අපි දැන් දවස් ගානක ඉඳන් අන්තර්ජාලය හරහා දෙරණ ලිටිල් ස්ටාර් තරඟය බලනවා . . . මගේ පොඩි එකා හෙවත් සොඳුරු ත්රස්තවාදියා ත් එම වැඩසටහනට හරිම කැමතියි . . සමහර වෙලාවට අපිට වෙන දෙයක් බලන්න දෙන්නෙත් නෑ එයාට මේ ලිටිල් ස්ටාර් දාලා දෙන්න කියලා කරදර කරනවා. . . .
ඒ වැඩසටහනට මමත් හරිම කැමතියි. ඉස්සර අපේ කාලේ වේදිකාව හිමිවෙලා තිබුනේ වරප්රසාදලත් කන්ඩායමකට විතරක්දෝ කියලා හිතෙන වෙලාවල් තියෙනවා වුනත් එහෙම නැති නියම දක්ෂයෝ උත්සාහයෙන් වැඩිහිටි අයගේ මගපෙන්වීමෙන් කරලිය ජයග්‍රහනය කරපු අවස්ථාත් ඕන තරම් අහන්න ලැබිලා තියෙන නිසා කරලිය වරරප්රසාද ලත් අයට විතරක් කියන්න හිත නැමෙන්නේ නෑ වගේ. . . කෙසේ නමුත් මේ කරලිය හා වරප්‍රසාද සංවාදය අලළා සුනිල් එදිරිසිංහ මහතා ගායනා කරපු අපූරු ගීතයකුත් තිබෙනවා ගොඩක් අය අහලා ඇති . .
තිරය ඇරෙනවා තිරය වැහෙනවා
තිරය ඇරෙනවා තිරය වැහෙනවා
ඔල්වරසන් හඬ පැතිරෙනවා
සඳළුතලෙන් බැස මානවිකාවන්
තාලෙට ඉඟ සුඟ නටවනවා . . .
. . .
කලගෙඩි නැටුමට කළගෙඩි සොලවති
නළ වතුරෙන් සැන්හෙන දරුවෝ
ගොයම් නැටුමකට දෑකැති ලෙළවති
කුඹුරක් ඇස නොගැටුන දරුවෝ . .
. . .
දෙපා සැලෙන මුත් බෙර කවි තාලෙට
කරලිය හිමි නැති අපේ ළමයි
හේනට කුඹුරට ගත සවි දියකොට
කරලිය අභියස බලා හිඳියි . . .
මේ ලිටිල් ස්ටාර් තරඟ වලට එන පුංචි දරු දැරියන් වැඩිහිටි ප්‍රවීනයන් විසින් ගායනා කරපු උසස් ගීත වගේම සමහර ගායකයෝ / ගායිකාවෝ කියා හඳුන්වාගන්නා අය ගායනා කර එෆ් එම් නාලිකා මඟින් බලෙන් අපිට අස්සවන්න සලස්වන හරසුන් බොල් ගීතත් ගායනා කරනු අහන්න දකින්න පුලුවන්.
ජීවන වියදම අහස උසට නැගලා තියෙන අද කාලේ ඉස්සර අපිට ළමා ගීත, ජනකතා ජන ගී උගන්වපු ආච්චිලා සීයලා බොහෝ දෙනෙක් අද කාලේ නඩත්තුව අපහසු නිසා වැඩිහිටි නිවාස වල දිවි ගෙවන නිසාවෙන් මේ ළමා ගීත අප අතරින් නැත්තටම නැති වෙලා යාදෝ කියා මටනම් බොහෝ සාංකාවක් තියෙනවා.
ඉතිං අපි පුංචි කාලේ රෝඩියෝවේ නිතර අහන්න ලැබුනු ගීත ටිකක් ගැන ලිපියක් ලියා තැබිය යූයි කියා මා සිතුවා.
