
ජීවිතයේ සිදුවන . . . . . . . . කඩාවැටීම් බිඳවැටීම් ඉඳහිට
ඒකාකාරී දිවියේ රිද්මය . . . සුලුවෙන්වෙනස් කෙරුමට
සිදුවන සිදුවීම් යැයි . . . . . . විඳගත හැකි නමුත් මට
මගේ දුකට හඬනා ඔබ ගැන . . කියන්නට වචන නැත මට
මා නුහුලන මහාමේරුව . . . . හිසමත තබාගත් ඔබට
දියයුතු නොවේද ඉසුඹුවක් . . . . . . එය බිමින් තැබුමට
ඉදින් ඔන්න අදින් පසු . . . . සිනාසෙමු පෙරසේ එකට
දුකා අනිද්දායින් පසු . . . . යයි අලුත් කොම්පැනියක වැඩට
සිදුහත්ට අබිනික්මන් කෙරුමට
මඟ පහසු කල යසෝදරා මෙන්
සියළු දුක් වේදනාවන්
සිනා මුවින් විඳගත් ප්‍රියාවිය
සියල්ල වෙන්නේ හොඳටයි කියා
නිබඳ සිතට දිරි දුන් දයාවිය
සැපදුක සමසේ බෙදාගන්නා
ඔබ මට සදා වාසනාවන් . . !
මටවත් නැති උවමනාවෙන්
සතර අතට ඉල්ලුම්පත් යවමින්
දන්නා නොදන්නා හැමතැන් සොයමින්
නිබඳ රැකියා සොය වෙහෙසුනු
උදේ හවා සැපදුක් සොයා
හිත තැවූ දුක් නිවූ
නෑසියන් මාපියන් සොයුරියන්
දයාබර මිතුරු මිතුරියන්
ඉදින් මොටද මට
රන් මිණි මුතු දියමන්තිද
ඔබලාගේ ආදරය සෙනෙහස
සමකල හැකිද ඒ කිසිවකට?
ප්‍රේමනීය බිරිඳක් පුතෙක් මාපියන්
නෑසියන් සොයුරියන්
සෙනේබර මිතුරු මිතුරියන්
මේ හැර වෙන කිසිවක්
ඇවැසිද ජීවිතයට
ජීවිතය සතුටින් තැබුමට
මේ හැම නොඅඩුව හිමි මා
සැබෑ වාසානාවන්තයෙක් නොවේද?
ආයතයේ ව්‍යාපෘති සියල්ල පාහේ ආයෝජකයින් කල්දමා ඇති නිසාවෙන් අස්ථීර ආර්ථික තත්වයන් උඩ සේවකයින් කප්පාදු කිරීම හැර වෙන විකල්පයක් නොවූ නිසාවෙන් ආයතයෙන් ඉවත්කරනු ලැබූ කීප දෙනා අතර මාද සිටියෙමි.
ඒ සිදුවීම අප විසින් පසුවට කල්දැමූ සියලුදේ තවත් කල් නොදමා පටන් ගැනීම සඳහා ලබාදුන් වරමකැයි අප සිතූ නමුත්,
ඒ සිදුවීම අපගේ හිතවතුන්ගේ හිස් මත තැබූ මහා බරක් බව ඔවුන් සියලු දෙනා මට වෙනත් රැකියාවක් සොයාදීමටත් අපට නන් අයුරින් උදව් කිරීමට ඉදිරිපත් වීමෙනුත්, උදේහවා දුක සැප සොයා බලා සිතට දුකක් නොදැනෙන්නටත් හිතේ දුකක් ඇත්නම් එය නැත්කරන්නටත් වචනයකින් හෝ දිරිදී කටයුතු කිරීමෙනුත් මට දැනුණි.
ඒ ඔවුන්ගේ මා කෙරෙහි, අප කෙරෙහි ඇති ආදරය සෙනෙහස නිසාවෙනි.
ඉන් ඔබ ඒ ඔවුන්ගේ මානුෂිකත්වයයි.
මේ සටහන ඔවුන් සියලු දෙනාගේ ඒ මානුශිකත්වයට උපහාරයක් වේවා . . !
ප.ලි.
වසර 8ක 9ක කාලයක් තිස්සේ ළබැඳි මිතුරෙක් වූ ඉන්දියානු ජාතික මිතුරා සමඟ ඊයේ රාත්‍රී පැවති කෙටි සම්මුඛ සාකච්චාවකින් පසු ඔහුගේ ආයතන තුනේම එකවර ප්‍රමාන සමීක්ෂක සහ නිමානක (Quantity Surveyor and Estimator) ලෙස රාජකාරී කිරීමට බඳවා ගන්නා බව දැනුම් දී මේ සතියේ බ්‍රහස්පතින්දා සිට රැකියාව ආරම්භ කරන්න මෙන් ඉල්ලා සිටියෙන් දින දහයක් පමන වූ විරැකියා ප්රශ්නය නිමාවූ බව ඔබ සැමට දැනුම් දෙන්නේ සතුටිනි.
