
සෝඩා බෝතලේ කැඩුවා වගේ වැඩ කරන මගේ ඉතිහාසයේ මේ තරම් උනන්දුවෙන්, පිලිවෙලකට, එක දිගට වැඩක් කලාමද කොහේද.
හරි ඕන් ඉතිං ස්තූති කතාව.
මේ අවුරුදු දෙකේ බ්ලොග් ගමනේ ස්තූති කල යුතු අය ගැන කියනවනම් සුපුරුදු පරිදි මුලින්ම බයිස්කෝප් අඩවියේ නිර්මාතෘ පොතේගුරා හෙවත් ඉසිර මළයා තමයි ඉදිරියෙන්ම ඉන්නේ. ඔහුගේ ඉල්ලීම සහ උදව් නොවෙන්න මෙහෙම බ්ලොග් එකක් නිර්මාණය නොවෙන්නත් තිබ්බා.
ඉන් පස්සේ මගේ ගෙදර උන්දැ, මගේ පුද්ගලික මිතුරන් කැල, කාලයක් ඇසුරු කරලා සමීප වුනු පුද්ගලික මිතුරන් තරම්ම සමීප වුනු බ්ලොග් අවකාශේ නිසා අඳුන ගත්තු මිතුරන් කැල . . . . මේ අය නිසා නොවේ නම් මගේ මේ බ්ලොග් ලියන එක නතර වෙලා බොහොමයක් කල් කියන එක නම් අනිවා ඩෙෆා කියන්න ඕන.
පුද්ගලික යාලුවෝ ජනක මල්ලියි මනෝජ් මල්ලියි, දමිත්, ගයාත්‍රි, ළලන්ත චමල්, චමීරා, සුදත් (මැටි පූස්), චන්දිමාල් ආදී කී නොකී යාලුවෝ හැමෝමත් උදව් කරපු බව කියන්න ඕන මේ බ්ලොග් කෙරුවාවට.
මේ වෙනකොට ලිපි 171ක් ලියලා මේ ලියන්නේ 172 වෙනි ලිපිය. හිට්ස් එක ලක්ශ පනස් දාහක් පැනලා . . කොමෙන්ට්ස් අම්මේ එව්ව නම් මතක් වෙද්දිත් ජොලි . . ..
මගේ ලිපි අතුරින් කරදරකාර නංගී, ආදරණීය අක්කලා, අපේ ගෙදර උන්දෑගේ උපන්දිනේට හදපු කොපිකැට් සිංදුව, විරුල් නම් සොඳුරු ත්රස්තවාදියා, වික්ටර්, බනක් ගිය දුරක්, Facebook අප්පිරියාව, මාව ගින්නට අහුවුනු හැටි, බඩගැස්තරයා, ගාමන්ට් කෑලි, ආදී පෝස්ට් බොහෝ දෙනෙක් කැමැත්තෙන් කියවපු ලිපි කියලා මම හිතනවා.
ස්තූති කල යුතු අය ගැන හිතුවොත් තව දුරටත් කාලිංග ඇතුලු සිංහල බ්ලොග් කරුවන්ගේ සංසදයේ කට්ටිය, වැප් ඇතුලු ලාංකික සිතුවිලි අඩවියේ කට්ටිය, කොත්තු අඩවියේ අය, ෆේස්බුක් එකේ මිතුරු කැල, හැමදා කමෙන්ට්ස් මඟින් මාව දිරිමත් කරන මේ බ්ලොග් එක කියවන ඔබ සැම මේ සියළු දෙනා නම් වශයෙන් ලියන්න ගියොත් මේ ලිපිය දිගම දිග ලිපියක් වෙනවා .
ඒත් සඳහන් නොකරම බැරි බැරි බ්ලොග් එකට සම්බන්ද විශේෂ සෙදුවීම් සිහි කිරීමක් නම් කරන්නම වෙනවා.
1. විශේෂම සිදුවීම නම් හදිසියේ අප අතරින් සමුගත් ඉලංදාරියා ගේ ශල්‍යකර්මය වෙනුවෙන් කැපවෙලා යමක් කරන්න උත්සාහ කිරීම. මුලින්ම අභීතයි අසේලයි මුනගැහුනෙත් ඉලංදාරියා මුනගැහෙන්න ආසිරි රෝහලට ගිය වෙලාවේ තමයි. ඉලංදාරියාගේ හොඳම මිතුරෙක් වන අසංකත් මුන ගැහුනේ එදා.
2. බ්ලොග් වලට සම්බන්ද අය මුනගැසීම් සිහිකරන කොට මුල්ම හමුවීම විදිහට මතකයේ තියෙන්නේ ඩුබායි - බාඩුබායි වල පැනොරාමා හෝටලයේදී අක්කන්ඩිවයි ඩෝසාවයි මුනගැසීම.
3. ඊලඟට සචී - හශිතලගේ නිවසේ ලිෂාන්, චමිල, ලසිත, රචින්ත, සඳුන්, තරංග, අක්කන්ඩී යන අය සමඟ එකතුවී පැවැත්වූ සාදය. ඒක නම් සුන්දරම රාත්‍රියක්.
4. තව විශේෂ දෙයක් තමයි දුමී, තිස්ස, ඩීන්, වරුණ, හර්ෂනී ආදී ඩුබායි අබුඩාබි ජීවත් වන බ්ලොග් සහෘදයෝ අඳුන ගන්න ලැබීම. මේ අතරින් දුමී ජෝර්ජ් අයියා, දර්ශන, රජීව්, ආනන්දලාල් සහ තව විශාල මිතුරු කැලක් සමඟින් ඇතිකරගෙන තිබූ "අපේ කට්ටිය" ගෲප් එකට මාවත් එකතු කර ගැනීම සහ ඔවුන්ගේ පැදුරු පාර්ටි වලට, ට්‍රිප් වලට අපටත් ආරාධනා කිරීම.
පිටරටක ගෙවන ඒකාකාරී ජීවිතයේ එකාකාරී බව නැති කරලා හරිම සතුටින් කාලය ගත කරන්න ඒ සොඳුරු මිතුරු හමුවීම්, සාද, සතුටු සවාරි පිටුවහල් උනු බව සිහි කරන්නේ දුමී ඇතුලු සියලු දෙනාට කෘතවදී වෙමින්.
5. ඉලංදාරියාගේ වැඩේට අරමුදල් එකතු කරන හැටි ගැන කතා බහ කරන්න විහාර මහා දේවී උද්‍යානයට බ්ලොග් සහෘදයක් එකතු වුනු වෙලාවෙත් බොහෝ දෙනෙක් අඳුන ගන්න ලැබුනා.
වැප්, තිලිණ, රන්දීර, හම්තුම්, චේතන, හසී පවුලේ හසී නඟා, හසී මළයා, අහිංසකී, ජනිත්, ජේඩී, ඕනයා, නලින් ආදී අය සහ නම් වලින් මතක් කර ගන්න අමාරු තව බොහෝ පිරිසක් මුනගැහුනා. කවි ලියන ධනුශ්කා නිශාදිත් දොන් ජුවන් පිටකොටුවත් එදාම මුනගහුනේ අහම්බෙන්.
6. ගිය නිවාඩුවේදී ගිය බදුලු ට්‍රිප් එක තමයි ට්‍රිප් එක. හප්පා තාමත් මතක් වෙද්දිත් හිනා යනවා. මරණේ, ෆා, කුශාන්, ජේ.ඩී, සෝරෝ, ප්‍රියන්ත, නුවන්, රවා, වාසල, පසන් මේ අය එක්ක ගිය ඒ ට්‍රිප් එක කවදාවත් අමතක නොවන ට්‍රිප් එකක්
7. පලමු නිවාඩුවේදී ප්‍රදීප් කාවින්ද එක්ක එක්ක අම්බුලුවාවේ ගිය එක වගේම, ලිෂාන්ලගේ ගෙදර කෑමකට යන ගමන් අතර මඟදී හසිත් ප්‍රසංග මළයා මුනගැහුනු හැටිත් අනුරාධපුරේ රැකියාවක් ලැබිලා ගිය මගේ ඩුබායි යාලුවෙක් වුනු තුෂාර බලන්න යන ගමන් උදාර මළයලගේ ගෙදර ගිහින් හායි හූයි කිය කිය කාපු කෑමත් තාම මතකයි.
8. බ්ලොග් එක නිසා අඳුන ගත්තු චින්තක අයියා විසින් බ්ලොග් සහෘදයන් වූ ඉන්ද්‍රනාථ අයියා ඇතුලු එරංග, චිරන්ත, දුමින්ද අයියා වගේ පිරිසක් අඳුන්නල දෙන්න සංවිධානය කල තුඩුගල ඇල්ල ලඟ පැදුරු පාර්ටියත් අපූරු සංධ්‍යාවක්.
9. "කොලොම්බෝ කොලොම්බෝ" නාට්‍ය බලන්න කට්ටිය (පැතුම්, දිල්ෂාරා, අනුරාධ, නුවන්, වාසල, ජේඩී, චමිල, රචින්ත ) එල්පින්ස්ටන් එකට සෙට් වුනු නිසා කාලයක් තිස්සේ බලන්න ආසාවෙන් හීන මව මව හිටපු නාට්‍යක් බලන්න පුලුවන් වුනා.
10. මගේ නහයේ ඔපරේෂන් එක කරලා ගෙදර ඉන්න දවස්වල දීපානි, රචින්ත, චමිල, ලිෂ් අපේ ගෙදර ඇවිත් පිස්සු නටපු හැටි වගේම මහා වැස්සේ මාව බලන්න රන්දික මළයා ආ හැටිත් මතක් කරන්න ඕන.
11. අභීත මුල්වෙලා සංවිධානය කරපු සයිබර් අවුරුදු උළෙලත් බ්ලොග් සහෘදයන්ගේ අපූරු හමුවක්.
මාරයා, ඔබ්සවර් අයියා, කනිෂ්ක, අනුෂ්ක, දර්ෂන, චතුරංග, ගයාන් තාරක, ගයාන් කල්හාර, ගයාන් කණිෂ්ක, පහන්, පූසා, ෂානිකා, ගීත්, රන්දිකා, ස්වප්නා, තනෝජා, ගෙහාන්, පාසැල්, කොට ජීවිතේ, ප්‍රභාත් දර්ෂන, චතුරංග බන්ඩාර, රත්ගමයා, සංජු, නෙරංජි, උෂාන්, බුද්ධි, ගීතික, ඩනිශ්ක, ප්‍රසන්න, කවින්ද්‍යා, මනුර, ඉන්දරේ, සුපුන් සුදාරක, ශාමින්ද, යොහාන් කනිශ්ක ආදී අන්වර්ථ නම් වලින් දැන සිටි බ්ලොග් කරුවන් විශාල පිරිසක් එහිදී හැබෑවටම දැක බලා ගන්න ලැබුනා.
12. ස්කයිප් එකෙන් බොහෝ වෙලා කතාකල අරුණි අක්කා,මනෝ විද්‍යා ලිපි ලියපු මගේ ප්‍රියතම කතුවරයෙක් වූ සුමනදාස සමරසිංහ මතාගේ දියණියක් බව දැන ගත්තේ සයිබර් අවුරුදු උළලේදේ අරුණි අක්කගේ නැගෙනියගෙන්.
13. හදපතුල ලියන චතුර විජේකොන් අහම්බෙන් බස් එකේදී දැකලා කතාබහ කිරීමත්, අභීත එක්ක ආනමඩුවේ එකෝ ෆ්‍රෙන්ඩ්ලි හෝටලයක් බලන්න යන ගමන් කාලයක් තිස්සේ මුනගැහෙන්න හිතාගෙන හිටි අසංකෙයිය කව ලියන අසංක මල්ලිව බලන්න යෑමත් තවත් බ්ලොග් සහෘද හමුවීම්.
14. හශිත මධුසංක මළයා නිවාඩු එන හැමපාරම එයාපොර්ස්ට් එකේ ඉඳ ගෙදර අරන් යන එකයි ආපහු එයාර්පොර්ට් යන එකයි භාර ගන්න ආසාවෙන් හිටියත් කරදර කරන්න පවුනේ කියලා ඉන්න හිංදා තාම ඌව දකින්න බැරි උනා.