මේ ගීත වලට මගේ පොඩි එකාත් හරිම කැමතියි. අපි නිවාඩු ගිහින් එන විටෙක මේ ගීත අඩංගු තැටි කීපයක් ගෙනාවායින් පොඩි එකාට මේ ගීත රසවිඳින්න අවස්ථාව උදා කරලා දෙන්න අපිට හැකි වුනා. අපේ "කට කහන කතා" ලියන දුමීගේ දරුවන්ටත් අම්මා තාත්තා දෙපොලම සංගීතඥයෝ නිසාවෙන් මේ ගීත උගන්වලා තියෙනවා දුටුවිට නම් මට ඇතිවුනේ පුදුම සතුටක් . . .
. . . . . . . ..
මහළු නිවාසයේ ඉන්න සීයා අමල්බිසෝ කතන්දරේ මුනුබුරු, මිනිබිරියන්ට කියා දෙන්නේ කෙසේද . . .???
ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා දොර වහනවා . . //
හුනු කිල්ලෝටයක් අරගෙන සීයා බුලත් විට හපනවා . . .
අනේ සීයේ අමල් බිසෝ කතන්දරේ කියන්නකෝ . . . . //
. . . . .
සෝමා ජයකොඩි මහත්මිය ලියපු රන්ගිර නවකතා පොතේ මම කියෙව්වා සාමාන්‍යපෙළ අසමත් වුනු නිමල්කා, මහසෙන් අයියාගෙන් උදවු ඉල්ලනවා ජපන් ආධාර අරගෙන පෙර පාසලක් අරඹන්න . . . උසස්පෙල උගන්වන ගුරුවරුන්ටත් වඩා මනෝ විද්‍යාව, ළමා මනස, අධ්‍යාපන මනෝ විද්‍යාව, ආදිය ගැන උගත්කමක් ඇති අයවලුන් විසින් සිදුකල යුතු කුඩා අයට ඉගැන්වීම සාමාන්‍යපෙළ අසමත් අයවලුන් විසින් සිදුකිරීම ඛේදවාචකයක් ලෙස කතුවරිය හුවා දක්වා තිබුනා . . . ඒ කෙසේ නමුත් දක්ෂ ආදරණීය පෙරපාසැල් ගුරුතුමිය අද දවසේ පවා ඔබේ සිතේ කොනක ජීවත්වනවා නොවේද . . ?
ඇය කොන්ඩේ දිගට දාලා හැම උදේම එනවා
පාට පාට මල් වැටිච්ච සාරි අඳිනවා
පොත් මිටියයි කුඩෙයි අතේ නෑ වරදින්නේ
එයාට අපි ටීචර් කියලයි අමතනනේ . . .
අපේ පංතියේ ළමයි එක්ක ඈ හරි යාළුයි
ඈ පාසල් නාව දාට පන්තිය පාළුයි
ගමරාළගේ කතාවටයි අපි හරි ආසා
කවදාවත් නෑ පන්තියේ කරනෙන ගෝසා . .
. . ..
සිනා ගෙනෙන කතා තමයි ඈ පවසන්නේ
ආදරයෙන් සැමදා අප හට සලකන්නේ
ඈ අසලම ගැවසෙන්නට අපි හරි ආසයි
මේ පන්තිය දමා යන්න අපි ලෝබයි . .
මේ ගීතයේ පදරචනය සහ සංගීතය අසහාය සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ. අවාසනාවට මේ ගීතයේ ලින්ක් එකක් සොයා ගන්න අපහසු වුනා . . කාට හරි පුලුවන් නම් සොයා දෙන්න ලොකු උදව්වක් . .
. . . .
කතන්දර කාරයා එක පාරක් ලියලා තිබුනා "සකල බුජං" ගැන ලිපියක් . . . එකේ අවසානේ ලියලා තිබුනා
තිස් වසකට පෙර දිනයක
අපේ අතින් වුන වරදට
සකලබුජං
අනේ මචං
සමාවෙයං
කියලා . .
මේක ඔහුගේ පුද්ගලික අත්දැකීමක් නෙමේ කවි සිතුවිල්ලක් . ..