Pic taken form : http://www.flickr.com/photos/quepasakoolj18/3065192298/



48 යි අදහස්:
සුභ පැතුම් දුකායියේ..
ජීවිතේ කියන්නේ ඕක තමා නේදෑ.. දුක-සැප, සතුට-අසතුට, ඒවා මේවා කොයි වෙලාවේ එනවද අපි දන්නේ නෑ නේ...
දැං ආයෙත් හිතේ ගින්දර නැතුව නිදා ගන්න පුළුවන් නේ..
ජය වේවා..!!
සත්තකින් ම!!! 'සියල්ල සිදුවන්නේ යහපතට' යි...!!!! සුබ පැතුම්..!!!!!
සුභ පැතුම් අයියේ.....!!!!!
සුබ පැතුම් සහෘදයා!
මගෙනුත් සුබ පැතුම් !!!!!!!!
සුභ පැතුම් Duka අයියේ...
ඕක තමා කියන්නේ හිත හොඳනම් වරදින්නේ නෑ කියලා....
මම හිතන්නේ අයියාට මාව මතක ඇති ....
කසුන් මල්ලී . .
මතකයි බන් එදා අවුරුදු උත්සවේදි අර හෙන ඉට්ටැයිල් ටොප්පියක් දාගෙන හිටියේ . .
නව රෑකියාවට මගෙනුත් සුබ පැතුම්
අනේ.... වාසනාවන්..... සුභාෂ්....
සුබ පැතුම් දුකා .........!
උඹට වරදින්නේ නෑ අයියේ.., සුභ පැතුම්..!! ජය වේවා..!!! :))
සුබ පැතුම් අයියේ.... සියලු වැඩකටයුතු සාර්ථක වේවා !!!
උදේම අහන්න සතුටුදායකම ආරංචියක්.... කොච්චර හොදයිද? මගෙන් උණුසුම් සුභ පැතුම්! හරිම සතුටුයි!
සිතු දේ නොමවෙනා නොසිතූ දෙයම වෙන
එසැනදි තවත් හොද දෙයකට දොර හැරෙන
කිසිවිට සිදුවූ දේවල් ගැන දුක් නොවෙන
සතුටුයි "දුකා" ආයෙත් හිනැහෙන බැවින....
All the Best...
මගෙනුත් සුබ පැතුම් මචං. රැකියා විරහිත තත්වයේ සිටින කොට පත්වෙන තත්වය ගැන මටත් අත්දැකීම් තියෙනවා...
මම නම් කලින්ම දැනගෙන හිටියා දුකා අයියට රස්සාව නැතිවෙනවට වඩා ඉක්මනට අළුත් එකක් ලැබෙනවා කියල.
උනුසුම් සුභ පැතුම් මගෙනුත් අයියේ..!!!
සුභපැතුම් අයියේ..
දුකා අයියාගේ අලුත් රැකියාවට මගෙං සුභ පැතුම් . . . .
අඩේ අප්පා..... උණුසුම් සුභපැතුම් දුකා අයියේ... හිත හොඳ මනුස්සයා කොහේ උන්නත් ගොඩ. අළුත් රැකියාව සාර්ථකව කරගෙන යන්න ලැබේවා !
සුභ පැතුම් මචං! කෝල් එකක් දාපං අලුත් නම්බර් දැනගන්නත් එක්ක.
පැමිණි දුක් පැනි රසයි යැයි ලොවට ගඬ නගා
ජීවිතය සරදමින් කරන කැනහෙලිකම් දරා
දුක්ඛ දොම්නස්නයන් නිතර සිනහවකින් වසා
සිටි මිතුරු තොමෝ නුඹ, මට වාසනාවන් සදා
ජීවිතේ දුක තමයි කිය කියා අඬාගෙන....
අනේ අපිට කෙළවුනා පවසමින් මුළු ගැහෙන...
කම්මැලියො ඉන්න ලොව රජ වුනා නොවෙද නුඹ....
අශ්ඨ ලොව දහමටයි මුහුණ දිය යුත්තෙ අප...
සුභ පැතුම් දුකා අයියේ....
ප.ලි. මිනිහෙක්ට හරි යද්දි මිනිහෙක්ට කෙළවෙනවා අයියේ... දැන් බලපන් අර ඉන්දියන් කාරයාට වෙන දේ...
Cool.
This is great.
All the best Dukaa.
මගෙනුත් සුබ පැතුම්
සුබ පැතුම් අයියේ...
සුබ පැතුම් දුකා අයියේ ...රැකියා විරහිත වීම මම දකින්න අකමැතිම බියකරු හීනවලින් එකක් .මමත් ලඟදීම ඔයාගේ රැකියා විරහිත අත්දැකීම විඳගනීවි ... ඔයාටනම් ඉන්දියන් ෆ්‍රෙඩාලා හරි හිටියා මට තමයි පත්තු වෙන්නේ !