15. බ්ලොග් එකට සම්බ්නධ ඩුබායි අබුඩාබි සිදුවීම් මතක් කරනවනම් දුමීගේ මූලිකත්වයෙන් අපේ ගෙදර තිබූ පැදුරු පාර්ටිය අමතක කරන්න ම බෑ.
තව දුරටත් තිස්ස සමඟ සහභාගී වුනු ඩීන්ලගේ ගෙදර රාත්‍රී සාදය සඳහාත් දුමී ආරාදනා කල ඔහුව මුලින්ම මුනගැසුනු අසෝක අයියලගේ ගෙදර පැදුරු පාර්ටියත්, දුමී ජෝර්ජ් අයියා, රජීව්, ජනක ඇතුලු පිරිස සමඟ කෝර්ෆකාන් වල කෑම්පින්ග් සවාරියත්, දුමී වෙනුවෙන් ඔහුගේ ගෙදර පවත්වපු සප්‍රයිස් පාර්ටියත් අමතක නොවන සිදුවීම්. මේ අමතරව දුමීලගේ ගෙදර පාර්ටි නම් බොහොමයක් තියෙනවා බ්‍රහස්පතින්දා හවස එහි ගොස් සෙනසුරාදා හවස ආපහු අබුඩාබි අපේ ගෙදර ආපු.
16. බ්ලොග් එක නිසා අඳුන ගත්තු මිතුරෝ සහ මගේ බ්ලොග් එක නිසා බ්ලොග් ලියන්න පටන් ගත් ඩුබායි-අබුඩාබි මිතුරෝ කීප දෙනෙක්මත් මතක් කල යුතුයි.
මුලින් හසිත රොෂාන් අඳුනගෙන ඔහුගෙන් රුචක, රොජර් අඳුන ගෙන අද අපි ඉන්නේ එක පවුලේ අය වගේ. දැනට මම පදිංචි තැන දුන්නු බුද්ධිත් මුනගැහුනේ මේ සහෝදරයෝ තුන්දෙනා නිසා තමයි.
මනෝජ් මල්ලීගේ කතරක සිතුවිලි, සංජීවගේ නිම්තෙර ලඟ හිඳ සහ මුතු අහුරක්, තුෂාරි නංගීගේ ඉසිඹුව , ලක්ෂ්මන්ගේ බ්ලොග් අඩවිය, සමීර මලයගේ අඩවියත් ඒවායින් කීපයක්. සපතේරු උන්නැහේ ඩුබායි ඉන්නවා කිව්වට කොහේද කියලා නම් දන්නේ නෑ. ලකීත් බ්ලොග් කියවනවා විතරයි ලියන්නේ නෑ කිව්ව නිසා මූනු පොතේ කවි ලියන්න වළාකුලු අතර හිඳ එකට එකතු කලා.
බ්ලොග් එක නිසා අඳුන ගත්තු රවී මල්ලී නෙමෙයි නම් මේ දවස්වල ගෙදර ඉඳන් බ්ලොග් ලියනවා බොරු. මොකද මම ඩුබායි බුද්ධිගේ ගෙදරට ආවට පස්සේ ගත්තු නෙට් කනෙක්ෂන් එකට කාර්ඩ්ස් දානවා දානවා ඉවරයක් නෑ. එපාවෙලා වෙන කනෙක්ෂන් එකක් ගන්න ඉන්නකොට රවී තමයි අපේ ගෙදර වරෙන් බන් මට කොම්පැනියෙන් දුන්නු පාවිච්චි නොකරන නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා කියලා ඒක දුන්නේ. ඌට පිං ඕන් ඈ.
17. මගේ කසින් කෙනෙක් එක්ක යාලුවෙලා ඉඳලා නැන්දට අපේ ඒ නංගී කොල්ලා එක්ක කතාකර කර ඉන්නවා අහුවෙලා මහාපාරේ බිම දාගෙන කොල්ලට හෙල්මට් එකකින් ගැහුවා කියලා ඒ කාලේ අපි නැන්දට හොඳටම බැන්නා ඇයි එහෙම කලේ කියලා.
පස්සේ මේ ලඟදී තමයි අහම්බෙන් වගේ දැන ගන්න ලැබුනේ ඒ කොල්ලා වෙන කවුරුවත් නෙමෙයි අපේ ඕනයා කියලා. හොඳ වෙලාවට ඌව මස්සිනා කර ගන්න තිබ්බ චාන්ස් එක නැන්දා නැති කරලා දැම්මා . . (ඒ කාලේ අපරාදේ නැන්දට බැන්නේ)
බ්ලොග් එක පටන් ගත්තට පස්සේ කීප සැරයක් ලංකාවට ගියත් මුනගැහෙන්න ආසාවෙන් ඉන්න නමුත් තාම මුනගැහෙන්න බැරි වුනු අය සෑහෙන දෙනෙක් ඉන්නවා.
මලී-හරේෂ්, නලින්-විශ්මි, අසංකා, ක්‍රිෂාන්-යසසි , අරවින්දචන්ද්රපෙරුම, අරවින්ද පෙරේරා, සමර විජයසිංහ, ධනික, ගයන්ත, මලින්ත, ඩීප්ස්, දිල්, ලක්මිණි(පිනිබිඳු), කාලිංග, කමලිකා, නිෂාන්ත-බිඟුවා, නුවන් අබේසිංහ, නවම්, උපාසක සහ පූසෝ කට්ටිය, රන්දිත, රසික(රනා), චාමි, ටැබූ, සුජීව කොකාවෙල, රවි නිරෝෂන්, , සන්සරසිඳු, සසික, සසීන්ද්‍ර, තාරක සමරනායක, ප්‍රභාත් දර්ශන, ඩිලන්ත, චරිත් දිසානායක, බුදාජීව, උශාන් කෝදාගොඩ, ඩිල්ෂාන්, සවීර, සූ, ලිහිණි, සුසන්ත, තරිඳු, උමේෂ්, යුරාජ්, එකේ වාට්ටුව ලියන ඉන්දික, හා පැටික්කී, වත්සලා, උන්නැහේ, මධුරංග, සඳරූ . . . මේ අය ත් ඉතිං කවදා හරි මුනගැහෙන්නේ නැතෙයි නේද?
අලුතෙන් කියවන්න ගත්තු ඩොක්ටර් නලිනිත් ඉන්නේ ඒ ලිස්ට් එකේ .
. . . .. . .. . .
මුන ගැහෙන්න ලොකුවට ඕන කම තිබ්බත් මුන ගැහෙන්න නම් ලෝකේ වටේ යන්න වෙන නිසා තව මුන නොගැහුනු කට්ටියකුත් ඉන්නවා.
මේ ඒ කීප දෙනෙක්:
අරුණි අක්කා, කතන්දර, රංගි බුරු, අංජා, රොකියා, මකරා(චානක), නෙලුම් විලේ බින්දි, බුරාතිනෝ, තරංගා මනෝරි, සමීර, බන්දුල රුවන්පුර, නිහාල් ගුරුසිංහ, පාලිත ඉද්දමල්ගොඩ, චමින්දි විජේරත්න, චාන්දි අක්කා, දිමුතු, දිනේෂ්, ඉන්දික උපශාන්ත, චේජනා, ඉෂාර, කාංචන, ජීව්, කුෂාන් ජයලත්, ළහිරු නුවන්, ඔලන්ග් අයියා, ප්‍රාර්ථන, රොයිලි, සුභාගෙ හේරත්, තරංග කොල්ලුරේ, වරුන ලක්මාල්, පොඩි කුමාරිහාමි, දිනිති දීපිකා, සුදේශ්, නෙලාන්, චමිල කරුණාතිලක, චමින්ද විජේසේකර, අමිල ප්‍රසාද, ඉන්දික්, හෙළයා බන්ඩාර . . . .
පටන් ගනිද්දී නම් වලට අදාල බ්ලොග් අඩවි වල සබැඳියාව දැම්මත් ලිපියට සෑහෙන්න වෙලා ගිය නිසාත් දිග නම් ලිස්ට් නිසාත් ලින්ක්ස් දැම්මේ නෑ ඕන්. අනික සමහර නම් ගම් අමතක වෙලා හෝ බැරි වීමකින් ලියවුනේ නෑ වෙන්නත් ඇති. අනේ එහෙම උනායි කියලා තරහ වෙන්න නම් එපා ඕන් ඈ . . . ඒකට කරන්න දෙයක් කියන්නම් . මේ වැඩේ පහුගිය ටිකේ අසේල, මාරයා, වගේ බ්ලොග් පතාකයෝ අනුගමනය කරපු වැඩක්. කමෙන්ට් කරන්න කැමති කෙනෙක් ට පුලුවන් තමගේ බ්ලොග් අඩවියේ සබැඳියාව (ලින්ක් එක ) පහලින් සඳහන් කරන්න.
තමන්ගේ ලිපියක ලින්ක් එකක් කොමෙන්ටුවක ලින්ක් එකක් විදිහට දාන්න ක්‍රමේ මට අපේ දුමී දවසක් කියලා දුන්නා.
ඒ ක්‍රමේ දුමී එවපු විදිහටම මෙතන දාන්නම්.
මෙකේ මම සිංහලෙන් ලියන අකුරු ඔයාලා මේ ගැජට් එක කොපි කරලා කොමෙන්ටුවක දාද්දී ඉංග්‍රීසියෙන් දාන්න අමතක නොකර.
<ඒ href="උඹේ ලින්ක් එක"> ලින්ක් එක දාන්න ඕනෙ වචනය හරි ඡේදය හරි (කරුණාකර දුමීගේ කොමෙන්ටුව බලන්න. එකේ හරි විදිහට ඇත )
එහෙනම් සියලු දෙනාට බොහෝම ස්තූතියි මාත් එක්ක මේ අවුරුදු දෙක තුල රැඳී සිටියාට . . .
අපි ඉදිරියටත් බ්ලොග් එකේ ලිපි හරහාත් ඇහැක් උනොත් හැබෑවටමත් හමුවෙන්න බලාපොරොත්තුවෙන් සියළු දෙනාට ජය වේවා කියා පතමින් මේ ලිපිය නතර කරන්නම් . . . !



133 යි අදහස්:
සුබ පැතුම් අයියේ.. :) හරි නම් පාටියක් වත් ඕන!
සුභ පැතුම් අයියේ!
දුකා අයියා වගේ මේ බ්ලොක්ක අවකාසේ දැවැන්තයෙක් එක්ක වචනයක් හරි කතා කරන්න ලැබුණු එක මටත් කොච්චර සතුටක්ද :)
මේ පූසා , සුදු පූසා කියන්නේ දෙන්නෙක්ද? :D
සුබ පැතුම් අයියේ..... තව අවුරුදු ගානක්ම ලියන්න.. අයියාව හම්බවෙන්න ලැබීම සතුටක්..... :) ජයවේවා.....!
දුකා බ්ලොගේට හැපි බර්ත් ඩේ ටූ මී කිව්වා ඕං.
@ඉසිර!
හරි හරි ලබන පාර නිවාඩු ආවහම පාර්ටියක් දාමු . .
@පූසා!
සුදු පූසා කියන්නේ උඹට නේ. වෙන ඉන්නේ අනිත් පූසෝ සෙට් එකනේ බන්
@හසී!
එල එල . . .බලමු ඉතිං දිගටම ලියන්න නේ . .
කිව්වත් වගේ දුකා අයියාව වගේ බොලොක්ක කාරයෙක් හමු වීමත් සතුටක්
අපෙනුත් සුබ පැතුම්..ඉස්සරහටත් හොදටම ලියමු..ජයවේවා!!!
වෙරිම වෙරි හැපි බර්ත් ඩේ එකක් වේවා !! මගේ මේ කට කහන්න පටන් ගත්තෙත් ඉතින් දුකාගේ බ්ලොග් දේශයට මගේ රුවල් කැඩී ගිය නැව කුණාටුවකට අහුවෙලා අහම්බෙන් වගේ ගහ ගෙන ආවට පස්සෙනෙ....!
