ඒ වෙලාවේ මගේ සිත දැඩි වුනානම් අද මම මෙතන නැහැ.
@අමා,
පාලි ත්‍රිපිටකයේ සියදිවිනසා ගැනීම් 3 ක් සඳහන් ය. චන්න, වක්කලී, ගෝධික. ගෝධික දරුණු වේදනා සහගත රෝගයකින් පෙළුන අතර ඔහු සියදිවිනසා ගැනීම බුදුන් පාපයක් යැයි කියා නැත. වක්කලී ද වේදනා සහගත රෝගයකින් පීඩා විඳිමින් සිටියෙකි. බෙල්ල කපාගෙන මිය යන වක්කලීගේ මරණය ‘අපාපික’ යැයි බුදුන් කී බව සඳහන් වී ඇත. චන්න ද දරුණු රෝගයකින් වේදනා විඳි අයෙකි. චන්න ද බෙල්ල කපා ගත් පිහියට ඔහු වරදකරු නොවේ යැයි බුදුන් කියා ඇත. චන්නෝවාද සූත්‍රය සහ චන්න ගැන මඤ්ඤිම නිකායේ සලායතනවග්ග සහ සංයුක්ත නිකායේ සලායතන සංයුත්ත හි සඳහන් ය.
එකළ හිස රුදාවකට හෝ වේදනා සමනය කරන ඩිස්ප්‍රින් පෙති නොතිබි කාලයකි.
නමුත් ප්රශ්නය මෙයයි.
සුව නොවෙන, දරුණු වේදනා සහගත මානසික හෝ ශාරීරික රෝගයකින් පෙළෙන අයෙක්, දිගින් දිගටම මරණය කරා යන්නෙක් තම වේදනාව උහුලා ගනු බැරුව, ජීවිතය අවසන් කළ යුතු යැයි තීරණයක් ගැනීම පාප කර්මයක් ද කියාය. ජීවිතේ මුහුණ පාන ප්‍රශ්න අතරින් පළා යන්න සියදිවිනසා ගැනීම ගැන නොව එවිට අපි පිවිසෙන්නෙ මානසික හෝ ශාරීරික රෝගයකින් පෙළෙන අයෙක් කරන සියදිවිනසා ගැනීම පවක් ද යන මාතෘකාවට.
@arunishapiro:
[quote]
සුව නොවෙන, දරුණු වේදනා සහගත මානසික හෝ ශාරීරික රෝගයකින් පෙළෙන අයෙක්, දිගින් දිගටම මරණය කරා යන්නෙක් තම වේදනාව උහුලා ගනු බැරුව, ජීවිතය අවසන් කළ යුතු යැයි තීරණයක් ගැනීම පාප කර්මයක් ද කියාය.
[/quote]
Euthanasia සංකල්පය භාවිතා වන රටක නම් [ http://en.wikipedia.org/wiki/Legality_of_euthanasia#Euthanasia_law_by_country ] සියදිවි නසාගැනීමට වඩා "නීතිගරුක" මාර්ගයක් වන එය තෝරාගත හැක. ලංකාවේ නම් "සොරි"ය. ලංකාවේ අයට ජීවිතය අවසන් කිරීම සඳහා බෙල්ජියමට, ජපානයට, නෙදර්ලන්තයට, ලක්සම්බර්ගයට හෝ ස්විට්සර්ලන්තයට යා හැකියැයි සිතියද නොහැකිය.
සාර්ථක කාලෝචිත ලිපියක් දුකා
අපිනම් බනිනවා වෙනුවට කරන්නේ අහල පහල ඉන්න අසාධ්‍ය රෝගීන්ගේ වගතුග කියන එක. අනික බිව්ව විස නිසා හානි වෙන ඉන්ද්රිය , ඒනිසා ජීවීත කාලෙම අත් විඳීන්න සිදුවන හිරිහැර කියා දීමයි. කරදර දුක් වේදනා උච්චම උන මොහොතේ අසරණ වෙන හිත් වලට සවි දෙන්න අපි පසුව ඔවුන් මානසික සෞඛ්‍යය ඒකකයේ තිබෙන counseling සඳහා ඔවුන්ව යොමු කරනවා. ආයේ ප්‍රශ්ණයක් ආවොත් හොඳින් මුහුණ දෙන්න ඒ දෙන සහයෝගය ගොඩක් උපකාරී වෙනවා. ඒ ගැන ලියන්න අමතක වුනා.
@arunishapiro:
අරුණි අක්කා,
ඔබ කියනකම් එම ථෙර වරුන් ගැන මම දැන හිටියේ නෑ. ඒක ගැන කිව්වාට ස්තුතියි.