ධර්මය රකින්නා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා කියනවනේ බං... (ඔය ධර්මය කියන එකට ඕන එකක් දාගනිං)
ඔබට නැවත ජොබක් සෙට් වීම අපට මහත් වූ ප්‍රීතියකි.ජයවේවා!!
ඉවසීම! අන්තිමේ හම්බ වුණානේ..... :D
දුකෝ උඹට බොක්කෙන්ම සුබ පතනවා. හැබැයි අර උඹටම කියලා පටන් ගන්න හිටි වැඩේ අතැරලා දාන්න එපා ඕක නිසා.
ජය වේවා.
ඉතින් එසේනම් සබඳ අපි සව්දිය පුරමු!
(මේ ...මේ සව්දිය කිව්වෙ ,සව් ..සව්..වලට වතුර දාලා සීනි දාලා රත් කරල බොන බීම හරිද මචං.)
සුබ පැතුම් අයියේ... බුදු සරණයි!
සුභ පැතුම් අයියේ.....
සුභ පැතුම් අයියේ.........
අයියලා වගේ අයට කවදාවත් වරදින්නැහැ.......
ජය වේවා ජය වේවා.. :D :D :D
ජොබක් හරි ගියා කියලා තියා... ජොබට කෙල වෙන්න ගියා කියලාවත් මම නම් දන්නෑ... හතුරෙකුටවත් කොර කොර හිටපු රස්සාවනම් නැතිවෙන්න එපා කියලා තමා මං පතන්නේ. මොකෑ... මම (සහ අපි, ෆා සහ පැංචි ඇතුළුව) යසට ඒ ආතල් එක විඳලා තියේ...
උඹට සුභ පැතුම් දුකය්යේ.... ජය...
සුබ පැතුම්! ජය වේවා!
මම ටිකක් ප්‍රමාදයි වගේ. මගෙනුත් සුභ පැතුම් දුකා අයියේ.
ජ්යෙන් ජයම වේවා...!!!
හැමදෙනාටම
බොහෝම ස්තූතියි ඔබලාගේ සුභ පැතුම් වලට . . . !
ඔබ මා සමහර අය වැඩි දෙනෙක් සැබෑවටම මුන ගැසී නැතත් සයිබර් අවකාශය හරහා ගොඩ නැඟුනු මේ හිතවත්කම, සහෝදරකම මට නම් මහා ලොකු දෙයක්.
දුකේදී මෙන්ම සැපේදීත් ලඟින් ඉන්නා ඔබ සියලු දෙනාට යලිත් වරක් ස්තූතියි . . .
සුබ පැතුම් දුකා අයියේ............ ඔබට ජයෙන් ජය !!!
godak sathutui aiye..hama damath oya wage sathutin inna labenna kiyala prarthana karanawa....
උණුසුම් සුභපැතුම් අයියේ! මමනං ඇත්තටම මේ කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑ
සුබ පැතුම් දුකා!!!,
ඕකනෙ කියන්න මල්ලි, බය වෙන්න දෙයක් නැහැ, දෙයියො කියන ජාතිය ලෝකෙ හිඟ උනාට නැත්තෙමත් නැහැ,
ඔන්න මාත් සුබ පැතුවා!
නැති වෙන දේවල් නැති වෙන්නේ ඒවා නැති වෙන්න ඕනි නිසා විතරක් ම නෙවෙයි. ඒ වෙනුවට තවත් බොහෝ දේ ඇති වෙන්න තියෙන නිසා. හිත හොඳ අයට වරදින්න විදිහක් නෑ නේ මචං. අලුත් රස්සාව කවරදාටත් වඩා හොඳින් කරන්න ලැබේවා!
වැඩක් නෑ දුකෝ ඒ ගැන කතා කරලා...... ඔබ් දවස් දහයයි, මම මාස 10 ටත් වැඩියි... හිතාගන්න පුලුවන් නේද කට්ට..... කවිය බැලුවම නෙතට කදුළු එන එක නවත්වගන්න අමාරුයි...... ඇත්තයි
ජීවිතේ මම මමම විදිහට දකින්න පුලුවන් බොහොම ටික දෙනෙකුටයි. දුක සැප ලාබ අලාබ යස අයස නින්දා ප්‍රසංසා කියන අට ලෝ දහමට නොසැලී ඉන්න පුලුවන් බොහොම අල්පයකටයි මල්ලියේ. නිතරම මේ සටහන් කියවන්න ආවත් වචනයක් ලියන්න බැරි උනා. ඔබට ජයම පතනවා.
mama hamadama oyage blog eka kiyawanwa...
its very interesting,,,,,
ආයේ පාරක් හැමදෙනාටම ස්තූතියි කිව්වා ඕන් . . . .
ඔයාලා ඔක්කෝමත් එක්ක මෙහෙම එකට ඉන්න එකත් ලොකු වාසනවක් නෙමේද හැබෑට ?
Post a Comment
සිංහලෙන් අදහස් දක්වන්න අවැසි නම්
මෙතනට යන්න..