අවුරුදු දෙකක් නෙමෙයි, දෙසීයක්ම උඹෙ බ්ලොග් එක රැකේවා !!
අර ලින්ක් දාන විදිහත් සිංහලට කන්වර්ට් වෙලා නිසා මම ඒක මෙහෙම හරිගස්සලා දාන්නම්.
<a href="ලින්ක් එක"> ලින්ක් එක දාන්න ඕනෙ වචනය හරි ඡේදය හරි </a>
දුකා අයියගේ බ්ලොග් එකේ අවුරුදු දෙකේ උපන්දිනේට මගෙන් සුබ පැතුම්. දුකා අයියව මම ඉස් ඉස්සෙලාම අදුන ගත්තේ "බ්ලොග් නොලියා ඉන්න වරයක් දුන් අඤ්ඤකොරොස් දෙයියා . ..." පෝස්ට් එකෙන්. නමුත් ඒ දවස්වල මම ට්‍රේනින් කාලේ හිටපු හන්දා කමෙන්ට් එකක් දාන්න උනේ නෑ.
ඊට පස්සේ තමා ටිකෙන් ටික දුකා අයියා ලියන ඒවා කියවන්න පටන් ගත්තේ.
ඊටත් වඩා අළුත් බ්ලොග් ලියන අයට නම් දුකා අයියා වටින කෙනෙක්. අළුත් බ්ලොග් ලියන කෙනෙක් නම් අනිවාර්යෙන් දුකා අයියා ෆලෝ කරලා ඇති. කමෙන්ට් දාලා ඒ අයව දිරිමත් කරලා ඇති. එහෙමයි දුකා අයියා.
ඒ කාලේ ඉදන් මගෙත් හීනයක් තිබ්බා දුකා අයියගෙන් කමෙන්ට් එකක් ගන්න. ඒක හැබෑ උනා ඕං. ඒකට පින්.
බ්ලොග් අවකාශේ දිගු ගමනක් යන්න අයියට වරම් ලැබෙන්න කියලා පතනවා. !!!
ඒ වගේම අයියට නිදුක් නිරෝගි සුව පතනවා.
ඔන්න අපෙන් උනුසුම් සුභ පැතුම්!...
සුභ පැතුම් දුකා
අර ඕනය ගැන ලියල තිබුන චුට්ට උපුටා ගන්න අවසරද?
මුලින්ම කියන්න ඕන දුකා අයියගේ බ්ලොග් එකට සුභ උපන්දිනයක් වේවා...!!
සිරාවට ඇත්ත දුකා අයිය අඳුරගත්ත එක නම් මාරයි..
බදුලු ට්‍රිප් එක ගැන නම් කථා කරන්න දෙයක් නෑ පට්ට ආතල් එකක් ගත්තේ නේ.. ඒ ට්‍රිප් එක ගිහිං එද්දී රෑ වුන නිසා කිසිම පැකිලීඹක් නැතුව මාව ගෙදර එක්කං ගිය එකටත් බොහොම පිං...
ජය වේවා..!!
ඔබා අයියා . . ගන්න ගන්න . . .හික්ස්
සුබ උපන් දිනක් දුකාට නෙමේ ''අවුරුදු දෙකේ බ්ලොග් පැංචා ට '' . ඒ එක්කම ඒ පැංචා ව හොඳින් බලා ගන්න ''දුකා'' තාත්තට ශක්තිය හා දිරිය ලැබෙන්නත් පතනවා.
සුබ පැතුම්.
බුදු අම්මේ දුකා අයියේ මාර නම් ලිස්ට් එක.. කොමද මතක තියා ගත්තෙ ? :D :D
ජය වේවා.. :D
සුබ පැතුම්.
සුබ පැතුම් දුකා අය්යේ
මමනම් ගොඩාක් මෑතකදී බ්ලොග් වලට එකතුවූ කෙනෙක්.
ඒත් ගොඩාක් අය අදුරගත්තා. ඔබතුමා හමෝම දිරිමත් කරන අයෙක්.
මගෙනුත් සුබ පැතුම්!!!
මගෙත් උණුසුම් සුභ පැතුම් දුක්ස්...
මං පස්සේ වතාවක් ආයෙමත් එන්නං..දැනට මෙහෙම සුභ පතලා මාරු වෙන්නං..බලනවනං මෙන්න නියම බ්ලොග් එක
බලනවනං මෙන්න නියම බ්ලොග් එක
සුබ පැතුම් අය්යා! දීර්ඝ කාලයක් මේ විදියටම ලියන්න හැකිවේවා!
හැමදාම වගේම අපූරුම ලියමන
දිගටම ලියමු. ජයවේවා....
ආ මඟ විශිෂ්ටයි
කටු කොහොල් බිඳ දමා
දහඩිය බිඳු හෙලා...
කඳුලැල් පිස දමා..
යා යුතු මඟ සදන්නට
ආයෙත් ඒ ලෙසින්..
ශක්තිය, ධෛර්යය, වාසනාව නොසිදෙන උල්පතකින් දිය උනන්නා සේ ලැබෙන්නට....
මෙන්න කැට මගෙන්...
අපේ දුකා අයියාට තෙරැවන් සරණයි...
ම්ම්... සුබපැතුම් අය්යේ,
මගෙනුත් සුභ පැතුම්
දුකා සහෝ... මගේ සුභ පැතුම්. මටත් මේ ඊයේ පෙරේදා මාස 05 ලැබුවා විතරයි. ඔයාට දෙවැනි සංවත්සරයට කොච්චර සතුටු ඇත්ද කියලා මට හිතාගන්න පුළුවන්.
දිගු ගමනකට ආසිරි !!!
දුකාට සුභ උපන්දිනයක්... මෙච්චර දේවල් මතක තියායන්න කොච්චර ලොකු හදවතක් ඕනේ ඇතිද... :)
පහළ ලින්ක් එක හිට්ස් වැඩි කරගන්නවට අමතරව මගේ බ්ලොග් එකට දුකාගේ කමෙන්ටුවක් ලබාගැනීමේ හීනය හැබෑ කරගන්නයි... :)
බීටල් ලියන අකුරු
සුභ පැතුම්
වෙනම නාම ලේඛනයක් පවත්වා ගෙන යනව ඇති මගෙ හිතේ. :D
සුබ පැතුම් අයියේ...!!!
තවත් දිගටම ලියන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..
ඔයාගේ බ්ලොග් එකේ නම ඇයි දාගත්තේ කියන එකනම් තාම ප්‍රශ්ණයක්.මොකද මේකේ කිසිම දුකක් දකින්න නෑ මේ බ්ලොග් එක කියවනකොට මාර සතුටක්නේ දැනෙන්නෙ මම අහලා කියෙන හැටියට නම් අයියා බ්ලොග්කරණයේ පතාක යෝධයෙක්.....
අවුරැදු 2 ක් කියන්නේ එසේ මෙසේ ගමනක් නෙවෙයිනේ තව දිග කාලයක් බ්ලොග්කරණයේ යෙදෙන්න කියලා ප්‍රර්ථනා කරනවා.මම නම් තාම බ්ලොග්කරණයට පය තිබ්බා විතරයි.අයියා කියපු හින්දම ඕං මම මගේ බ්ලොග් එක ඇමිණුවා
fotostory
මම බ්ලොග් එක පටන්ගෙන ටික දවසකට පස්සේ මට කවි ලියන අය ටික දෙනෙක් හමුවුණා.කට්ටිය කියන්නේ ඉතිං බින්දියි, සුජීවයි, ලකීයි...
ඒ හින්දා කවි බ්ලොගයකුත් පටන් ගත්තා. කවි ලියන ඕනේම කෙනෙක්ට සුහද ආරාධනාවක් කරන අතරේ දුකා අයියට විශේෂ ආරාධනාවක් කරනවා ඒකට
කවි මුතු මල්
එහෙනං දුකා අයියට දිගු ගමනකට ආසිරි පතන්නේ asiri
හද පිරි සුබ පැතුම්.... තව අවුරුදු ගානක් ලියන්න ශක්තිය ධෛර්ය්ය වාසනාව ලැබේවා.. !
සුභ පැතුම්!
තව දිගු කාලයක් ලියන්න ලැබේවා. මට මුල්ම කමෙන්ටුව දුන්නේ ඔබ බව මට හැමදාම මතකයි.
හදවතින්ම සුබ පතනවා ........
අලුතෙන් බ්ලොග් අවකාශෙට එන අයට ඔබගෙන් ලැබෙන රුකුල අති විශිෂ්ඨයි ........
සුබ පැතුම් අයියේ..තව තවත් ලියන්න සුබ පතනවා....
සුභ පැතුම් දුකා අයියෙ . . . . .
ලාස්ට් රෝ එකේ ආතල් දාගෙන ඉන්න කාලෙ අහම්බෙන් කියවන්න ලැබුන පෝස්ට් එකක් තමයි දුකා අයියගෙ මහේශ් කියන පෝස්ට් එක. ඒ පෝස්ට්
එකේ අයියත් සංජුත් අතර ගිය සංවාදෙකට dulip s s කියන නමින් හොට දාල දාපු කොමෙන්ට් එක නිසා තමයි අද ඕනයා මේ දුර ඇවිල්ල ඉන්නෙ.
මගෙ දුප්පත් බ්ලොගේ පලවෙනි කොමෙන්ට් එක දාපු සහ මගෙ බ්ලොගේ දෙවනි ෆලෝවර් උන දුකා අයියෙ . . . . . උඹට ඇඟිලි කොනේ පනතියනකං බ්ලොග් කොටන්න කතා සෙට් වේවා කියල ඉතසිතින් පතනව . . . . .
ප.ලි.
මට නෙමේ යකෝ බිම දාගෙන ගැහුවෙ . . . . මට වැදුනෙ එකම එක හෙල්මට් පාරයි . . .. . බිම දාගෙන ගැහුවෙ බොලාගෙ කසින් නගාට.
ප.ප.ලි.
ඔය කෑල්ල ඔබ්සර්වරයට උපුටගන්න දුන්න කියන්නෙ මට මගෙ පු*න් බෙ**ක් දෙකට කඩාගන්නත් බැරි කරනව ඔය යකා . . . . . මේ දවස් වල මාව නන්නත්තාර කිරීමේ ප්‍රොජෙක්ට් එකකට බුවා අත ගහල ඉන්නෙ
ප.ප.ප.ලි.
අයිය කියපු ලිංක් දාන මෙතඩ් එක අත්හදා බැලුව . . . . බලමු හරි යයිද කියල
දුකා ට මගේ සුභ පැතුම්!
අනේ ටැබූත් හිටියා නම්.
අර ලින්ක් දාන එකේ අගින් තියෙන ඒ අකුරට කලින් < සලකුණ ඕනෑ.
දුකා අයියගෙ බ්ලොග් පැංචාට සුභම සුභ උපන්දිනයක් වේවා! අර මගෙ කේක් බිම හලලා වනසලා කෑවා වගේ මුන් ටික මෙතනත් එහෙම්මම කරයි වගේ. තවත් ලස්සන ලස්සන ලිපි ගොඩාරියක් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.
@ ඕනයා අයියා : හිකිස් ඒ ඔයාද? කවුද දන්නෙ? :) මාර හමුවීමක් නෙ ....
සුභ පැතුම් අයියේ !!!!
දුකා...
මුලින්ම අවුරුදු දෙකට සුබ පැතුම් සහ එන්නට ඇති තවත් බොහෝ අවුරුදු වලට ආසිරි...!!!
ඒ වගේම අලුතින් සිංහල බ්ලොග් ලියන්නට එකතු වන ආධුනිකයන්ට ඔබ කරන දිරිගැන්වීම ගැන ස්තූතිවන්ත විය යුතුමයි....!!!
ජය!!!
දැන්.. මම මේ අද ඊයෙ පටන් ගත්තු , පලමු පොස්ට් එකේ පලමු කොමෙන්ට් එකම දුකාගෙන් ලබුනු... මගෙ බ්ලොග් කෑල්ලෙ ඇඩ් එක..