මේක කියෙව්වාම මට මතක් වුනේ අපේ ගෙදර හිටපු සකල බුජංලා දෙන්නෙක්ව . . මුන් දෙන්නවම ඉස්කෝලේ කට්ටි පැනල නිකම් ගමේ කරක් ගහ ගහ විනාස වෙන්න ගිය උන්. අපේ තාත්තා කොහේදෝ ඉඳන් මුන් දෙන්න ව දෙපාරකට එක්කගෙන අවහම අම්මගෙයි අපේයි නම් හිත් හොඳ නැති උනා මොකද අමාරුවෙන් පුරවපු කටවල් ගාන ට තවත් කටවල් දෙකක් එකතු වෙන එක ගැන . ..
ඒත් තාත්තාගේ තීරණය අවසාන තීරණය නිසා අපි හැමෝම ඒක භාර ගත්තා. උන් ආවයින් මට වුනු ලේසිය නම් උදේට පාන් ගේන්න කඩේ යන රාජකාරිය අතහැරුනු එකයි සෙල්ලම් කරන්න අපේ කන්ඩායමට තව දෙන්නෙක් එකතු වුනු එකයි තමයි.
අපේ තාත්තා වැඩිකල් නොයවාම මුන් දෙන්නවා ගරාජ් එකකයි හාඩ්වෙයාර් එකකටයි පන්ගාර්තු කලායින් දැන් එකෙක් හොඳ ගරාජ් බාස් කෙනෙක් අනිකා මහරගම ලොකු හාඩ්වෙයාර් එකක ඩ්‍රයිවර් කෙනෙක් . .. මුන් එක්ක රන්ඩු වෙච්චි වෙලාවල් වලදී අම්මයි අක්කයි මුන්ගේ පැත්ත අරගෙන මට ගහපු නිසා ඉතිං මට නම් කවදාවත් අනේ මචං සමාවෙයන් කියන්න ඕන වුනේ නෑ . .
මෙන්න මේ ලින්ක් එකෙන් මේ ගීතය බලන්න පුලුවන් . .
. . .. . . .
අර මම කලින් ලිපියකත් ලිව්ව වගේ (පන හයියම ආච්චී හෙවත් බොරුවට මැරුනු චරිත්ලගේ ආච්චී . . . !)
"බොහෝ කලකට පෙර . . . ආච්චී . . සීයා . . නැතිනම් අත්තම්මා . . ලොකු අත්තා . . යනු අපේ රටේ පවුල නම් සංකල්පයේ මහා පහන් ටැඹ දෙකක් මෙන් වූවා . . . දරුවන්ට ජන කතා . . . ජන ගායානා . . . සුරංගනා කතා . . . වීර කතා . . ඉතිහාස කතා . . බෞද්ධ ජාතක කතා . . ආදී දේවල් වලින් දරුවන්ගේ පුංචිලෝකය විචිත්රාවත් කලේ මේ දෙපලයි . . . !"
අප ලොකු මහත්කල කවා පොවා ඇති දැඩි කල එසේ පහන් ටැඹක් වූ සීදේවී අච්චී අද එදා තරම්ම වටිනා වස්තුවක්ද . .
කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් එන්නේ
උදේම නාගෙන
චීත්තේ ඇඳගෙන
ආච්චී මේ එන්නේ . . .
. . .. . . .
කුරුම්බා ඇට්ටියකයට ඉරටු ගසා සකස් කරගත් මැසිමෙන් ඇඳුම් මැසූ අයට මතකයිද ඒ අතීතය . . . කොස් කොල වලට ඉරටු කෑලි ගසා සකස් කර ගත් ඔටුන්න . . . අත් පටි . . අද මේ සියල්ල අතහැර අපේ දරුවන් කොම්පියුටර් ගේම් . ..
අතීතයේ අප සතුටු වූ ආකාරයටම අපේ දරුවනුත් සතුටු විය යුතුයි කියා අපි සිතිය යුතු නෑ . . මේ ඒ වෙනුවෙන් ටැබූ ලියූ අගනා ලිපියක ලින්ක් එක . .
කුරුම්බැට්ටි මැසිමේ මගේ කුරුම්බැට්ටි මැසිමේ
ගවුම් පොඩිත්තක් මහලා දෙන්නද . .
කමිස පොඩිත්තක් මහලා දෙන්නද . . ?