මෙහෙමයි. මට තේරෙන විදියට බුදු දහමේ 'පව්' හැටියට සැලකෙන්නේ ලෝභ දෝෂ මෝහ මුල් කරගෙන සිදුවන කර්මයි. ඔබ සඳහන් කල ථෙර වරුන් රහතන් වහන්සේලාද? සමහර විට සිත දියුණු කල කෙනෙක්ට අකුසල සිතුවිලි වලින් තොරව දිවි තොර කර ගැනීමට පුළුවන් ඇති?
පෘතග්ජන අපි මැරෙන්න හිතන්නේ ගොඩක් වෙලාවට හිත සැහෙන්න වැටුනහම. ඒ වගේ වෙලාවට හිත පිරිසිඳු තත්වෙක නම් කොහෙත්ම නැහැ. සමහර වෙලාවට වෙන කාටහරි රිදවන්න.නැත්නම් අපි අපි ගැනම තරහින්. කලකිරීමෙන්.
//සුව නොවෙන, දරුණු වේදනා සහගත මානසික හෝ ශාරීරික රෝගයකින් පෙළෙන අයෙක්, දිගින් දිගටම මරණය කරා යන්නෙක් තම වේදනාව උහුලා ගනු බැරුව, ජීවිතය අවසන් කළ යුතු යැයි තීරණයක් ගැනීම පාප කර්මයක් ද //
කෙසේ නමුත් මාත් හිතනවා Euthanasia නම් සිය දිවි හානි කිරීම යටතට දැමිය යුත්තක් නොවේ කියා. මේක හරිම සංකීර්ණයි. තමන්ටත් අනුන්ටත් වැරැද්දක් නොවෙනවා නම් මේ තීරණයේ වැරැද්දක් මම දකින්නේ නැහැ. අජාන් බ්රහ්මවම්ස හාමුදුරුවෝ මේ ගැන ලස්සන කතාවක් කළා ලඟදි.
නමුත් අක්කේ මම ඉස්සෙල්ල කතා කලේ Euthanasia ගැන නෙවෙයි. ජිවිතේ ප්‍රශ්න වලදී මානසිකව බිඳ වැටුනාම සිය දිවි නසා ගැනීම ගැනයි. අන්න එතැනදී නම් පවක් සිද්ද වෙනවා කියල මට හිතෙනවා. මෙතනදී context එක බලන්න ඕනේ.
මාත් මැරෙනවා කිය කිය හිතපු එකෙක්..
එත් මට තියෙන ප්‍රශ්ණයි.. අනික් මිනිස්සුන්ටයි තියෙන ප්‍රශ්ණ බැලුවාම.. මං මොකෙක්ද ? මට තියෙන්නෙ ප්‍රශ්ණද කියලා හිතුනා..මං කොච්චර වාසනාවන්තද. ? කියලා හිත හදාගත්තා.. දැන් නම් ඉන්න ටිකේ සතුටින්ම ජිවත් වෙනවා..
පෝස්ට් එක දිග වැඩියි :D එත් කරන්න දෙයක් නැ මං හිතන්නෙ ;)
@අමා,
අමා නංගි, ඔව් තුන්දෙනාම රහතන්වහන්සේලා දැයි යන්න විභාගයට පත්වූවක්. ධර්මය හදාරන අය අතර ඒකමතිකව එය තීරණය නොවූවක්. මොකද හරියටම සාධක සොයා ගැනීමට නොහැකියාව නිසා.
නංගි කියන තර්කයම තමයි ඒක පව් නැහැ කියන අයත් කියා ඇත්තෙ. අනිත් අය හදන්නෙ ඔවුන් රහතන්වහන්සේලා දැයි නිශ්චිතවම හොයාගන්න විදියක්.
‘සිත දියුණු කළ අයෙකුට’ යන්න අපිව තවත් වාදයකට ඇදගෙන යයි!!!
කතෝලික ආගමට අළුතින් ශාන්තුවරයෝ එක් වුනාට මෑතක දී අපේ රටේ අයෙක් සෝවාන්, සකෘදාගාමී හෝ අනාගාමී යැයි කියුවොත් අපි එයාල දිහා බලන්නෙ පිස්සෝ දිහා බලන විදියට. දැන් එහෙම අය ඉන්න පුළුවන් ද නැද්ද කියන කතාවට සුළු දේවල් ගැන අවුල් බේරා පැහැදිලි කරගන එකඟතාවයට එන්න බැරි අපි කොහොම ද පිවිසීමට හිතන්නෙ වත්?!!!
සියදිවිනසා ගැනීම සහ euthansia තමන් විසින් කර ගැනීම අතර වැඩි වෙනසක් නැහැ පියවි සිහියකින් ගන්නා තීරණයක් වූ කල.