මට මතක හැටියට
ඔබ මිතුරන් අතර හැබෑම මිතුරෙක්.
එහෙම කිව්වේ...මට අයියව හදවතටම දැනෙන කෙනෙක් හන්දයි.
දුකා..අයියා වගේ මිනිස්සු චිරාත් කාලයක් ජීවත් විය යුතුයි.
සුභ පතනවා...අනාගත බ්ලෝග් දිවිය...ජයෙන් ජයම වෙන්න කියා.
තව තවත් ලියන්න ධෛර්යය හා ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!
සුබ පැතුම් අයියේ
මමත් බ්ලොග් කලාවට එන්නත් කලින් අයියගෙ බ්ලොග් එක කියෙව්වෙ. මම බ්ලොග් ලියන්න ඔයත් එක හේතුවක්. එපා හිරු පායන්න අදින් පසු මගෙ ලොවට කතාව කියවන්න තමා ඉස්සර මම මෙහෙට ගොඩ උනේ. හුඟක් සතුටුයි අයියෙ මේ ආපු ගමන් මගට. හදවතින්ම මම සුභපතනවා.
සුභ පැතුම් අයියා.. තව දිගු කාලයක් බ්ලොග් ලියන්ට ශක්තිය වාසනාව ලැබේවා..
මෙන්න මගෙනුත් සුබ පැතුම් මිත්‍රයා !
තව කාලයක් අර්ථවත් දෙයක්ම, වැඩදායි දෙයක්ම ඔබ අතින් ලියවෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
මේකත් කියවන්න
ඕනයා, උඹේ පලවෙනි පොස්ට් එක කොමෙන්ට් නැතුව වේලි වේලි තියෙන කොට, බලාපිය ආපහු ගිහින් ඒකට පලවෙනි කොමෙන්ට් ඒක දාල තියෙන්නෙ කව්ද කියල හොඳට ඇස් දෙක ඇරල....!!!
මදුරංග කිවා වගේ අලුතෙන් බ්ලොග් ලියන කවුරු හරි ඉන්නවානම් අනිවාර්යෙන්ම ෆලෝ කරන පලවෙනි 4,5 ඇතුලත ඔයා ඉන්නවා.. ගොඩාක් ලිපි කියෙව්වත් ඒ ලිපි වලට කමෙන්ට් දාන්න තරම් මට තියෙන තත්වේ මොකක්ද කියලා හිතලා කමෙන්ට් නොකර උන්නේ..
අය්යා ඒ තරම් වටින චරිත.. අය්යට සමහර විට මාව මතක නැතිව ඇති.. මිට අවුරුද්දකට විතර කලින් මට හිතෙන දේවල් කියලා බ්ලොග් එකක් මම ලිවා.. එතකොට මට අය්යගෙන් සමහර ලිපි වලට ගොඩාක් උපදෙස් හම්බ උනා.. ඒ අවුරුද්දකට කලින්..
දැන් නම් මම ඒ බ්ලොගය ලියන්නේ නැ.. දේවා ගේ අඩවිය කියලා එකක් ලියනවා
මගේ ගැන මෙහෙම දැම්මේ මට දුක හිතුන නිසා මේ තරම් දැවන්තයෙක්ව අදුන ගන්න දැක ගන්නවත් ලිපියක පුන්චි අකුරක් ලියාගන්න බැරි උන දුකට
අය්යාගේ ගමන් මගට මගෙනුත් සුබ පැතුම්...දිගටම ලියන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
අය්යට මතකද ඒ දවස් වල මට පොඩි උනක් තිබුනා දේවා චැලෙන්ජ් කියලා දෙයක් කරන්න.. එත් අය්යගේ මෙන්න මේ කතාව නිසා මම ඒ වැඩේ නතර කලා.. ඔයා එදා මට ෆේස් බූක් එකෙන් එහෙමත් නැත්නම් කමෙන්ට් එකකින් මෙහෙම කිවා.. ඒ වචන ටික මාව මේ බ්ලොග් ෆිල්ඩ් එකේ මොනවද කරන්න ඕනේ කියන එකට ලොකු ශක්තියක් උනා,.. එදා ඔයා මට කිවේ මෙහෙමයි..
මේ පුන්චි දෙත් මට මතක මගේ ජිවිතේ මට උපදෙස් දෙන අයට මම ගොඩාක් ආදරේ කරන නිසයි
blogs atara kohomath taragayak tiyenawa malli . .. .
anik kenaa liyana ewata wadiya hoda deyak mama liyanna ona kiyana hagema hamoma atare tiyenawa . .
itin alutin okata taragayak tiyala tagi dena eka terumak naha kiyala i mata hitenne . . .. ...
Good Luck ! Keep up the good work !!
මගෙත් සුබ පැතුම්...
අපොයි මාවත් බලන්ට එනවද? හී... හී... හී... හී...
ආවොත් ආදරයෙන් පිලිගන්නවා.
අමුතුම කට්ටක් කන මේ කාන්තාර ආශ්රිත ජීවිතයේ ලබපු ලොකුම භාග්‍යය දැන හැඳින ගත් සුවිශේෂ් මිනිසුන්. දුකා කියන සුන්දර මනුස්සයා හඳුනා ගත්තේ කාන්තාරය ගැන ගෙතුන පදපෙලකින් (වැලි කතර මරු කතර හා පාරාදීසය) ...
ඒ වෙන විට එක්තරා සිංහල ෆෝරමයකට විතරක් සීමා වී සිටි මා බ්ලොග් සාගරයේ වෙරළට අරන් ආවේ දුකා, එතැන් සිටන් හද ගී පොතේ තිස්ස මහතා හා බ්ලොග් අවකාශයේ සහෘදයන්, සුන්දර මිතුරු කැළක් හඳුනා ගන්න ලැබුනා...
දුකා අඩවිය තවත් වැඩි කලක් බබලවන්න ඔබේ පන්හිඳට ශක්තිය ලැබේවා යාළු. සුබ පැතුම්!
සමනලීගෙනුත් උණුසුම් සුබ පැතුම්!!!! ආ.... අයිතිකාරයත් සුබ පතනවා හොදේ?
මේ ආපු ගමන වගේම තව දුර ගමනක් යන්න ශක්තිය වාසනාව ලැබේවා...!!!!!!
මගේ උනුසුම් සුභ පැතුම් අයියා..!!!
කියන්න දෙයක් නෑ. අයියගේ බ්ලොග් කලාව ගැන නොදන්න කෙනෙක් ඉන්න බෑනේ. හපොයි මම මෙච්චර දවසක් හංගන් හිටිය බැක්අප් බ්ලොග් එකනේ අයියා එලියට අරන් තියෙන්නේ කොහොම හොයාගත්තද මන්දා. :D
මුලින් ම අවුරුදු දෙකේ දැවැන්තයාට මම හදවතින්ම සුභ පතනවා. ගෙදරයි රස්සාවයි ගැන හිත හිත ,හීනෙනුත් ගණන් ඉලක්කම් පෙනෙන ජීවිතයක් ගත කරන අපි වගෙ අයට නම් මේ බ්ලොග් වලින් ලැබෙන්නෙ හරි පුදුම සිසිලසක්. එකේ ප්‍රමුඛයෙක් වන ඔබට ඉදිරියටත් මේක ගෙනියන්න ශක්තියත් කාලයක් ලැබේවා කියලා අව0කවම සුභ පතනවා.
දුකා උඹ නම් නම් පුදුම මනුස්සයෙක්. මේ ඊයෙ පෙරේදා අඳුන ගත්ත මාවත් උඹට මතක් වෙලා..ඒ වගේම මාව වලාකුළු අතරට පා කරපු එකට නම් මට ස්තුති කරන්න වචන නැහැ.
සුබ පැතුම්. 2ට 4ක ආයුබෝ වේවා !!!
හදවතින්ම සුබ පතන්නම් දුකා අයියා .
මේ අවුරුදු දෙකට මේ බ්ලොග් පොඩ්ඩ හින්දා කීදෙනෙක් බ්ලොග් ලිවීමට කියවීමට එන්න ඇද්ද ? ඒක නිසා මේ බ්ලොග් පොඩ්ඩ හැමදාමත් අකුරක් ලියවෙන්න කියලා ප්රර්තනයකුත් කරන්නම් .
ටැබූගේ සම්මාන පෝස්ට් එකෙන් තමා මම ඔයාගේ බ්ලොග් එක අඳුරගත්තේ . මතකද සම තුන් වන ස්ථාන වලට තිබුණේ ඔයාගෙයි මගෙයි බ්ලොග් කෑලි දෙක . මම ඉතින් නිතරම මේකට ආවා ගියා ඔයා ලියන රටාවෙන්ම මමත් ලියන්න ට්‍රයි කළා .. ලිවීම ගැන ගොඩක් දේ මෙතනින් ඉගන ගත්තා . ස්තූතියි අප්පා ..
හැමදාමත් බ්ලොග් කියන ලියන අයට අද වගේම හයියක් වෙන්න දුකා අයියා . ඔයාගේ කමෙන්ට් එකකින් පුංචි බ්ලොග් ලියන්නෙකුට සුපිරි ජවයක් ලැබෙනවා දුකා අයියා ...
ඉතින් මේ බ්ලොග් ගෙදරට සුබ උපන්දිනයක් වේවා ..!! ජයෙන් ජය වේවා !!
සුභ පැතුම් අයියා...
සුබ පැතුම් දිගු ගමනක් පැමිණියාට! සුබ වාසනාවන් දුකා මල්ලියේ තවත් වසර ගණනාවක් සටහන් ලියන්නට!!!
දැන් ඉතින් මල්ලි මේ පැත්තට එනකම් බලාගෙන නොසිට ඔයාව බලන්න ඔය පැත්තට එන්න වෙනවා නේද?!!
ගොඩක් සතුටුයි දුකා..මයියා ගේ බ්ලොග් එකෙත් මුලින්ම කමෙන්ට් කරපු අය අතර දුකත් ඉන්නවා.ඒ වෙනකොටත් ගොඩක් ප්‍රසිද්ධ වෙච්ච බ්ලොග්කරුවෙක් උන දුකා, මයියා ගේ අලුත් බ්ලොග් එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා තියෙනවා..තරාතිරම නොබලා ලිපියේ අදහස බලලා කමෙන්ට් කරන දුකා ගේ ඒ ගුණයට මයියා බොහොම ප්රියමානාපයි.දුකා ඔබට ජය...
මුලින්ම හදවතින්ම සුබ පතනවා බ්ලොගේට අවුරුදු දෙකක් පිරුනු එක ගෑන.
මේ වෙලාවේ මාවත් මතක් උන එකට ස්තූතියි. කිහිප වතාවකම දුකාව මුන ගෑහෙන්න චාන්ස් ලෑබුනත් එදාට වෙන මොකක් හරි වෑඩක් යෙදෙන නිසා හරිගියේ නෑහෑ. අනික උබ වගේ කෙනෙක් වෙනුවෙන් පෑයක් දෙකක් වෑය කරන එක මට කරදරයක් නෙමේ. ඔන්න ඊලග පාර එද්දි නම අනිවා මට කියන්න ඔනේ හරිය. ජය වේවා.....
සුභ පැතුම් අයියේ....
@ෆා!
තැන්කූ වේවා කිව්වා
@වැප්!
වැප් දුකා හමුව! බොලොක්ක මලකඩ හමුව වගේ එකක්ද? හික්ස්
@චාටර් කොල්ලා!
තැන්කූ . . .
@දුමී!
පිස්සු කියනවාද . . .කුනාටුවකට අහුවෙලා ආවා නෙමෙයි දෛවය එව්වා උඹ වගේ ආදරණීය, සුන්දර, අවංක මිතුරෙක් හඳුන්වල දෙන්න ඕන කමට දෛවය එව්වා . .
අපෙනුත් සුබ පැතුම් කියුවා දුකා අයියට..කලින් කමෙන්ට් නොකෙරුවට හැමදාමත් අනිවා බලනවා දුකා අයියගේ බ්ලොග් එක..තව දීර්ග කාලයක් මේ වගේම ලියන්න වරම් ලැබේවා කියලා පතනවා ඕන්....
දුකා අයියේ වෙලාවක් තිබුනොත් මගේ කුනුබක්කිය පැත්තෙත් ඇවිත් යන්න එන්න..
@මධුරංග!
අප්පේ මගෙන් කොමෙන්ටුවක් ගන්න හීන මැව්ව කියල කියද්දී නිකම් කිචි වගේ හික්ස්. ඇයි අප්පා මගේ කොමෙන්ටු මම අලුතෙන් එන හැමෝටම වගේ දානවා වෙලාවක් ලැබෙන විදිහට. එක කාලයක් තිබ්බා කොමෙන්ට් දාන්න තියා බ්ලොග් එකක් වත් ලියන්න බැරි වෙලා හිටි කාලයක්.
ස්තූතීයි හොඳේ
@සාතන්!
තැන්කූ ඈ . .එදා අවුරුදු උත්සවේට ඔයාත් ඇවිත් හිටියා නේද. කතාකරන්න ලැබුනේ නෑ වගෙයි මතක. ලබන පාර සෙට් වෙමු හරි.
@ඔබ්සවර්!
කලින් ස්තූති කරන්නත් බැරි උනා ඔබා අයියට.
ඕනයව කෑවද?හික් හික් හික්
@සොරෝ!
ඔව් බන් අපේ ගෙදර අස්සයෙක් නැති නිසා උඹව බය නැතුව අපේ ගෙදර එක්ක යන්න ඇහැක් උනා. lol
@බින්දි!
ස්තූතියි ස්තූතියි . . ඇහැක් තරම් කාලයක් ඇහැක් ඇහැක් විදිහට බලා ගන්නයි බලාපොරොත්තුව.
@Praසන්ன!
ස්තූතියි ප්‍රසන්න
@හාවා!
අනේ මන්දා බන් . . ගොඩක් උන්ව මතකයි. මතක තියෙන උන් ගොඩක් අය මූනු පොතෙත් ඉන්න නිසා තවත් මතකයි. මේ පෝස්ට් එකේ කටු සටහන දවස් කීපයක් තිස්සේ හද හද හිටපු නිසා ගොඩක් නම් ආපහු මතක් කර ගන්න ඇහැක් උනා.
@Helping To People!
ස්තූතියි.
ඔයාගේ බ්ලොග් එකට ගියා. වැඩේ ගොඩක් හොඳයි. ඒක ඔයිට වඩා පිරිසක් අතරට ගෙනියන්න පුලුවන් විදීහක් හෙමීට කතා කරමු වෙලාවක.
@ChammA's බ්ලොග්!
ඔයාටත් ස්තූතියි. වෙලාවක් ලැබුනාම ඔයාගේ බ්ලොග් එක කියවන්නම් හොඳේ.
@ගිම්හානි!
ගොඩක් ස්තූතියි සුභ පැතුම් වලට.
ලඟදී ඉඳන් මගේ කාල වේලාවේ ප්‍රශ්නයක් නිසා කලින් තරම් බ්ලොග් කියවන්න කම්නෙට් කරන්න වෙලාව ලැබුනේ නෑ.
ඔයාගේ බ්ලොග් එකක් නෑ නේද?
@මාරයා!
උඹේ දාහක් වැඩ අස්සේ ආයේ තව මොනාද බන් . . මේ මදෑ . .
@නදී
බොහෝම ස්තූතියි නදී සුභ පැතුම්වලට.
@ධාරා (.)
අප්පච්චියේ මේකත් අපූරුයි වගේ දැනුනද :)
ස්තූතියි
@උදාර!
තැන්කූ උදාර (මේ රජරට පුත්‍රයා උදාර නෙමෙයි නේද?)
@රොබින්!
අම්මේ කවියෙන්ම සුභ පතලා තියෙන්නේ.
අර පොත කියවලා ඉවරද මලේ? lol
තැන්කූ ඈ . .
@චේජනා !
ගොඩක් ස්තූතියි නගේ.
@බුවා!
තැන්කූ වේවා. බුවාගේ අදහස් වලට මම හරි කැමති ඈ (මෙතනදිම කිව්ව ඒකත්)
@චතුරංග පෙරේරා!
අහ් මාස පහක් නෙමෙයි අවුරුදු පහකටත් වඩා දිගට ලියන්න ඔයාටත් සුභ පැතුම්. මට එවපු සුභ පැතුම් ව්ලට ස්තූති කරන ගමන්.
@බීට්ල්
අනේ බන් හදවතේ සයිස් එක නම් උඹලගේ වගේ සාමාන්‍ය මනුස්සයෙක්ගේ එක තරම්මයි . . හික්ස්
තැන්කූ ඈ . . ඒ පැත්තේ අනිවා ඩෙෆා ඇවිත් කියවලා අදහස් දක්වන්නම් . .
ජය
@තිලින මදුශන්ක!
සෑහෙන දෙනෙක්ගේ නාමලේඛනයක් ලියන ශෛලියත් එක්කම මෙමරයිස් වෙන ඔටෝ සේව් වෙන සර්වර් එකක් වගේ එකක් තියෙනවා බන්z. . .
මෙතෙක් ආ ගමනටත්, ඉදිරියට යන ගමනටත් හදවතින්ම සුභ පතනවා සහෝ.
නවක අපේ බ්ලොග්වලට දුකා නම් යෝධයා ආවම තියෙන සතුට මම දැක්කා සරත් ලංකාප්‍රියගෙ කොමෙන්ටුවකින්:" මෙන්නෝ මගේ බ්ලොගට දුකා ඇවිල්ලෝ!" :D
දුකා කියන නම මම මුළින්ම ඇහුවෙ ඩීන් අය්යගෙන් වෙන්නට ඕන. පස්සෙ නිතර නිතර හැමතැනම හැමකෙනෙක්ගෙන්ම කියවෙන නමක් බව දැක්කා. ඒ හැම කෙනෙක් විසින්ම ඉතාම සෙනෙහසින් හිතවත්කමින් කතා කරනු ලැබූ පුද්ගලයාගෙ බ්ලොගයට ඇවිත් බලනකොට, මුළින්ම කියෙව්වෙ අර නංගිගෙ පෝස්ට් එක මට මතක හැටියට.
කරන කියන සියල්ල සාර්ථක වේවා.
@හිම කුමාරි!
ස්තූතියි කිව්වා ඔයාටත් ඈ . .
@අසංක ආසිරි!
"හැටියට නම් අයියා බ්ලොග්කරණයේ පතාක යෝධයෙක්" කවෘ හරි ලොකු බොරුවක් කියලා ඔයාට.
බින්දිට, සුජීවට, ලකීට වගේ කවි ලියන්න නම් හැකියාවක් නෑ මට. ඒත් ඒකට ඇවිත් අමාරුවෙන් හරි පදයක් දෙකක් ගටගහන්න උත්සාහ කරන්නකෝ . . .
ස්තූතියි මළේ ඔයාගේ අගය කිරීමට සහ සුභ පැතුම් වලට.
@සමීර!
මූනු පොතෙත් සුභ පතලා තිබ්බා . . ස්තූතියි මළේ . .
@වෙද ගෙදර මහ වෙදනා!
හඃ හඃ හා මටත් හෙන සතුටුයි ඔබ තුමා වගේ මේ බ්ලොග් අවකාශේ ඉන්නම ඕන කරන ප්‍රයෝජනවත් කෙනෙක්ට දිගට ලියන්න උත්තේජයක් (අර වැල් පෙනෙල වගේ හික්ස්) සපයන්න ඇහැක් උනු එකට . . .
ස්තූතියි ඔබ තුමාටත්.
@පන්සල් හංදිය!
බොහෝම ස්තූතියි. අලුතෙන් ලියන අය දිරි ගන්වන එක මම හිතන්නේ අවුරුදු දෙකක් විතර මේ බ්ලොග් අවකාශේ මට රැඳිලා ඉන්න ඉඩ සලස්වපු අය වෙනුවෙන් මගෙන් වෙන්න ඕන යුතුකමක් කියලයි මම හිතන්නේ.
mage suba pathum loku ayya :)
Exam iwara wechcha gaman meka wenuwen api panorama yamu.....oneth naha ithin umbata badu tika genath dunnama uyala deyine :D
@නිම්ශා!
ස්තූතියි නගේ ඔයාටත්
@ඕනයා!
අනේ බන් බොරු නොකියා හිටු. එතකොට උඹේ තට්ට ගෙඩියේ තියෙන අර මැහුම් දාසයක් දාපු තුවාලේ උනේ කොහොමද? මම අභියට හරි ඔබා මාමට හරි කියන්නද චෙක් කරල බලන්න කියලා . . මොකෑ කියන්නේ?
@කකා!
අනේ ඔව් ඇත්තෙන්ම මටත් එහෙම හිතුනා සහ නිතර හිතෙනවා. තැන්කූ කකා සුභ පැතුම් වලට.
@සංජු!
නෑ නෑ මේ කේක් එකක් නෙමෙයි රිජිෆෝම් විතරයි හික්ස්.
තැන්කූ ඈ . .
@හරී
තැන්කූ නංගී
මෙන්න මගෙනුත් සුබ පැතුම් අයියාට. තවත් චිරාත් කාලයක් වැජඹීමට ශක්තිය දෛර්ය ලැබේවා.
බුල්ටෝ.
උං දෙන්නට වැඩේ බාරදෙනවට වඩා හොඳයි ඉරිද සිලුමිනේ ෆුල් පේජ් දාන එක.
දැක්කනෙ ඔබා මේ ඩිංගට ගිහින් මගෙ පලවෙනි පෝස්ට් එකට කොමෙන්ට් එකක් දාල ගන්න ආතල් එක ??
හ්ම්ම් අපිත් හම්බෙයිනේ කවදාහර් කොහොම හරි..එතකොට මගේ නමත් තියේවි හම්බුනා ලිස්ට් එකේ! සුබ පැතුම් අයියේ...තවත් ලියන්න ශක්තිය දිරිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා
මෙන්න මගෙනුත් සුබ පැතුම්
මගෙනුත් සුභ පැතුම්.මකරයි ඔයයි නේද සිංහල බ්ලොග් ලියන පරණම දෙන්නා(දැනටත් ලියන)
අවුරුදු දෙකක් ? බුදු අම්මෝ !.. ඇඟිලි ටික ගෙවෙන එකක් නං කොට කෑලි විතරක් ඉතුරු වෙයි. බ්ලොග් ලියන එකයි , පවුල් කෑමයි දෙකම එක වගේ. පටන් ගත්තු
මෝඩ කමට කර ගෙන යනව. කොහොම උනත් මේ බ්ලොග් කෙරුවාව නිසා ලෝකය පුරාම හිත හොඳ මිනිසුන් ටිකක් අඳුර ගත්ත. කවද හරි ලංකාවට ගියාම, පාර තොටේදී මුණ ගැහුනම අඩු ගානෙ තේ කෝප්පයක් බීල යන්න එන්න කියලවත් ගෙදරට කතා කරාවි නේද කියල පහන් හැඟීමක් හිතේ තියෙනව. අනුන්ගේ දුකේදී උණුවන දුකාට තව තවත් ලියන්ට , කොටන්ට ශක්තිය ලැබේවා.
මමත් මේ දවස් වල හීනයක් දකිනවා අබුඩාබි පැත්තේ එන්ඩ... මේ අවුරුද්ද ඉවර වෙන්ඩ ඉස්සෙල්ලා ඒ හීනේ හැබෑ වුණොත්, උඹල අපි මුණගැහෙන හීනෙත් හැබෑ වේවි.... අපි ඉඳල හිටලා හරි කොටන මොනවට හරි මඟ බලාගෙන ඉඳලා කොමෙන්ට් එකක් දාන උඹලා හැමදාම (වයසට යනකල් හරි) මේ බ්ලොග් අවකාශෙ රැඳෙන්ට ඕනේ.....
අවුරුදු දෙකට මේ මදෑ. සුභම සුභ සුභ පැතුම් අයියා
සුභාශ් අයියට අපෙනුත් සුභ පතුම් !!!