ඒත්,අපි කතා කරන්න හදන්නෙ මම මුලින් ම දාපු ප්‍රතිචාරයේ කිව්වා වගේ බ්ලොග් සටහනකින් සංවාදයට ඉඩක් නැති ප්‍රථුල මාතෘකාවක්.
නංගිගේ අඩවියටත් ගිහින් බැලුවා, අමා කිව්වම නංගියෙක් ද මල්ලියෙක් ද කියලා හොයාගන්න. ආයෙත් එනවා නිවාඩු පාඩු වේලාවක ලස්සන කතන්දර ගොඩක් තියනවා කියවන්න.
@budhajeewa,
ඇමෙරිකාවේත් වැඩි හරියකට‘සොරිම තමා’!! ඒත් ඇමෙරිකන්කාරයාට චීනයට හරි ගිහින් මෙහෙ නීතියෙන් අනුමත නැති ක්‍රම කරන්න පුළුවන් නිදහස හා ආර්ථික ශක්තිය තියනවා.
උදාහරණයට චීනය කිව්වෙ යුරෝපයේත් නොකරන ප්‍රතිකාර ක්රමයන් පුද්ගලයාට කැමති නම් කරන රටක් වීම නිසා. ඒ අතින් චීන අයට එල්බ ගත් ආගමික බලපෑමකින් තොරව ජීවිතය නිමා කරන තීරණයක දී පුද්ගල කැමැත්ත පිළිබඳව නිරවුල් ව බලන්න හැකියාව ලැබී තියනවා.
දුකා...
දවස් දෙකක්ම කල්පනා කරා.. ම්හු...මටනම් හෙඩිමක් ආවෙ නෑ... වෙන කවුරුත් ඒක mention කලෙත් නෑනෙ.. ඕකම තියෙන්න දෙමු... හෙඩිම කලී වලී...වටින්නෙ පෝස්ට් එකනෙ... (ඒ වගේමයි කොමෙන්ට්ස් ටිකත්.. උඹත් agree වෙයි )
ප.ලි..
අද දවල් .. සායකටයි හැට්ටෙකටයි දෙකකට රෙදි ගන්න සල්ලි නැතුවද කොහෙද..හැට්ටෙම තව වියතක් විතර දිගට මහගෙන ඇඳගෙන ගිය රුසියන් නෝන කෙනෙක් දිහා බල බලා ගිහින් කැරකෙන පඩි පෙලේ ඉවරවෙන තැනින් බහින්න අමතක වෙලා තව පොඩ්ඩෙන් සියදිවි හානි වෙන්න ගියා... එවෙලෙ මරු කොමිටල් හෙඩිමක් හිතට ආව..
" ජීවිතය ඔබගේය.. එය පණ මෙන් රැක ගන්න..! "
අදහස් දක්වපු හැමෝටම බොහෝම ස්තූතියි . . .
මැරෙන්න තිබ්බ නම් හොඳයි කියලා ඉඳ හිට හිතෙන මටත් මින් පස්සේ එහෙම හිතෙන එකක් නෑ කොහොමටවත් මේ කොමෙන්ටු වල දේවල් දැක්කට පස්සේ . .
ඒත් අරුණි අක්කා කිව්ව දේ හිතුවොත් වයසට ගිය කාලෙක (එතරම් කල් ජීවත් උනොත්) අසනීප වෙලා දුක් විඳින්න වගේ උනොත් නම් දෙපාරක් හිතන එකක් නෑ ළමයින්ටයි, අනිත් අපේ හිතවතුන්ටයි කරදරයක් වෙනවට වඩා ඒ තීරණේ ගන්න නම් හිතෙයි . .
මටනම් තාම මැරෙන්න හිතන්න තරම් ලොකු ප්‍රශ්නයක් ඇවිත් නෑ. අර කිව්වා වගේ "වයසට ගිය කාලෙක අසනීප වෙලා දුක් විඳින්න වගේ උනොත් නම් " හිතලා බලන්න වෙනවා....
මම නම් හැමදාම ඉන්නේ එකම විසඳුම කෙසේ වෙතත් හොඳම විසඳුම මරණය කියන තැන
හුන්නග්ක් වටිනා ලිපියක් අයියේ... සිය දිවි නසා ගැනීම අනුමත කල නොහැකි දෙයක් කිසිමා ආකරයකින්.. මොකද එකෙන් තමන් ඒ ප්‍රශ්නෙන් මිඳුනත් ඒක තමා වටේ හිටින අයට තව ප්‍රශ්න පත්තරයක් එකතු කිරීම්ක් ව්තරයි
Post a Comment
සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..