දුකාගේ බ්ලොග් අඩවියට දෑවුරුද්දක් පිරීමේ සතුට බෙදා ගැනීම වෙනුවෙන් මගෙනුත් සුභ පැතුම්...!
එදා පැනොරාමාවේ මුණ ගැසුම කිසිදා මතකයෙන් මැකී නොයන රසවත් හමුවකැයි මම ද සිතමි. එහෙත් ඒ මතකයට වසර දෙකක් ගෙවුණා දැයි සිතුම ද විශ්මිතය. මට ඒ මතකය අද ඊයේ වැනිය...
My Best Wishes!
දුකා අයියා,.. සුබ පැතුම්... තවත් අවුරුදු ගණනක බ්ලොග් රචනයට..
සුභ පැතුම් දුකා අයියේ,,මමත් අවුරුද්දක කාලෙක වගේ ඉදන් මේ බ්ලොග් එක කියනවනවා,කමෙන්ට් කිරීම අඩු උනාට,,තවත් කාලයක් බ්ලොග් අවකාශේ රැදේවා!!
එළ ද බ්‍රා.. ජයෙන් ජයම වේවා කිවුවලු..!!
හිටපංකො, වෙලාවක් හොයාගත්ත ගමන් එනවා උඹයි, දුමියයි, තිස්ස ලොක්කයි ඇතුළු කස්ටියම බලලා යන්ට, අනිවා ඩෙෆා.. :)
මකුළු පැංචි නං මේ ඊයෙ පෙරේදා වගේ තමයි බ්ලොග් කෙරුවාවට එකතු වුණේ ඕන්නේ වුනත් දුකා අයියා ගැන අහලා තියෙන දේවල්නම් බොහොමයි..ඔබතුමා මගේ බ්ලොගයටත් ගොඩවෙලා ෆලෝ කරලත් ගිහින් තිබුණා...බොහොම ස්තූතියි ඒකට.. ඒ වගේම අපි වගේ අළුත් අයට අතදෙන්න ඉගෙනගන්න..තව තවත් ලියන්නට ඔබේ අත තවත් සවිමත් වේවා කියලා මුලු හිතින්ම පතනවා..
හැපී බර්ත් ඩේ!!! ජය වේවා!!! ජය ශ්‍රී!!!
දුකා මල්ලිගේ බ්ලොග් අඩවියේ දෙවර්ශ පූරණයට හද පතුලෙන්ම නැගෙන සුබ පැතුම්!
මම මේ දේවල් වලට ආවේ ගොඩක් ලඟකදී, නමුත් ඒ කෙටි කාලයේදී මට හමුවූ සොඳුරුතම සහෝදරයෙක් මල්ලී. ජීවිතයේ අපිට ලැබෙන එක වාසනාවක් හදවතට සමීප කෙනෙක් , හොද හිතක් තියෙන කෙනෙක් හදුනා ගන්නට ලැබීම. මගේ මහත්තයාගේ අයියා කාලයක් අබුඩාබි,හා ඩුබායි වල ජීවත් වෙන්නේ. මම දන්නා පරිදි අයියාත් ගොඩාක් සේවයක් කරනවා බෞද්ධ සංගමයට හා දහම් පාසැල හරහා. ඔහුගේ නම බන්දුල මෙන්ඩිස්. මම හිතන විදිහට අපි ලෝකෙ කොහේ හිටියත් මල්ලියේ අපිට හැකි පමණින් දෙයක් ලෝකෙට ඉතිරි කරල අපිට අවසන් ගමන් යන්න ලැබුනොත් ඒ ඇති. ඉතින්, ඉදිරි ජීවිතය ඉතාම වාසනාවන්ත වෙවා! කියල සෙනෙහසින් පතන්වා.
ඔව් අය්යේ මට බ්ලොග් එකක් නෑ. බ්ලොග් එකක් නෑති එකම එක්කෙනා විදියට වාර්තාවක් තියන්න ඉන්නේ.
සුභ පෑතුම් දුකා මගෙනුත්,දිගටම ලියන්න
@සපතේරු උන්නැහේ!
ඔබතුමා ඩුබායි හිටියට කියන්නේ නෑ නේ කොහේද කියලා.
අපි සපත්තු හදෝගන්න ගාන අඩු කොරන්න කියයි කියලා එයි කියලා වෙන්ටැ . . කාරි නෑ කාරි නෑ . . හෙ හෙ හේ
@නිල් අහස!
අහ් ඔයත් අර මුනගැහෙන්න ආසාවෙන් ඉන්න ලිස්ට් එකේ අයෙක් ඒත් නමක් ගමක් වත් දන්නේ නෑනේ. බැරිද මූනු පොතට රික්වෙස්ට් එකක් එවන්න?
ස්තූතියි හොඳේ අගය කිරීම් සහ සුභ පැතුම් වලට.
@සුජීව!
බොහෝම ස්තූතියි සර්. මගේ බ්ලොග් එක වගේ නෙමෙයි ඔබ තුමාගේ අපිට ඉංග්‍රීසි උගන්වන බ්ලොග් එක නම් අනිවාර්යෙන් දිගටම කරගෙන යන්න. ඒක හරිම ප්‍රයෝජනවත්.
ස්තූතියි ඔබතුමාටත්.
@අකීකරු හිත!
තැන්කූ කිව්වා ඕන්.
@පිණිබිඳු!
බොහෝම ස්තූතියි නගේ.
@පුතා!
තැන්කූ තැන්කූ ඈ . . ඉක්මනට ආපහු වරෙන් බන්z
@Outsider!
බොහෝම ස්තූති මිත්‍රයා!
@මරුවා!
මරුවගේ ලිපිත් මම බොහෝ විට කියවනවා.
@දේවා!
කමෙන්ට් කරන්න මට තියෙන තත්වේ කියන්නේ මොකද්ද මල්ලී . .අපි ඔක්කෝම ඉන්නේ එකම තත්වේ තමයි. වයස වෙන්න ඇති ඔයා අදහස් කලේ. ඒත් මොකක් හරි දෙයක් ගන තමන්ට හිතෙන දේ කියන්න. වයස සහ අනෙක් කාරනා අමතක කරන්න. මේ බ්ලොග් කලාවේ වටිනාකම ඒකයි. ඕන කෙනෙක්ට ඕන කෙනෙක්ගේ අදහස් ගැන හොඳ කියන්න පුලුවන් බනින්න පුලුවන්.
ස්තූතියි මල්ලී ඔයාටත්.
@TG
Thanks Mano. Appreciate your words . . .!
@පොඩ්ඩී!
ඔව් ඔව් ඔසී එන්න බැරි නිසා ඔයා ලංකාවට ආපු වෙලාවක වලව්වට එන්නයි හිතුවේ.
@ගල්මල්-ඩීන්!
බොහෝම ස්තූතියි මිත්‍රයා. ඇත්තෙන්ම ඔබ වැනි සොඳුරු මිනිසුන් රාසියක් ලං කර දුන් හේතුවම ඇති මට මේ බ්ලොග් එකට තවදුරටත් බැඳිලා ඉන්න හේතුවක් කරගන්න.
@පුංචිසමනලී!
බොහොම ස්තූතියි හොඳේ
@ප්‍රියන්ත!
සුභ පැතුම් වලට ස්තූතියි ප්‍රියා මලේ.
අහ් මගේ බ්ලොග් රෝල් එකේ උඹේ බ්ලොග් එක තිබ්බේ නෑ මලේ. පරන කොමෙන්ට් ලින්ක් හොයන්න කම්මැලි කමට ගූගල් සර්ච් කලා. ඔන්න ඔහොමයි ඒක හම්බ උනේ . . හික්ස්
@ලකී!
අලුත් පරන කියලා නෑ බන්. අපි ඔක්කෝම බ්ලොග් සහෘදයෝනේ.
මම දකිනවා උඹ සැහැල්ලුවෙන් වළාකුළු අතර පාවෙන හැටි. සතුටුයි ඒකට. ස්තූතියි මචං සුභ පැතුම් වලට.
@මකරා!
තැන්කූ මකරෝ . .
@හිස් අහස-සඳරූ!
දිරිගැන්වීමට සහ සුභ පැතුම් වලට බොහොම ස්තූතියි මල්ලී . .
@කිඩෝ!
ස්තූතියි මල්ලී
@අරුණි අක්කා!
එන්න එන්න අක්කේ . . . සාදරයෙන් පිලිගන්නවා.
අක්කටත් ස්තූතිය් හොඳේ හැමදාම කරන දිරිගැන්වීමට සහ සුභ පැතුම් වලට.
@මයියා!
ගොඩක් ස්තූතියි මයියා. මමත් මයියා ලියන විදිහට බොහෝම කැමතියි. ඒ අදහස් බැලුවාම මයියගේ හද ගැහෙන රාවයත් මගේ වගේමයි කියලයි මට නම් හිතෙන්නේ. ජය වේවා.
@හසිත මදුශංක!
හරි මළේ ලබන පාර එනකොට නම් අනිවාර්යෙන් උඹට කතා කරලා වදයක් දෙනවා. ස්තූතියි උඹට.
@ප්‍රසන්න-ගෝල්ඩ්ෆිශ්!
තැන්කූ මලේ . . එදා වුරුදු උත්සවේදී උඹ එක්කත් වැඩිය කතා කරන්න බැරි උනා. ඇයි උඹ මාව දන්නේ නෑ කියලා වැඩි කැමැත්තක් පෙන්නුවේ නෑනේ කතා කරන්න. හික්ස්
@ගිම්හානි:
ඔයාට ඒ වාර්තාව තියන්න හම්බවෙන්නෙ නෑ . . . . ඔබ්සර්වරය කලිංම ඒ වාර්තාව තියල තියෙන්නෙ
ඕනයා අයියා
හික්ස් .. එහෙමද එහෙනම්.. ඔබ්සවර් අයියා පිරිමි පක්ෂයෙන්.
මම ස්ත්‍රී පක්ෂයෙන් හරිනේ.
ඒකනෙවේ ඔයගෙ කාඩ් කුඩුකලා දුකා අයියා.
මගෙත් සුබ පැතුම් දුකා!!!,
අවුරුදු දෙකක් පාඨකයන්ට එපා නොවී බ්ලොග් එකක් ලියනව කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. ඒ අසීරු වැඩේ උඹ අපූරුවට කලා මල්ලි,
අප්‍රමාණ සන්තෝෂයි, අප්‍රමාණ සන්තෝෂයි,
@දිනුක හර්ෂණ!
ඔන්න අවිත් කුනු බක්කිය පොඩ්ඩක් ඇවිස්සුවා.
ආයේ නිවාඩු පාඩුවේ එන්නම් මළේ.
ස්තූතියි කිව්ව ඕන් ඔයාටත්.
@නලිනි
බොහෝම ස්තූතියි නලිනි.
ඇත්තෙන්ම මට අවුරුදු දෙකක් බ්ලොග් එක එක දිගට ලියන්න උත්තේජනය සැපයුවේ කොමෙන්ට්ස්. ඒ නිසා අලුතෙන් ලියනන් පටන් ගන්න අය වෙනුවෙන් ඒ අය දිරිමත් කිරීම මගේ යුතුකමක් කියලයි මම හිතන්නේ. ඒ හේතුව නිසා ඒ අය මට කමතියි. ගෞරවය කියන්නේ ඔන්චිල්ලාවක් වගේනේ . . අපි අනුන්ට ගෞරව කලාම අපිට ඉබේ ලැබෙනවා . . හෙ හෙ හේ . . ස්තූතියි ඔබේ දිරි ගැන්වීමටත් සුභ පැතුම් වලටත්
@රවින්ද්‍ර!
අඩෝ තැන්කූ රවී මල්ලී . . .. උඹට පින් ඈ මට අර ඉන්ටර් නෙට් කොනෙක්සන් එක දුන්නට . . .
හරි හරි පැනෝරාමා ගිහින් බෝතලේ ඩිරාහ්ම්ස් 500ට ගන්න ඕන නෑ නේ බන් . . . ගෙදර ම සෙට් වෙමු. හික්ස්
@සුපර්!
තැන්කූ තැන්කූ බුල්ටෝ මල්ලී . . .
@ඕනයා!
තොට ඔහොම වෙලා මදි අර අහිංසක දුමියට මඩ ගැහුවට (හැබැයි එකේ වැඩිය තිබ්බේ අබේපාල මාමට ගහපු මඩ හික්ස්)
@ඩීප්ස්!
තැන්කූ ඩීප්ස් . .
තාම මතකයි දවසක් ඔයා කිව්වා ඔයාගේ මගුල් බ්ලොග් එක හින්දා හරි කරදරේ කැම්පස් එකේ ලැබ් එකට ගිහින් වෙන වැඩක් කරන්න කායක නෑ කියලා . . හික් හික් හික් . . හරි හරි ලබන සැරේ සෙට් වෙමු. අපේ නෝනගේ ගෙවලුත් ඔය පැත්තෙනේ . .
@උපේන්ද්‍ර හර්ෂණ ද සිල්වා!
බොහොම ස්තූතියි හොඳේ.
@JHOTHISHALANKA!
මකරා නම් කොහොමද දන්නේ නෑ මම නම් පරනම එක්කෙනෙක් නෙමෙයි.
මලින්ත, කාලිංග, සුපුන් සුදාරක, බිඟුවා, ඩීප්ස්, චමිත . . . . තව ගොඩක් අය ඉන්නවා මටත් වඩා අවුරුදු දෙකක් විතර කලින් ලියන්න ගත්තු අය.
ස්තූතියි ඔබ තුමාට.
ඔබ තුමාගේ ඊමේල් ලිපියනක් දෙන්නකෝ. මගේ මිතුරෙක් ඉල්ලුවා.
@නිහාල්!
ඒක නම් ඇත්ත නිහාල් අයියා. මට නම් හැමදේටම වඩා ලොකු දේ මම දන්නවයි කියල හිතන ඒවා, මම හරියි කියලා හිතන ඒවා ඒ ගන පෝස්ට් එකක් ලිව්වහම ඒ දිහා වෙනස් වෙනස් කෝන වලින් දකින්න ලැබෙන එකෙන් මට වඩා නිවරදි අදහසක් ගන්න පුලුවන් වෙන එක.
ස්තූතියි ඔබ තුමාටත්.
@ජීව්!
වරෙන් වරෙන් මළේ . . . මූනු පොතට ඇඩ් කොර ගනින්කෝ මෙහේ එන එක ගැන වැඩි විස්තරයක් කතා කර ගන්න.
වයසට යනකම් බ්ලොග් ලියන්න ජීවත් වෙයිද කව්ද දන්නේ බන්z . . හික්ස් . . තැන්කූ ආ උඹටත්
@bckurera!
බොහෝම ස්තූතියි සුභ පැතුම් වලට හොඳේ
@රුචක!
තැන්කූ මල්ලී . . රොජර්ටත් රොෂාන්ටත් එක්කම යි හොඳේ කිව්වේ.
ඊයේ හදිසියෙන් මූණු පොතේ ඇඩ් එක දැකලා ස්කයිප් මැසේජ් ඒකකින් සුභපැතුවත් පෝස්ට් එක කියෙව්වේ දැන්... අනේ ඔබතුමා මම වගේ පුංචි රසිකයෙක්ගෙ නමත් ඒකේ සඳහන් කරලා.බොහෝම ස්තූතියි..තව තවත් රසික ප්‍රසාදය දිනා ගෙන තවත් ලියන්න ධෛර්යය ශක්තිය ලැබේවා දුකා අයියේ....
@ඩෝසන් !
ඒක නම් ඇත්ත ඩෝසා හරියට අද ඊයේ වගේ.
බොහෝම ස්තූතියි උඹේ නිරන්තර දිරිගන්වීමට ඩෝසා.
@WildRose/SnowDrop!
thank you soooo much . . . !
@වැම්පයර් !
ස්තූතියි මළේ.
@ItalyDilan!
කොමෙන්ට් අඩු වුනත් කමක් නෑ කියවනවනම් (ඒත් ඉඳලා හිටලා හරි පැට්‍රෝල් ගහපන් මළේ හික්ස්)
@බුරා!
තැන්කූ තැන්කූ . . වරෙන් වරෙන් සාදරයෙන් පිලිගනන්වා. ලංකාවට යන වෙලාවක ස්ටොප් ඕවර් එකක් දාගෙන වරෙන් සෙට් වෙමු කස්ටියම.
@මකුළු පැංචි!
බොහොම ස්තූතියි සුභ පැතුම් වලට හොඳේ.
@මන්තරකාරි!
හප්පේ අදමයි මේ නම දැක්කේ.
කොහොමින් අරි කමක් නෑ තැන්කූ වේවා.
අපෙන් සුභ පැතුම් අයියේ
@Chandi !
ගොඩක් ස්තූත්යි අක්කේ සුභ පැතුමට.
ඇත්ත අපිට මේ බ්ලොග් හරහා මහා ලොකු දෙයක් නැතත් පොඩි හරි සේවයක් කරන්න පුලුවන් කියන එකයි මගේත් හැඟීම.
මෙහේ ඩුබායි වල සමාජසේවා වැඩ වලට ගොඩක් මූලික වෙලා කරන්න නම් වෙලාවක් හොයාගන්න අමාරුයි රැකියාවේ හැටිත් එක්ක. ඒත් පුලුවන් උපරිමයෙන් නිහඬ සේවයක් කරන්න උත්සාහ ගන්නවා අක්කේ.
@ගිම්හානි!
අයියෝ ඕනයා කිව්වනේ ඔබා මාමා ඒ රෙකෝඩ් එක තියලා කියලා. ඒක නිසා ඔයාත් බ්ලොග් එකක් පටන් ගන්න එහෙනම් ඉතිං දැන්.
අයියෝ ඕනයගේ කාඩ් කුඩුකලා නෙමේ ඌව මස්සිනා කරගන්න බැරි උනාට දුකට කියපු කතා ඒ . . .
@නුවන්!
ස්තූතියි නුවන්. ලබන සැරේ නිවාඩු ආවහම නම් උඹ හම්බුවෙන්න කොහොම හරි එන්න ඕන තාත්තත් එක්කම. ගෙවතු වගා ගැන උඹේ උපදෙස් ගන්න.
ජය
@රවී!
බොහොම ස්තූතියි රවී අයියා දිරි ගැන්වීම සහ සුභ පැතුම් වලට.
@කුෂාන්!
ස්තූත්යි මල්ලී . . ඒක නෙමේ ඩුබායි එන වැඩේ මොකෝ වුනේ?
@යොහාන් කණිෂ්ක !
බොහොම ස්තූතියො යොහාන් මල්ලී. . .එදා අවුරුදු උත්සවේදී අයියත් එක්ක කතා කලා උනාට උඹ එක්ක කතා කරන්න බැරි උනා බන්. ලබන පාර බලමු.
ඔන්න දුකා අයිය පෝස්ට් එක කියවන්න උනේ නෑ... මේකට ලොකු කමෙන්ට් එකක දාන්නත් තියනව.. දැන් කලාස් යන්න හදන්න ...
ඔන්න සුබපැතුම් සහ ස්තූතියි මෙච්චර කල් කොලිටි එක අඩුනොකර ලිව්වට... ජයවේවා අපෙ අයියා!!!!
කලාස් යන්න පරක්කුයි..ඔන්න මම ගියෝ :D
දුකා...
බුදු මචෝ එහෙමනම් හිතන්න එපා..... හොඳ යාලුවෙක් වැඩිවෙනව තරම් blessing එකක් මිනිහෙකුට තියනවද... ඉන්න දිහා කියන්න කරුනු නොයෙදුන නිසයි ඒ ගැන හිතුවෙ නැත්තෙ...මම ඉන්නෙ Deira වල...
බ්ලොග් වලින් දැකලම "අපේ කට්ටිය" ට බැඳෙන්න ලොකු ආසවක් තියෙනව... ඒකට බලන සුදුසුකම් මොනවද...
මචෝ උඹේ යාලුව බුද්ධි, RAK Bank එකේ වැඩකරපු 326 න් ඉවරවෙන phone number එකක් තියෙන බුද්ධි වත් ද ?
@සපතේරු උන්නැහේ!
ඔව් ඔව් ඒ බුද්ධි තමයි
මගේ නොම්මරේ 050-4514671.
කෝල් එකක් දීපන්.
සුබපැතුම්.. ලේසි වැඩක් නෙමෙයි අවුරුදු දෙකක් ලියනවා කියන්නේ..
මගෙනුත් සුභ පැතුම්..!!
[හප්පේ, තාම මාව මුණගැහිලත් නැතිව මං උඹට වද දෙන තරමක් අයියේ :D]
@සහෝදරයා-රන්දික මළයා!
හරි හරි ක්ලාස් ගිහින් ඇවිත් කියපන්කෝ එහෙනෙම්
@කනියා!
ඒක නම් ඇත්ත තමයි, උඹත් මටත් කලින් ඉඳන් ලියන හින්දා දන්නවානේද රඟේ.
අහ් ඔයාගේ ලිපි සීයට සුභ පතන්න බැරි උනා. ජය වේවා
@අසංකා!
අනේ අම්මේ ඒක නම් ඇත්ත බන් . . මුනගැහෙන්නත් කලින් ඉඳන් මෙහෙම නම් මුනගැහුනට පස්සේ වත්තේ හතරකොනේ කොඩිවිනයක් වලල ගත්ත වගේ තියෙයිද දන්නේ නේ . . හික් හික් විහිලුවක් හොඳේ
දුකාට ජයවේවා. සුබ උපන්දිනයකුත් වේවා.
JH
සුභ පැතුම් ලොකු අයියේ.., බ්ලොග් ලියනන් එකෙන් උඹසමාජයටදෙයක් දුන්න විතරක් නෙවී.., අපිට පරිපූර්ණ මිනිහෙක් ව අඳුණ ගන්න වාසනාව ලැබුණා..!! මිනිස්සු සමහර වෙලාවට ජීවිතේ ගැන හූල්ලනවා.., ඒත් උඹ? ගැටපද නැතිව මිනිස්සුන්ට ජීවිතේ කියවන්න ඉගැන්නුවා..!!
සුභ පැතුම් අයියේ.., තව තවත් ලියන්න ඔය අත්දෙකට බුදු සරණයි..!!
මගේ ඊමේල් ලිපිනය ඔබේ ඊමේල් එකට එව්වා.
@JHOTHISHALANKA!
අප්පච්චියේ මගේ කොයි ඊමේල් එකටෙයි එව්වෙ?
එක ඊමේල් එකක් තියෙනවා ඒකේ රහස් අංකය මතක නැති නිසා අවුරුදු එකහාමාරකින් ඕපන් කරලා නැති . .
අනේ මහත්තයෝ subhashag@gmail.com එකට එවන්න තරහ නැතුව
@ JHOTHISHALANKA , දුකා
මමත් වැඩිය පරණ නෑ. මේ යන්නෙ මගේ 3 වෙනි අවුරුද්ද ( 2008 September සිට), දුකා කියපු අයගෙන් මලින්ත, කාලිංග, සුපුන් සුදාරක එහෙම මම එනකොටත් හිටියා, තව මලී නඟා, දසුන් සමීර එහෙමත් එතකොටත් හිටියා.
http://status-chanaka.blogspot.com/2008/11/cute-twins.html
මේ තියෙන්නෙ සිංහල බ්ලොග් කියවනයේ ගිය මගේ පළවෙනි ලිපිය . ඒකට කොමෙන්ට් කරල තියෙන අයව බලන්නකො
මම තවම චූටි මකරෙක් !!! :D
බ්ලොග් අවකාශයේ සහ දුකායියාගේ ජීවිතේ ගෑවුනු නොගෑවුනු සියළුම දෙනාගේ නම් ගම් අඩංගු බ්ලොග් ලිපියක් වගේ අද ලිපිය.. බොහොම සතුටුයි ආපු ගමන ගැන.. උණුවෙන හිතක් තියෙන පිරිසිදු මනුස්සකමක් තියෙන මනුස්සයෙක් කියලා මේ මුළු සංහතේටම හම්බුනා නම් හම්බුනේ ඒ උඹ තමයි අයියේ.. අපේ ගෙදරට උඹ මුලින්ම ආපු වෙලාවේ අපි කාපු බීපු වෙලාවේ කිසිම පිට මිනිහෙක් කියලා හැඟීමක් දැනුනේ නෑ අයියේ.. උඹේ හොඳ මතක් වෙන කොට මගේ ඇහැට කඳුලු උනන්න තරම් උඹ හොඳයි අයියේ.. උඹට ජයෙන් ජය..
දුකා බ්ලොග් එකට මගෙනුත් සුබ පැතුම්. මටත් බ්ලොග් ලියන්න දුකාගේ බ්ලොග් එක ගොඩක් බලපෑවා. ඒ විතරක් නෙවෙයි මං දුකාගේ බ්ලොග් ලිපි කියවන්න ඉස්සෙල්ලා එළකිරියේ මගේ බ්ලොග් පෝස්ට් එකකට දුකා කමෙන්ටුවක් දාලා තිබුණා. මතක විදිහට ඒක තමා මගේ මුල්ම බ්ලොග් පෝස්ට් එක. ඒ වගේම දුකාගේ කමෙන්ටුව තමා එකම කමෙන්ටුව. ඉතිං මං බැලුවා කවුද මේ දුකා කියලා. මං බ්ලොග් පෝස්ට් එකක් දැම්මට මට බ්ලොග් ලිවිල්ල ගැන කිසිම අවබෝධයක් තිබුණේ නෑ. දුකාගෙන්, දුකාගේ බ්ලොග් එකෙන් මං බොහෝ දේ ඉගෙන ගත්තා.... ඉතිං එහෙම උදව් වුණු බ්ලොග් එකකට අවුරුදු දෙකක් පිරෙද්දි සුබ පතලා විතරක් ඇද්ද කියලත් හිතෙනවා... ඒත් ඉතිං වෙන මක් කොරන්නද නේද?
මගේ හද පතුල බ්ලොග් එක පටං අරගෙන නම් තාම අවුරුදු දෙකක් නෑ. ඔය ලින්ක් එකේ තියෙන්නේ ඒකෙ පළමු පෝස්ට් එක. කොහොමද හම්බු වෙලා තියෙන ප්‍රතිචාර?
දුකා ලංකාවට ආපු වෙලාවේ අහම්බෙන් බස් එකේදී හම්බු වෙලා ලගට ඇවිත් කතා කල එකෙන්ම දුකා කියන්නේ කොහොම පුත්‍රයෙක්ද කියන එක ඔප්පු වුණා....
එහෙනං දුකෝ ජයෙන් ජය වේවා..!
ආ දුර කෙටිය යායුතු දුර කෙතෙක් දැයි නොදනිමු .. එහෙත් ඔබ කෙටි දුරකට එකතු කරගෙන ඇති මිනිසුන් ප්‍රමාණය අති විශාලය.. බොහෝ දුර බොහෝ මිනිසුන් සමග යාමට මගේ සුබ පැතුම් !!
මම කියවපු මුල්ම බ්ලොක් දෙකෙන් එකක් මෙහෙම සාර්ථකව ඉන්නව දැක්කම හරිම සන්තෝසයි, අනික දැන් කාලෙකට කලින් අතුරුදහන් උනානෙ. මම බ්ලොග් ලිව්වෙත් තාම ඉන්නෙත් එතනින් පටන් අරගෙන අඳුරගත්තු තවත් බ්ලොග් ගොඩක් නිසානෙ.
මේ දුර ආව වගේම ඉස්සරහටත් බොහෝම සාර්ථක ගමනක් යන්න ඉඩහසර ලැබේවා !
තව අවුරෑදු බරගානක් අවකාශේ කොටන්න ශක්තිය ලෑබෙන්න කියල පතනවා..
ජය වේවා...
සුබ පතන්න ප්‍රමාද වුණ එකට අහිතක් හිතන්න එහෙම එපා ඕං. අපි දෙන්නටම මේ දවස්වල රාජකාරි අධිකයි. (ඒ වගට ලිශාන් සාක්කි). විශේෂයෙන් ලිව්වෙ නැතත් අපේ මිත්‍රයාට බොක්කෙන්ම සුබ පතන බව අමුතුවෙන් කියන්න උවමනා නැහැනෙ?
එහෙනම් සෝඩා බෝතල් තියරියට සමු දීලා, දීර්ග ගමනක් යන්න ආසිරි!
වෙලාවක් ලැබිච්ච හැටියේ ආවේ සුභ පතලා යන්න.තව චිරාත් කාලයක් බ්ලොග් ලියන්න හැකිවේවා.!
@උදාර!
බොහොම ස්තූතියි බන් මළේ වරුනාවට . . .
ඇත්ත අපි සමහර දෙනෙක් සයිබර් මිතුරන් නොව කාලයක් එකට දැන අඳුනන් හිටපු වගේ එකතු වුනා.
ඒ අපි එකා එකාගේ බ්ලොග් හරහා උන් අඳුනන් හිටි හින්ඳා . .
තැන්කූ මලේ . .
@චතුර!
අපේ සයිබර් මිතුරු කමට මේ තරම් අතීතයක් තියෙන බවක් දැනං හිටියේ නෑ මචන් . . .
මූනු පොතේ තිබුනු උඹේ පින්තූරෙත් එදා බස් එකේදි දැක්ක හැබෑ උඹේත් වෙනසක් තිබ්බත් උඹව මම කලින් ඉඳන් දන්නවා වගේ මට හිතුනාත් එක්ක.
ඒකයි බය නැතුව ලඟට ඇවිත් කතා කලේ.
ස්තූතියි මචෝ උබටත් සුභ පැතුම් වලට. . .
@සරත්!
බොහෝම ස්තූතියි සරත් . . .
ඇත්තෙන්ම මේ බ්ලොග් අවකාෂය නිසා බොහෝ සුන්දර මිනිසුන් රාසියක් දැන හඳුනා ගන්න ලැබුනා.
ඒකට මම මගේ බ්ලොග් එකටත් අනිත් හැමදේටමත් (උදව් කරපු අයට, ගූගල් එකට වර්ඩ්ප්‍රෙස් එකට ෆේස්බුක් එකට බ්ලා බ්ලා බ්ලා මේ හැමදේටම ණයගැතියි)
@නවම්!
ඒ අනිත් බ්ලොග් එක සයිබර් අවකාශෙන් ඉවත් කරපු එක ගැන නම් තියෙන්නේ කියල නිම කරන්න බැරි දුකක්, තරහක්.
ස්තූතියි නවම් මළේ උඹේ සුභ පැතුම් වලට.
@කිරි!
බොහෝම ස්තූතියි කිරී. . ජය
@සචී!
ලිෂ් ගෙන් කේලම් අහන්න ඕන නෑ.
අනිවා ඩෙෆා . . මම දන්නවා දන්නවා අයියෝ . . .
සෝඩා බෝතල් වැඩේ දිගටම කරගෙන යන්න ඕන උනත් අනිත් අය කරන්න ඉඩ දෙන්නෙත් නෑ වගේ.
කෝස් එකක් කරන්න හිතන් ඉන්නවා
අපේ ගෙදර උන්දැත් කිව්වේ අනිත් ඒවා වගේ බෑ මේක හරිද කියලා . . . තග දාලා කියන්නේ . . හික්ස්
@පාල
බොහෝම ස්තූතියි පාල මල්ලී. . .
සුබ පැතුම් අය්යේ...........කොමෙන්ටු නොදැම්මත් බොහෝ කාලයක සිටන් ඔබගේ බ්ලොග් එක කියවන රසිකවියක් මමත්...
දිගු ගමනකට ආසිරි
@පැබ්ස් !
බොහෝම ස්තූතියි පැබ්ස් . . .
ඉඳලා හිටලා මෙහෙම වත් දාන එක මදෑ අප්පේ
පරක්ක්ද මන්දා... සුභ පැතුම් දුකා...
එක අවුරුද්දෙම ඉපදිලා එක මාසෙම බ්ලොග් ලියන්න පටන් අරන්...
අතීතාවර්ජනා.......
ඒත් මට වඩා සෑහෙන සෑහෙන දුරක ගිය ඔයාට ඉදිරි කටයුතුත් සාර්ථකව කරගෙන යන්නට සුභපැතුම් මගෙන්....
සුභ උපන්දිනක්!
මේ....... ජයශ්‍රී ව එහෙම මුණගැහෙන්න කැමතිනැද්ද?
දැනට නම් ලංකාවේදී බෑ.හැබැයි තව ටික දවසකට පස්සේ නම් පුලුවන්.
මගෙනුත් සුබ පැතුම්...
එදා අවුරුදු උත්සවේට ආපු වෙලාවෙ මම තනෝජා අක්කට කියුවා අන්න දුකා අයියා ඇවිත් කියල.. ඒ වෙලාවෙ එයා කිවුවා අපිත් එක්ක කතා කරන එකක් නෑ , කට්ටිය වට කරගෙන ඉන්න නිසා කරදර කරන්න යන්නත් බෑ කියල. ඒ උනත් දැකපු ගමන් ආ ගීතික මල්ලි කියල කතා කලාම මට හිතුනෙ කොහොමද මේ තරම් නම් මතක තියාගෙන ඉන්නෙ කියලා....
ඉදිරියටත් හොද හොද දේවල් ලියන්න ශක්තිය ලැබේවා....
ටිකක් පහුවුණත් , චිරාත් කාලයක් වැජඹෙන්න ඔබට එක හිතින්ම සුභ පතනවා . . .
@තනෝජා!
ගොඩක් ස්තූතියි තනෝජා සුභ පැතුම් වලට.
බ්ලොග් හරහා හොඳින් කතාබහ කලත් ඔබ තුමී හැබැයි එදා අවුරුදු උත්සවේදී නම් වැඩිය කතා කරේ නෑ
@ජයශ්‍රී!
මොකෝ අකමැති. . කැමතියි කැමතියි . . හැබැයි ඔයාට ඩුබායි එන්න වෙනවා. හික්ස් මම ඉන්නේ ඩුබායි.
ගොඩක් ස්තූතියි සුභ පැතුම් වලට.
@ගීතික!
තනෝජට පිස්සු මල්ලී . . එයා තමයි වැඩිය කතාකරන්න කැමති නෑ වගේ හිටියේ ලොකු කමට. අනේ බන් මම නම් මොකට ලොකු පාර්ට් දාන්නද . . . අහ් නම් ගම් ඉතිං දැන් අවුරුදු දෙකක් තිස්සේ ඉන්න අයගේ නම් ඉතිං මතක තියෙනව බන් . .
තැන්කූ වේවා සුභ පැතුම් වලට.
@සුශාන් ප්‍රියනාත් රත්නායක
ඔයාටත් ගොඩක් ස්තූතියි සුශාන්. ජය
නියමයි දුකා අයියේ....
මිනිහෙකුගේ හදවතට දැනෙන්න ලියන්න කොහොමද කියලා දැනගෙන ලියන මනුස්සයෙක් තමා දුකා අයියා..
අයියගෙ වචන වලින් ගොඩක් දේවල් වෙනස් කරන්න පුලුවන්..
ඉතින්...
තාම දෙකයි....
අපි ඉස්සරහට වෙනස් කරමු,,,
දිගටම වෙනස් කරමු...
ජය වේවා!!!!
සමා වෙන්න ඕන ප්රක්කුවෙලා කමෙන්ට් කරාට...
මම මේක දැක්කේ රොයිලි අයිය ටුවිට් එකක් දැම්මම..
කලබලේ දුවගෙන ඇවිල්ලා කමෙන්ට් එකක් දැම්මට මොකද දවස බැලුවේ නෑ..
පස්සේ බලනකොට මේ ගිය මාසේ නේ සමරලා තියෙන්නේ...
හමුදා කදවුරක් අස්සේ ගිය මාසේ ගෙව්න නිසා මට මේක මිස් වෙලා...කමක් නෑ පහු වෙලා හරි සුබ පැතුව නේ...
අයියට ජය!!!
Post a Comment
සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..